මාලිගාවත්ත ප්‍රදේශයේ ආධාර බෙදා දීමේ ස්ථානයකදී ඇතිවූ අධික තෙරපිමක් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් සඳහන් කළේය.
එම සිද්ධියෙන් තුවාල ලැබූ තවත් 08 දෙනෙක් රෝහල් ගත කර ඇති අතර මේ සියලු දෙනා කාන්තාවෝ වෙති.
තුවාලකාරියන් අතරින් සිව්දෙනෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇති බවද වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන සැකකරුවන් 06 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.










