• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රී ෂූට් කරන්න ෆොටෝ ගහන්න මාලිගාව ඇරලා දුන්නේ කවුද? Sri Lanka Latest News

September 16, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්‍රී ෂූට් කරන්න ෆොටෝ ගහන්න මාලිගාව ඇරලා දුන්නේ කවුද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඈත බහිරව කන්දට වෙලා බලාගෙන ඉන්න බුදුරජාණන්වහන්සේගේ මහා කරුණා සමාපත්ති බලය ශ්‍රී දන්තධාතුන් වහන්සේ වෙත ලැබෙනවා. දළදා මාලිගාවේ තේවාවේ හඬ නුවර අහසට යන්නේ දෙව් බඹුන්ට පවා ඇහෙන විදියට. දළදා මාලිගා පරිශ්‍රය පුරාම තියෙන්නේ නෙත් සිත් පුබුදුකරවන මනස්කාන්ත බවක්. තුන් ලෝ තිලක වූ අමාමෑනී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන්වහන්සේ වැඩවසන බිම ආරක්ෂා කරගැනීම තුන්ලෝ වාසී බෞද්ධයන්ගේම වගකීමක්. ඒකට බෞද්ධයන් විදියට ඉන්න අපිට විතරක් නෙවෙයි, දෙව් බඹුන්ට පවා වුවමනාව තියෙනවා. ඒ නිසා තමයි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සුරක්ෂිත කරන්න විවිධාකාරයේ නීතිරීති හැදිලා තියෙන්නේ. ඒ නීතිරීතිවල සීමා මායිම් හොයාගෙන ගියොත් ඒක මේ පිටුවකින් දෙකකින් ලියලා ඉවර කරන්න බැරි දෙයක්. දළදා වහන්සේ සුරකින්නට නීතිරීති හැදිලා තියෙන්නේ අදක ඊයෙක ඉඳලා නෙවෙයි. දළදා වහන්සේ වෙනුවෙන් මේ මහා මන්දිරය ඉදිවෙලා, විශේෂ කුටියක් ඉදිවෙලා, ඒ කුටිය ඇතුළට විවිධාකාරයේ තනතුරු ඇවිල්ලා, ඒ තනතුරු තාන්න මාන්න රාජකීය මට්ටමින් පවත්වාගෙන යන්නටත්, මල්වතු අස්ගිරි විහාරද්වය එකතු වෙලා ඒ සඳහා භික්ෂුන්වහන්සේ නමක් පත්කරලා, ඒ සඳහා නිලධාරීන් පත්කරලා, වගකීම් විශාල ප්‍රමාණයක් ඒ අයට පවරා දීලා මේ දළදා මාලිගාව ආරක්ෂා කරනවා. දළදා මාලිගාව ආරක්ෂා කරන චරිත තමන්ගේ මුළු ජීවිත කාලෙම පූජා කරලා තියෙන්නේ දන්ත ධාතුන් වහන්සේ වෙනුවෙන්. ඒ අය තමන්ගේ පුද්ගලික ජීවිතේ දේවල් පවා කැපකරලා තියෙනවා. ලියුම්කරු ලියන්නේ 100%ක් වගකීමෙන්. පුද්ගලිකව දන්නා නිසා ඒ දේවල්. එහෙම දළදා මාලිගාවකට මෙහෙම ඇවිල්ලා ෆොටෝ ගහන්න ඉඩ හසර ලැබුණේ කොහොමද කියන එක තවම අබිරහසක්. (Sri Lanka Latest News)

ඇත්තටම දළදා මාලිගාව කියලා කියන්නේ විශාල ආරක්ෂිත ස්ථානයක්. ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය, ආරක්ෂක අංශ විශාල වශයෙන් කැපවෙලා ඉන්නවා. මේක ජාතික වශයෙන් ආරක්ෂා කළ යුතු ස්ථානයක් නිසා මේ සඳහා විශාල ප්‍රතිපත්තිමය වගකීම් සහිත පුද්ගලයෝ පත්කරලා තියෙනවා. ඒ සඳහා රාජකාරි මට්ටමෙන් එන තනතුරු, ශ්‍රී ලංකා රජයෙන් නම්කරන ලද තනතුරු, ඒ වගේම පොලිසිය, හමුදාව ඇතුළු විවිධ අය ඉන්නවා. අපි දන්නවා දළදා මාලිගාවට ඇතුළු වීම සඳහා සාමාන්‍ය පුද්ගලයෙකුට ලේසියෙන් අවසර ලැබෙන්නේ නැහැ. ඔහුගේ ඇඳුම, ඔහුගේ පැලඳුම, ඔහු හැසිරෙන ස්වරූපය මේ සියල්ල පරීක්ෂාවට ලක්වෙනවා. ඒ අය සතුව ආයුධ තියෙනවද කියන එකත් පරීක්ෂාවට ලක්වෙනවා. ඇඳුම පැලඳුම ගැන විශේෂ අධීක්ෂණයක් සිදුවෙනවා. වාහනයක් දළදා පරිශ්‍රයට ඇතුළු කරන්න විශේෂ අවසරයක් අවශ්‍යයි. ඒවා ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ලියුම්කරු ලියන්නේ අදාළ පරිශ්‍රයේ ගැවසීමෙන් සහ ඒ පිළිබඳ ලබාගත් අත්දැකීම් ඇසුරෙන්. හැබැයි එහෙම තියෙද්දිත් මනමාල යුවළක් දන්ත ධාතුන් වහන්සේ වැඩවාසය කරන දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු වෙලා ඒ පරිශ්‍රය තුළ තමන්ගේ ප්‍රී ෂූට් එක කරන තෙක් මේ නිලධාරී මහත්වරුන්ට නින්ද ගියේ කොහොමද කියන එකයි අපි හොයන්න ඕනේ.

ඇත්තටම එහෙම දෙයක් සිදුවෙන එක මේ නිලධාරීන් කිසිවෙක් එය නොදැන සිටියා විය නොහැකියි. විශේෂයෙන්ම ඇතුළු වෙන තැන හිටපු පොලිසියේ මහත්තුරු මේ දන්ත ධාතුන් වහන්සේ වැඩවසන භූමියට මංගල ඇඳුමෙන් සැරසුණු මේ යුවළ ගමන් කරන ආකාරය ගැන යම් විදියකට හොයා නොබැලුවා විය නොහැකියි. ඔවුන් නොදැක්කා විය නොහැකියි කිසිසේත්ම. එසේම දළදා මාලිගා පරිශ්‍රය තුළදී විවිධාකාරයේ කෝණවලින් මේ ආකාරයෙන් ඡායාරූප ගැනීමේදී ඒ ගැන සැකයක් හෝ ඒ පිළිබඳ විශේෂ අධීක්ෂණයක යෙදෙන්නට කිසිවකුට හැකියාවක් නොතිබීම ගැන අපිට තවමත් තියෙන්නේ උභතෝකෝටික ප්‍රශ්නයක්. අපි දැක්කා දළදා මාලිගාවේ ඉන්න වගකිවයුත්තන් පවා මේ පිළිබඳ පරීක්ෂණ කළ යුතුයි කියලා කියනවා. ඇත්තටම වගකිවයුත්තන් නොදැන මෙවැනි දෙයක් සිදුවේ යැයි අපට විශ්වාස කරන්න බැහැ. දළදා මාලිගාව හෝ වෙනත් මෙවැනි පූජනීය ස්ථාන මනමාල යුවළවලට, ප්‍රී ෂූට්වලට ලබාදීම සම්බන්ධයෙන් අපට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ලබාදෙනවා නම් ඒකට නිසි වැඩපිළිවෙළක් අවශ්‍යයි.
අපි දන්නවා මේ කැමරාවල තියෙන ෆ්ලෑෂ් නොවැදිය යුතු තැන් තියෙනවා. විශේෂ චිත්‍ර තියෙනවා. ඒවා ආරක්ෂා විය යුතුයි. ඒ වගේම මේ දළදා මාලිගා පරිශ්‍රය වගේ ස්ථානයකට දෙස් විදෙස් සංචාරකයෝ නිතර පැමිණෙනවා. ලංකාවට එන විදේශිකයන් 50%කට 60%කට වඩා වැඩි පිරිසක් මේ ස්ථානයට යනවා. බෞද්ධයන් විය යුතු නෑ. මේකේ තියෙන ප්‍රෞඪත්වය, අපූර්වත්වය, අභිමානවත් බව මේ සියල්ල දැකබලා ගන්න, විඳදරා ගන්නටයි ඔවුන් යන්නේ. එහෙම නම් මේ ස්ථානයේ අභිමානවත් බව නිශ්චිතව ආරක්ෂා විය යුතුයි. එතැන ගිහිල්ලා ප්‍රී ෂූට් කරන්න, ෆොටෝ ගහන්න, සින්දුවලට නටන්න පටන් අරගත්තොත් ඇත්තටම මේ පැමිණෙන්නන්ට, සැදැහැවතුන්ට ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා. අපි දන්නවා විදේශිකයෝ මේ ස්ථානයට එන්නේ යම් මුදලක් ගෙවලා. ඉතින් මේ සියල්ල අතරතුරේ අපේ ප්‍රෞඪත්වය, අපේ අභිමානය රැකගනිමින්, ආරක්ෂා කරමින් පවත්වාගෙන යන දළදා මාලිගා පරිශ්‍රයක් වගේ තැනකටත් මෙවැනි ඉරණමක් අත්වෙනවා නම් අපිට ලියන්න තියෙන්නේ අනේ ඒ විපත සිදුවුණි නොදනිමි කාගේ දොසා කියලා තමයි.

දැනගන්න තියෙන විදියට මේ අයගෙ මඟුල අරගෙන තියෙන්නෙ අස්ගිරිය පන්සලේ. ඉන් පස්සෙයි මේ අය ඇවිල්ලා තියෙන්නේ දළදා මාලිගාවට. එහෙම ඇවිල්ලා පින්තූර ගන්න තැන අස්ගිරි පන්සලේ ස්වාමින්වහන්සේ නමක් ඉඳලා තියෙනවා. ඒ හාමුදුරුවෝ මේ අය එක්ක ආව බවක් ආරංචියි.

මේ වැඩේට එරෙහි වෙන්න දළදා මාලිගාවෙ අදාළ බලධාරීන් කටයුතු නොකළේ ඇයි කියලා අපි අහනවා.

ඒ වගේම මෙතැනින් පස්සෙ සියලු ඡායාරූප ශිල්පීන්ට මේ විදියට ඡායාරූප ගන්න අවසර දෙනවද කියලත් අපි අහනවා. එහෙම නැත්නම් මේ විදියට පින්තූර ගන්න එන්න ඕනේ කවුරු හරි ලොක්කෙක් එක්කද?

අපි මේ නොදන්නාකමට අහන්නෙ….

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නඩු ගොඩක් වැටෙන්න නියමිත ප්‍රබල රාජ්‍ය නිලධාරියෙක් රහස් ලිපිගොනු රැසක්ම ගෙදර අරන් ගිහින්! I Sri Lanka Latest News

Next Post

දසදහස් ගණනින් ජනතාව රැස්වූ අනුරපුර රැළිය නිමවා සජිත් දඹුල්ලට එයි! දඹුල්ලෙත් මහා සෙනගක් ක්‍රීඩාංගණය ඇතුළට එන්න පොරකනවා! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.