ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට බලපෑම් ඇති නොකරමින් සහ රටේ ස්වෛරීභාවයට ගරු කරමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජයීය සංවර්ධනය වෙනුවෙන් ඵලදායී කාර්ය භාරයක් ඉටු කිරීමට තමන් සූදානම් බව චීනය නිවේදනය කරයි. Sri Lanka Latest News
වීන විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, ලින් ජියන්, ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කර තිබේ.
පසුගිය දා මෙරට පැවති ජනාධිපතිවරණය පිළිබදව අදහස් දක්වමින්, එම මැතිවරණය ඉතාම සාමකාමී එකක් වූ බව, ලින් ජියන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.
ලංකාවේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් සුබ පැතුම් එක්කරන බව පවසා තිබෙන ලින් ජියන්, චීන ජනාධිපති, සී ජිංපින්ග් විසින් ජනාධිපති අනුර දිසානායක මහතාට සිය සුබ පැතුම් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙන බවද තහවුරු කරයි.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ රජය සමඟ සමීපව කටයුතු කිරීමට චීනය සූදානම් බව මෙම මාධ්‍ය හමුවේ දී ලින් ජියන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.










