• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගේ දෛවය වෙනස් කරපු ඉන්දියාව! Sri Lanka Latest News

September 29, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

හරිනි අමරසූරිය ඇයගේ පළමු උපාධිය ලබාගත්තේ නවදිල්ලි විශ්වවිද්‍යාලයෙනි. ඇය පාසල් අධ්‍යාපනය අවසන් කරන විට 88-89 ජවිපෙ භීෂණය නිසා විශ්වවිද්‍යාල වසා තිබිණි. හරිනිට නවදිල්ලි විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව දුන්නේ මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයය. ඇය නවදිල්ලි විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ලංකාවේ සිසුන්ට ප්‍රදානය කරන ශිෂ්‍යත්වය ක්‍රමයක් යටතේය. ඇය එන්.පී.පී. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට පත්වීමෙන් පසු ඇගේ මේ ඉන්දීය සම්බන්ධය වැඩිදියුණු කරගත්තාය. එන්.පී.පී. නායක අනුර කුමාර දිසානායකට ඉන්දියාවේ සංචාරයකට ආරාධනා ලැබෙන්න එක් හේතුවක් වන්නේ හරිනි සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය අතර පැවැති සමීප සම්බන්ධයය. (Sri Lanka Latest News)

අනුරට ඉන්දියාවට ගොස් විදේශ ඇමැති සහ ජාතික ආරක්ෂක උපදේශක හමුවෙන්න ලැබෙන අවස්ථාව එන්.පී.පී. එකට ලැබුණු ජයග්‍රහණයකි. ඒ වෙනකොට අනුර ලංකාවේ ජනප්‍රිය නායකයකු වූවාට ඔහු රාජ්‍ය නායකයෙක් ලෙස පිළිගෙන තිබුණේ නැත. ඉන්දියාවෙන් ඔහුට ලැබුණු ආරාධනාව නිසා මෙරට ඉහළ මධ්‍යම පන්තිය සහ පාවෙන ඡන්දදායකයන් අනුරට ඊළඟ ජනාධිපති වීමට තිබෙන හැකියාව ගැන ධනාත්මක මතයක් ඇතිකර ගත්හ. එතෙක් ඔවුන් අනුර තමන්ගේ ප්‍රශ්න ගැන කතා කරන නායකයෙක් ලෙස දුටුවත් ඔහුට රාජ්‍ය නායකයෙක් විය හැකිද යන්න ගැන සැකයක් තිබිණි. ඉන්දියාව ඒ අඩුව පුරවමින් ඔහුව රාජ්‍ය නායකයකුට සුදුසු අයෙක් ලෙස තමන් පිළිගන්නා බව වක්‍රව පෙන්නුවේය.

මීට පෙර ඉන්දියාවේ බලයේ සිටි කොංග්‍රස් ආණ්ඩු මෙන්ම වජ්පායිගේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවද ලංකාවේ විපක්ෂ නායකයන්ට ඉහළ පිළිගැනීමක් ලබාදී තිබිණි. හොඳම උදාහරණය 1993 එවක ඉන්දීය ආරක්ෂක ප්‍රධානියකු වූ ඩික්සිත් චන්ද්‍රිකාට ඉන්දියාවට ආරාධනා කොට තිබිණි. 1994ට පසු කොංග්‍රස් ආණ්ඩුත් භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව විපක්ෂ නායක රනිල්ව ඉන්දියාවට ගෙන්වා ඉන්දීය අගමැති හමුවීමට අවස්ථාව ලබාදුන්හ. 2002-2004 රනිල්ගේ ආණ්ඩු කාලයේ විපක්ෂයේ නියෝජිතයන් ඉන්දියාවට ගොස් ඉන්දීය නායකයන් හමුවිය. 2015-2019 මෛත්‍රී-රනිල් ආණ්ඩු කාලයේ විපක්ෂ නායක ලෙස මහින්ද ඉන්දියාවට ගොස් ඉන්දීය අගමැති මෝදි හමුවිය.

එහෙත් 2019ට පසු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසු ඉන්දියාවෙන් එවැනි ආරාධනාවක් ලැබුණේ නැත. රනිල් පවසා තිබුණේ සජිත්ට ආරාධනාවක් ලැබී ඔහු ගියේ නැති බවය. කෙසේ හෝ සජිත්ට පෙර අනුර ඉන්දියාවට ගොස් ඉන්දීය විදේශ ඇමැති හා ජාතික ආරක්ෂක උපදේශක හමුවීම හරහා ලංකාවට ගිය පණිවුඩය වූයේ ලංකාවේ ඊළඟ ජනාධිපති සජිත් නොව අනුර බව ඉන්දියාවද පිළිගෙන ඇති බවය. වෙනත් වචනවලින් කියනවා නම් සජිත් විපක්ෂ නායක වුණාට ඉන්දියාව අනුර විපක්ෂ නායක ලෙස පිළිගන්නා බවය.

ජනාධිපති ධුරය දක්වා අනුරගේ දේශපාලන ගමනේ ලොකුම කඩඉම ඔහුගේ මේ ඉන්දියානු සංචාරයය. ඉන් පසු ඔහුව හමුවීමට ලංකාවට පැමිණෙන විදේශ නියෝජිතයන්, අයි.එම්.එෆ්. නියෝජිතයන් උනන්දු වූහ. ඔහුට ඒ අවස්ථාව උදාකර දුන්නේ ඉන්දියාවය. තමාට ඉන්දියාව ලබාදුන් ඒ අවස්ථාව ගැන අනුරගේ තක්සේරුව කුමක්ද? අනුර ඒ සඳහා ඉන්දියාවට කෘතගුණ දක්වයිද යන්න කීමට තවම කල් වැඩිය.

SendShareShare
Previous Post

රනිල්ගේ ගේම්! Sri Lanka Latest News

Next Post

සජිත් කොලොන්නාවෙන් යළිත් දේශපාලන වැඩ අරඹයි! ආණ්ඩුවට කරන්න යන දේත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News
Exclusive

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසක් නොමැති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.Sri Lanka Latest...

Read more
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

බලු සුරතලුන්ට මාරාන්තික ලෙඩක් බෝවෙන්න පටන් අරන්! මේ ක්‍රම පිළිපැද්දොත් බේරගන්න පුළුවන් වේවි! Sri Lanka Latest News

මොනරාගලින් බදුල්ලට පැනලා ආයෙත් මොනරාගලට පැනලා මිනිස්සුන්ට එපා වෙලා අනුරාධපුරට එලවලා දාපු දේශපාලනයේ හදපු බලු පැටියෙක් ගැන හරීන් කියන මේ කතාව අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.