පසුගිය වසර හයක පමණ කාලය තුළදී රජයේ පාසල් 79ක් පමණ වසාදමා ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද පාසල් පිළිබඳ සංගණන වාර්තා හෙළිකරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවැසීය. (Sri Lanka Latest News)
2018 වනවිට ලංකාව් රජය සතු පාසල් 10,175ක් පමණ පැවැති අතර, 2023 වනවිට පවතින පාසල් ගණන වන්නේ 10096කි.
රජයේ පාසල්වල සිටින ගුරුවරුන් ගණන මෙම කාලය තුළදී 9,500කට ආසන්න ප්‍රමාණයකින් පහළ ගොස් ඇති අතර, රජයේ පාසල්වල සිටින ශිෂ්‍ය ප්‍රමාණය මෙම කාලපරිච්ඡේදය තුළදී 8%කින් පමණ පහළ ගොස් ඇත.
රටේ පවතින පෞද්ගලික පාසල් ප්‍රමාණය මෙම කාලපරිච්ඡේදය තුළදී ඉහළ යෑමක් පෙන්නුම් කරනු ලබයි.
සාමාන්‍යයෙන් ලංකාවේ පෞද්ගලික පාසල්වල ඉගෙනගන්නා දරුවන් ප්‍රමාණය 1,38,000කට ආසන්නය.
පෞද්ගලික පාසල් 2018 වනවිට 80ක් පැවැති අතර, 2023 වනවිට එය 95 දක්වා ඉහළ ගොස් ඇත.
ප්‍රේමලාල් විජේරත්න










