විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට සහභාගී නොවන බව දැනුම් දී තිබියදීත් සදාචාර විරෝධී ලෙස පූර්ව ප්‍රචාරක කටයුතු සිදු කරමින් නැවතත් දෙරණ නාලිකාව නයි නැටවීමට පටන් ගෙන ඇති බව දයාසිරි ජයසේකර මහතා කීය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඒ මහතා කියා සිටියේ දෙරණ මේ වනවිට ජනාධිපතිවරයාගේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් සිටින බවකි.
මෙය අන්තිම පහත් වැඩක් බව කී ජයසේකර මහතා දැඩිව දෙරණ නාලිකාවේ හැසිරීම විවේචනය කිරීමටද පියවර ගත්තේය.










