• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ ගේම්! Sri Lanka Latest News

September 29, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබ පතමින් සිය තනතුරෙන් සමුගෙන යන දසුන සහිත වීඩියෝව පසුගිය දවස්වල සෝෂල් මීඩියා පුරා එකසිය ගානට වයිරල් විය. කලිසම් සාක්කු දෙකට දෑත ඔබාගෙන බොහොම සන්සුන් තාලෙට ජනාධිපති අසුනට සහ තනතුරට සමුදී රනිල් යන රූපරාමු නැරඹූ පරණ යූ.ඇන්.පී.කාරයෝ වාගෙ අනුර කුමාරව දිනවූ එන්.පී.පී.කාරයෝද ඔහුට ගෞරවනීය ලෙස සුබ පතා තිබිණි.
‘ගිහින් එන්න සර්… එදා අමාරු කාලෙ රට බාරගත්තට ඔයාට ස්තුතියි…’ (Sri Lanka Latest News)

වැඩිපුරම තිබුණේ එලෙස ලියැවුණු කමෙන්ට්ස්ය.
‘ආතල් එකේ පාටියක් දාලා ෆිල්ම් එකක් බලලා ඉන්න සර්…’ එහෙම සටහන් වුණු කමෙන්ට්ස්ද ඒ අතර තිබිණි. හැමෝම වාගේ රනිල් ගැන යම් විදියකට හොඳ කෝණයකින් බලන්නට සහ කතා කරන්නට ගත්හ.

‘හිතුවට වැඩිය වැදගත් මිනිහෙක් නේද?’
‘බලන්නකො රනිල් අනුර කුමාරට කතා කළේ මා මිත්‍ර මා මිත්‍ර කියලයි…’
‘බල හුවමාරුවේ එතරම්ම අලුත් ජනාධිපතිවරයකුට ස්තුතියි කියලා දස දහස් වතාවක් කියපු හිටපු ජනාධිතිවරයෙක් ඔය දැක්කමයි ඕං…’
ඔය වගේ කතාබහ රනිල් වික්‍රමසිංහ ගැන මගතොට හැම තැනකම ඇහෙන්න කියවෙන්න ගත්තා. ඇත්තටම රනිල් ඒ විදියට බල හුවමාරුවේදී සහ සමුගැනීමේ කතාවෙදී හැසිරුණේ සහ වචන පිට කළේ අවංකවමද? නැත්නම් මේකත් ඔහුගේ තවත් මගඩියක්ද?
නැහැ. ඒක මගඩියක් නෙවෙයි. රනිල් කතාබහ කළේ හැසිරුණේ අවංකවමයි.

මොනවා… ඒ කියන්නේ රනිල් තමාගේ පැරදුම හමුවේ ජනාධිපතිකම අනුර කුමාර දින්න එක ගැන අවංකවම සතුටු වෙනවද?
ඔව්. තමා පැරැදුණත් රනිල්, අනුර දිනපු එක ගැන හදවතින්ම සතුටු වෙනවා.

ඒක හරිම විලම්බීත කතාවක්. මොන පරාජිතයද තරගයක් අවසානයේ මැච් එක දිනලා කප් එක ගහපු තමන්ගේ ප්‍රතිවාදියා ගැන එහෙම සතුටු වෙන්නේ?
රනිල්ට එහෙම සතුටු වෙන්න බැරිකමක් නැහැ. ඒකට හේතුව අනුර ජනාධිපති අසුන ජයගත්තා වාගෙම රනිලුත් වෙනම ගේම් එකකින් මැච් එක දිනලයි තිබුණේ. රනිල්ගේ ඉලක්කය වුණේ සජිත් ප්‍රේමදාසව පරාද කරන ගේම් එක දිනන එකයි. තවත් පැහැදිලිව කියනවා නම් ජනාධිපති සටන පටන්ගත්ත දා ඉඳන්ම රනිල් දැනගෙන හිටියා ස්ථිරවම තරගය තියෙන්නේ අනුර සහ සජිත් අතර කියලා. තමාට ඒ තරගයෙන් වැඩක් වෙන්නේ නැති බවත් ඔහු සහසුද්දෙන්ම දැනගෙන හිටියා. අන්න එතැන ඉඳන් රනිල්ගෙ ඒම් එක වුණේ සජිත්ව පරද්දන ගේම් එක ප්ලේ කරන්නේ කොහොමද කියන එකයි. කොහොමින් හරි රනිල්ගේ කුහක එල්ලය හරියටම හරිගියා. අනුර කුමාර දින්නාය කියන්නේ රනිල් වික්‍රමසිංහත් ගේම දින්නාය කියන එකයි.

අද විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ හැමදාමත් කළේ ඔය වගේ මගඩි ගේම් තමයි. අනුරට ජනාධිපති අසුන සුහදව බාරදීලා රනිල් කරපු නොසෑහෙන ස්තුති කතාව වගේම බල හුවමාරුව සඳහා රනිල් නව ජනාධිති අනුර කුමාර වෙනුවෙන් දුන් සුහද සහාය මීට පළමුව චන්ද්‍රිකා බණ්ඩාරනායක 1994 අගමැතිනිය වූ අවස්ථාවේ බලය අහිමි වූ රනිල් වික්‍රමසිංහ ඇය වෙනුවෙන්ද පුද කළා. එයට පසුව චන්ද්‍රිකා පුවත්පත් කතාබහකදී රනිල් තමන් වෙනුවෙන් එතරම් සුහදව කටයුතු කළේ ඇයිද කියන කාරණය ලස්සනට පැහැදිලි කළා. ඔන්න අහගන්න ඒ කතාව 1994 එවක යූ.ඇන්.පී. ප්‍රභලයකු වූ ගාමිණී දිසානායක යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවන්න බොහොම දත කාපු කෙනෙක්. ඒ වෙනුවෙන් මුස්ලිම් කොංග්‍රස් නායක අෂ්රොෆ්ගේ සහාය ඉල්ලන්න ගාමිණී දිසානායකගේ අදහස තිබුණා. 94 ඡන්ද ප්‍රතිඵල එනකොට අෂ්රොෆ් හිටියේ නැගෙනහිර පළාතෙයි. ගාමිණී හෙලිකොප්ටරයක් යවලා ඔහුව ගෙන්වා ගත්තා කොළඹට. ඒ යූ.ඇන්.පී. ආණ්ඩුව පිහිටුවන්න කතාබහ කරගන්නයි. අෂ්රොෆ් කොළඹට එනකොට අගමැතිව හිටපු රනිල් එයින් ඉල්ලා අස්වී ඇවිදින් ජනාධිපති ඩී.බී. විජේතුංගගෙන් ඉල්ලා සිටියා බහුතරය ලැබිලා තියෙන්නේ චන්ද්‍රිකාටයි, එයාට බලය පිහිටුවන්න ඉඩ දෙන්නය කියලා. රනිල් එතරම් බැගෑපත්ව ඩී.බී. විජේතුංග හමුවේ වැඳවැටුණේ අෂ්රොෆ්ගේ සහාය ඇතිව ගාමිණී දිසානායක යූ.ඇන්.පී. රජයක් පිහිටුවලා අගමැති වෙයි කියන බයට එය වළක්වන්නයි. එයට පසුව රනිල්ගේ යටිකූට්ටු ගේම් හරහා සිද්ධ වුණේ අෂ්රොෆ්ගේ සහාය චන්ද්‍රිකාට ලැබුණාට පසු චන්ද්‍රිකා ආණ්ඩුවේ බලය ලබාගැනීමයි. 2024දී අනුර කුමාරට හිතැතිව බල හුවමාරුවේදී රනිල් සුහදව කටයුතු කළා වාගේ 1994 දී චන්ද්‍රිකා වෙතද සිය සුහද බව පෑවේ වෙනම ගේම් එකක් ප්ලේ කරපු නිසයි. එදා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉල්ලා අස් නොවී සිටියා නම් 94 පිහිටුවන්නේ යූ.ඇන්.පී. ආණ්ඩුවක්. ඒ වගේම එවක යූ.ඇන්.පී. එකේ හිටපු මහලේකම් සිරිසේන කුරේද අෂ්රොෆ් එක්ක එකතු වෙලා චන්ද්‍රිකා ආණ්ඩුව පෙරළලා යූ.ඇන්.පී. රජයක් පිහිටුවන්න සැලසුම් කරගෙන හිටියා. නමුත් ඒ සැලසුම මැදට පැනපු රනිල් එම සැලැස්ම කඩාකප්පල් කොට දැමුවේ තමන්ගේ සහයෝගය එවැන්නක් සඳහා කිසිසේත්ම නොලැබෙන වගට ඔවුන්ට අනතුරු අඟවමින් සේම බලපෑම් කරමිනුයි. ඒ අතරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක සිරිසේන කුරේව නිවාස අඩස්සියට දැම්මෙව්වේ තම ආණ්ඩුව පෙරළා දමන්න හදනවාය කියන චෝදනාව මතයි. අන්න ඒ ආකාරයට රනිල් වික්‍රමසිංහ කියන දේශපාලන නායකයා හැමදාමත් කළේ තමාට බලය දෙන්නේ නැතිනම් යූ.ඇන්.පී. එක බලයට එන එක හෝ ඒ වෙනුවෙන් ඉල්ලන අපේක්ෂකයව පරාජය කරවීමට යටිකූට්ටු ගේම් ප්ලෑන් ගහපු එකයි.

2010 ජනාධිපතිවරණය මතකද? තමන්ගේ තත්ත්වය බේරගන්න සරත් ෆොන්සේකා වාගේ ගෞරවනීය යුද සෙන්පතියකුව පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කළා. ඉන් පස්සේ තිරෙන් පිටුපසට වෙලා ඉඳගෙන ඔහුව පරාජය කරන්න රාජපක්ෂලා සමග එකතු වෙලා රාජකීය මට්ටමේ ගේම් එකක් ප්ලෑන් කෙරුවා. සියල්ල අවසානයේ සිද්ධ වුණේ සරත් ෆොන්සේකාට හිරබත් කන්න වෙච්ච එකයි. යුද ජයග්‍රහණයේ විරුවන් ලෙස ඔහු අත්පත් කරගෙන හිටපු ප්‍රතිරූපය පලුදු වීම පමණයි.

2015දීත් තමාට දිනන්න බැරි බව දැනගෙන පොදු අපේක්ෂකයා විදියට මෛත්‍රීපාල සිරිසේනව වේදිකාවට අරන් ආවා. මෛත්‍රී දින්නට පස්සේ පොදුජන පෙරමුණ හදාගෙන බලයට එන්න මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ රෙජීමයට බලයට එන්න කාටත් හොරා උදව් කෙරුවා. 2019 කරපු දේ තමයි හොඳම කෙරිල්ල. ජනාධිපතිවරණයකට යන්න සූදානමක් තිබුණේ නැති සජිත් ප්‍රේමදාසව ගෝඨාභය රාජපක්ෂ එක්ක යූ.ඇන්.පී. අපේක්ෂකයා කරලා සටනට දැම්මා. එහෙම දාලා ඔහුගේ කකුලෙන් අදිමින් ගෝඨාභයට දිනන්න හොර රහසේ සපෝට් එක දුන්නා. ඒ දවස්වල බොහෝ තැන්වල කතාබහ ඇතිවුණා. විදෙස්ගතව ඉන්න කණ්ඩායම්වලට ලංකාවට එන්න ටිකට් අරන් දීලා ගෝඨාභයට ඡන්දේ දාපියව් කියලා උන්ව උසිගැන්නුවා කියලා. රනිල් වික්‍රමසිංහගේ ඔය වාගේ මාස්ටර් ප්ලෑන් වැඩ, ඩබල් ගේම් ගැන තව ඕනෑ තරම් කතා තියෙනවා.

ඒ කතා දන්න යූ.ඇන්.පී. පාක්ෂිකයෝ රනිල්ට උගන්නන්න පුළුවන් හොඳම පාඩම් උගන්නලා 2020 ඔහුගේ ආසනයත් නැති කරවලා සජබයෙන් ආපු සජිත් ප්‍රේමදාසව විපක්ෂ නායක කෙරෙව්වා. ඉන් පස්සේ ගෝල්ෆේස් අරගලය හමුවේ බලය දා පලාගිය රාජපක්ෂලා රනිල්ව පාර්ලිමේන්තු ගෙන්වලා සජිත්ට ගහන්න ඔහුව අගමැති තනතුර ගන්න පුළුවන් තැනකට ගේන්න ප්ලෑන් කළා. එතැනදී රාජපක්ෂලා රනිල්ට ඔපීනියන් දුන්නා සජිත්වත් සජබයත් විනාශ කරවලා මන්ත්‍රීවරු 15ක් 20ක් විතර සල්ලිවලට ගන්නය කියලා. ඔන්න ඒ ගේම් එකේදි නම් රනිල් පරාද වුණා.

පසුගිය දවසක නිමාවුණු 2024 ජනාධිතිවරණයට රනිල් ආවේ සජිත් දිනන්න හිටපු බව දැනගෙනයි. බුද්ධි අංශවලින් රනිල්ට කිව්වා එන්නේ තුන්වැනියට කියලා. ඒක දැන දැනත් රනිල් ආවේ දිනන සජිත් පරද්දවන්න යූ.ඇන්.පී. ඡන්ද ටික දෙකට කඩන්නයි. ඒ අව් අස්සේ අනුර කුමාර දිසානායකව දිනවන්න ගහන්න පුළුවන් ගේම් ටික ගැහැව්වා. ඒ අනුරට හිතවත්කමට නෙවෙයි. සජිත් බලයට එනවට තියෙන අකැමැත්තට සහ කුහකකමටයි. රනිල්ගේ නූල් සූත්තරවලින් එකක් දෙකක් මෙහෙම කියන්නම්. ස්වාධීන රූපවාහිනියේ විවාදයකට රනිල් අනුරව ගෙන්නලා සජිත් ඒ විවාදයට ආවේ නැතිය කියලා සජිත්ට මඩ ගහන්න අනුරට අවස්ථාව හදලා දුන්නා.

එතකොට තැපැල් ඡන්දෙට කලින් දවසේ අනුරට ආයෙම ස්වාධීන රූපවාහිනියේ කතිකාවකට එන්න අවස්ථාව බලෙන්ම වාගේ හදලා දුන්නේ තැපැල් ඡන්ද ටික දිනවලා දෙන්න ඒක හොඳ අවස්ථාවක් කරමිනුයි.

ඒ අල්ල පනල්ලේම රනිල් වික්‍රමසිංහ එයාගේ මාමාගේ පත්තරය වෙච්ච ලංකාදීප සහ ඩේලි මිරර් හරහා අනුරට සහාය අරන් දෙන්න සජිත්ට විරුද්ධව යටි උගුල් ඇද්දා. ඉන් පස්සේ තමාට හිතැති දෙරණ ලව්වා සජිත්ට මඩගස්සවලා පහරදීලා අනුරට ලොකු ප්‍රචාරයක් අරගෙන දුන්නා.
උතුරු නැගෙනහිරට පොදු අපේක්ෂකයෙක් දම්මවලා සජිත්ට එන්න තියෙන දෙමළ ඡන්ද ටික කඩපු එකත් රනිල් ගහපු මරු ගේම් එකක්. රනිල් වැඩිපුරම ඒ පැත්තට ගිහින් රැස්වීම් තිබ්බෙත් ඒ ගේම් එකේ ප්‍රතිඵලයකටයි. අනුරට සජිත්ව පරද්දන්න බැරි වග දැනගත්තම තමයි රනිල් සජිත්ව පරද්දවන ගේමට බැස්සේ හරියටම කියනවා නම් සජිත්ව පැරැද්දුවේ අනුර නෙවෙයි, සජිත් පරද්දන්න ඕනෙ තැනට ගේම් එක ප්ලේ කළේ, නැත්නම් මැච් එක සෙල්ලම් කළේ රනිලුයි.

ඡන්දය ඉවර වෙලා යූ.ඇන්.පී. ප්‍රබලයෝ රනිල්ව හම්බවෙන්න ගියාම සාක්කු දෙකට අත්දෙක දාගෙන රනිල් හරි ආඩම්බරෙන් කිව්වේ මොනවද?
‘දැනගනිල්ලා මම දෙවැනි පාරටත් සජිත්ව පැරැද්දුවා. අනුර දින්නට මම පැරැදුණේ නැහැ. සජිත්ව පරාද කරන මැච් එක මම නියමෙට දින්නා…’
අන්න එහෙමයිලු රනිල් ඔලොක්කුවට හිනාවෙලා කිව්වේ.

බලාගෙන යනකොට රනිල් මොන ජාතියේ මිනිහෙක්ද?
ඒකට දෙන්න හරිහමන් උත්තරයක් හිතට එන්නේ නැහැ. ඒ හින්දා නිහඬව ගැළපෙන උත්තරයක් හිතමු. ඒ උත්තරය හිතනකොට රනිල් ගහන ඊළඟ ගේම් එක මොකක් වෙයිද කියන එක ගැනත් අවධානයෙන් ඉන්න වෙයිද දන්නේ නැහැ.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

විභාග දෙපාර්තමේන්තුව ශිෂ්‍යත්වෙත් ෆේල්! Sri Lanka Latest News

Next Post

අනුරගේ දෛවය වෙනස් කරපු ඉන්දියාව! Sri Lanka Latest News

MORE NEWS

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

කිසිවකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව විපක්ෂයට හා විපක්ෂනායකවරයාට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පොහොට්ටුවේ දැඩි ප්‍රහාරයට ලක්වූ තිස්ස කුට්ටිආරච්චි යළිත් වතාවක් විපක්ෂයට සහ...

Read more
නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.