• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

කෙහෙල්වත්තේ පුංචි මිනිහට මුන් දෙයිද ආයෙත් රජවෙන්න! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

September 14, 2024
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
කෙහෙල්වත්තේ පුංචි මිනිහට මුන් දෙයිද ආයෙත් රජවෙන්න! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘වලව්වක කටු ඔටුන්න හිමි කුමාරයෙක් මම කෙහෙල්වත්තේ ලැවරියා වික්ක කොල්ලෙක් කීවා. මම මේ එයාට කියන්නේ මම මේ කතාකරන්නේ කෙහෙල්වත්තේ ලැවරියා වික්ක කොල්ලා තමයි. කෙහෙල්වත්තේ ලැවරියා විකුණන්න මට ලැබුණා නම් ඒක මගේ වාසනාවක්. මට ආඩම්බරයක්. මම ඒ කුමාරයට කියන්න කැමැතියි මම දවසක අත්තනගල්ල ඔය කුමාරයාගේ මාලිගය බිමට සමතලා කරලා එතැන උදාගමක් හදනවා කියන එක. ඒගොල්ලෝ පහත් කියලා සලකන මුඩුක්කුවල ජීවත් වෙන මිනිස්සු ගෙනල්ලා ඒ උදාගමේ පදිංචි කරනවා…’Sri Lanka Latest News

එදා මැද කොළඹ දෙදරවමින් මේ කතාව කිව්වේ වෙන කවුරුවත් නොව රණසිංහ ප්‍රේමදාසය.

බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා කෙහෙල්වත්තේ ලැවරියා වික්ක කොල්ලා කී රණසිංහ ප්‍රේමදාස ඒ කාලයේ යූ.ඇන්.පී. වේදිකාවේ කතාවක් කරන්න අවස්ථාවක් ගන්න එවක යූ.ඇන්.පී.යේ කොල්ලුපිටියේ පක්ෂ මූලස්ථානයේ කැරකි කැරකී සිටි තරුණයෙකි. ප්‍රේමදාසට දවසක් අහම්බයෙන් කෙහෙල්වත්තේ යූ.ඇන්.පී. රැස්වීමක විනාඩි පහකට කතා කරන්න අවස්ථාව ලැබිණි. එම රැස්වීමට එවක යූ.ඇන්.පී. නායක ඩඩ්ලි සේනානායක සහ ජේ.ආර්. සහභාගි වී සිටියහ.

‘කවුද මේ තරුණයා? මිනිස්සුන්ගේ සිත් ඇදබැඳ ගන්න කතා කරනවා. වාමාංශික පක්ෂවල වගේ අපිට දක්ෂ කථිකයෝ හිඟයි. මෙයාව හදලා ගන්න. අපේ පක්ෂයට ප්‍රයෝජනවත් වෙයි…’

ඩඩ්ලි, ජේ.ආර්ගේ කනට කර කීවේය. ඉන් පසු ප්‍රේමදාසට කතා කරන්න රට වටා යන්න සිදුවිය. එතැනින් ඔහු කොළඹ නගර සභාවට ඉල්ලන්න පොටක් පාදාගත්තේය. ඒත් යූ.ඇන්.පී.ය ඔහුට ආසනයක් දෙන්න මැළි විය. මේ කාලයේ ඇන්.ඇම්.ගේ රුවන්වැල්ල ආසනයට තරග කරන්න අපේක්ෂකයෙක් හොයාගන්න යූ.ඇන්.පී.යට බැරිවිය.

‘මට රුවන්වැල්ල දෙන්න. මම ඇන්.ඇම්. එක්ක හැප්පෙන්නම්…’

ප්‍රේමදාස රුවන්වැල්ලට ගොස් ඇන්.ඇම්. එක්ක හැප්පිලා පෙන්නුවේය. ඇන්.ඇම්. දින්නත් ප්‍රේමදාස හොඳ සටනක් දුන්නේය. යූ.ඇන්.පී.යේ ටයි කෝට් අඳින කුරුඳුවත්තේ නායකයෝ ප්‍රේමදාස ඇන්.ඇම්. එක්ක හැප්පෙනවා බලලා ෂැම්පේන් බී සතුටු වූහ.

‘මිනිහා වැඩකරයා. අපි මිනිහව මැද කොළඹට දමමු…’

කුරුඳුවත්තේ යූ.ඇන්.පී. නායකයෝ රැස්වී තීරණය කළහ. ප්‍රේමදාසගේ ගමන පටන්ගත්තේ එහෙමය. ඔහු අගමැති විය. පසුව ජනාධිපති විය. ජනාධිපති වූ පසු ගම්පහ දිස්ත්‍රික්ක යූ.ඇන්.පී. සංවිධායක ඩන්කන් ප්‍රනාන්දු සහ යූ.ඇන්.පී. මහලේකම් සහ රාජ්‍ය ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්න එක්වී රැස්වීමක ප්‍රධාන අමුත්තා ලෙස ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාසව දේශපාලනයට ගෙන එන්න රට පුරා සජිත්ගේ ඡායාරූප සහිත පෝස්ටර් ගැසූහ. උදේම ප්‍රේමදාසට පෝස්ටරය ගැන දැනගන්න ලැබිණි. ප්‍රේමදාස කෝපයෙන් ගැහුණේය. ඩන්කන්ටයි රන්ජන් විජේරත්නටයි දුරකතන ඇමතුමක් ගෙන වෙව්ලමින් බැන්නේය.

‘මගේ පුතා දේශපාලනයට එන්න ඕනෙ නම් එයා මම වගේ කට්ට කාලා එන්න ඕනා. මගේ ජනාධිපතිකමේ පවර් එකෙන් එයාට දේශපාලනය කරන්න බැහැ….’

ප්‍රේමදාස එහෙම කියලා ඩන්කන්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ පක්ෂ සංවිධායකකමෙන් පැන්නුවේය. පෝස්ටර් ගසා සියලු කටයුතු සූදානම් කොට තිබියදී රැස්වීම නතර කළේය.
තාත්තා එදා උගන්නපු පාඩම රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස හොඳටම හිතට ගත්තේය. විදේශ අධ්‍යාපනය හමාර කොට ඔහු ලංකාවට ආවේ ප්‍රේමදාස ඝාතනයට පසුවය. ප්‍රේමදාස ඝාතනය වූවාට පසු කොළඹ කුරුඳුවත්තේ යූ.ඇන්.පී. නායකයෝ බිව්වේ ෂැම්පේන්ය. ජනාධිපති වූ විජේතුංග සහ අගමැති රනිල්, ප්‍රේමදාස පවුලට පහර පිට පහර ගැසූහ. ඒ වෙලාවේ ප්‍රේමදාස පවුලේ පිහිටට ආවේ ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ආ ගාමිණි දිසානායකය. ගාමිණි ජනාධිපතිවරණයේදී සජිත්ට මැද කොළඹ ආසනය භාරගෙන වැඩ කරන්න කීවේය. සජිත් දේශපාලනයට ආවේ තම පියාගේ පරම හතුරා වූ ගාමිණී දිනවන්නටය. ඒත් ගාමිණි අවාසනාවන්ත ලෙස ඝාතනය විය. රනිල් පක්ෂ නායක විය. සජිත් රනිල් හමුවී යූ.ඇන්.පී.යෙන් දේශපාලනය කරන්න ආසනයක් ඉල්ලුවේය.

‘මැද කොළඹ දෙන්න බැහැ. මම මැද කොළඹ වෙන කෙනෙක්ට දෙන්න තීරණය කරලා ඉවරයි…’ රනිල් කීවේය.

‘කමක් නැහැ. මට දෙන ඕනෙ ආසනයක් මම භාරගන්නම්….’ සජිත් කීවේය.

‘එහෙනම් හම්බන්තොටට යන්න….’ රනිල් කීවේ සජිත් බැහැ කියයි කියලා හිතාගෙනය.

‘මම යන්න කැමැතියි…’ සජිත් කීවේය.

ඔහු හම්බන්තොටට ගියේය. හම්බන්තොට දක්ෂ ලෙස සංවිධාන කළේය. සජිත් හම්බන්තොට ගමක් ගමක් ගානේ යද්දී හම්බන්තොට බළකොටුවේ සිංහයා මහින්දට සහ හම්බන්තොට නිජබිම කරගත් ජවිපෙත් බය විය. එවක මහින්ද චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැති කෙනෙකි. සජිත් යූ.ඇන්.පී.යේ යොවුන් පෙරමුණට තරග කළේ මේ කාලයේය. රනිල් පක්ෂ බලතල පාවිච්චි කොට සජිත් යොවුන් පෙරමුණෙන් තරග කිරීම වැළැක්වූයේය. සජිත් තමාට තර්ජනයක් වන බව මහින්දට තේරුණි. සජිත් තම නායකත්වයට තර්ජනයක් වන බව රනිල්ට තේරුණි. සජිත් තම පක්ෂයේ හදවතට තර්ජනයක් වන බව ජවිපෙට තේරුණි. සජිත්ව ඉවර කරන්න මහින්ද සහ ජවිපෙ වෙන වෙනම රනිල් එක්ක ඩීල් දමාගත්හ. හම්බන්තොට සජිත් සිරිකොත ආක්‍රමණය කරන්න ආවේ 2010දීය. එදා සිරිකොත ගේට්ටු කඩාගෙන පාක්ෂිකයෝ සජිත්ව කරේ තියාගෙන ආහ. මහින්දත් බයවිය. ජවිපෙත් බයවිය. මහින්ද යූ.ඇන්.පී. කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන්ට කතාකොට ඔවුන්ට වරදාන දී රනිල්ව ආරක්ෂා කරන ලෙසට උපදෙස් දුන්නේය. රනිල් පන්නන්න සිරිකොතට ආ පෙළපාළිය නතර කරන්න සිරිකොත කාපට් කළේය. රනිල්ව ආරක්ෂා කළ මංගල ජවිපෙ සමග එකතු වී සජිත්ව පතුරු ගැසූහ. රනිල් සහ සජිත් ගැටුමේදී ජවිපෙ සහාය දුන්නේ එළිපිටම රනිල්ටය.

1988 ජනාධිපතිවරණයට තරග කරන්න යූ.ඇන්.පී.ය රණසිංහ ප්‍රේමදාසට අපේක්ෂකත්වය දී ජනාධිපති සටන මැද එවක ජනාධිපති ජේ.ආර්. භාරකාර ආණ්ඩුවක් හදන්න ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනිය සමග සාකච්ඡා පටන් ගත්හ. ජවිපෙ ආයුධ බිම තබා භාරකාර ආණ්ඩුවට එකතු කරගන්න ශ්‍රීලනිප නියෝජිතයෝ සහ ජවිපෙ නියෝජිතයෝ වෙනම සාකච්ඡා පටන් ගත්හ.
‘ජේ.ආර්. මරපන් කියලා පෝස්ටර් ගහපු අය දැන් ජේ.ආර්. එක්ක ආණ්ඩු කරන්න සාකච්ඡා කරනවා. දැන් හැමෝම බයවෙලා තියෙන්නේ මම ජනාධිපති වෙනවට…’

1988 ජනාධිපතිවරණයට පෙර අන්තිමට හදිසි නීති විවාදයට පැමිණ ප්‍රේමදාස පාර්ලිමේන්තුව දෙදරන්න කෑගසා කීවේය. ජවිපෙ සාකච්ඡාවලින් ඉවත් විය. සාකච්ඡා කඩාකප්පල් විය.
එදා ප්‍රේමදාස එනවාට බයේ එක්වූ ජේ.ආර්., මැතිනි, ජවිපෙ සන්ධානය අද යූ.ඇන්.පී., ජේ.වී.පී., ශ්‍රී.ල.නි.ප. ලෙස එක්වී තිබේ.

1993 ප්‍රේමදාස ඝාතනය වූ දින සිට 2020 තෙක් අවුරුදු 31ක් සජිත් යූ.ඇන්.පී. නායකත්වය ගන්න හිතන්න බැරි සටනක් කළේය. ඒත් රනිල් සහ කුරුඳුවත්තේ ටයි කෝට්කාරයෝ සජිත් නැගිටින්න නැගිටින්න ගහලා වැට්ටූහ. සජිත්ට පක්ෂ නායකත්වයක් සහ විපක්ෂ නායකත්වය අරන් දුන්නේ 2020 මහ ඡන්දයෙන් මහජනතාවය. සජිත් විපක්ෂ නායක වූ විට අනුර, සජිත්ගේ මොළේ පරීක්ෂා කර බැලිය යුතු යැයි කියා සජිත්ට අපහාස කළේය. රනිල් පාර්ලිමේන්තු ආ යුතු යැයිද, රනිල් සජිත්ට වඩා විපක්ෂ නායක ධුරයට සුදුසු යැයිද හඳුන්නෙත්ති සහ ලාල්කාන්ත කීහ. පොදුජන පෙරමුණු ආණ්ඩුවද සජිත්ට බූරු පුතා කියා අපහාස කළේය. සජිත් විපක්ෂ නායක වීම යූ.ඇන්.පී., ජවිපෙ, පොදුජන පෙරමුණ ඉවසුවේ නැත. සජිත් ජනාධිපති වීම මේ තුන් කට්ටුවම ඉවසන්නේ නැත. සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු කඩාගෙන රනිල් සජිත් ඉවර කරන තෙක් ජවිපෙත් පොහොට්ටුවත් කෙළ හල හලා බලා සිටියහ. තලතා රනිල් ළඟට ගියාම හොඳටම චූන් වුණේ ජවිපෙය.

2019 සජිත් දින්නා නම් කොවිඩ්වලට මැදිවන්නේ සජිත්ය. එහෙනම් කොවිඩ්වලට මැදිවී ගෙදර ගිය අනෙක් රාජ්‍ය නායකයන් සේ සජිත්ටත් වෙන්නේ ගෙදර යන්නය. 2022 අරගලය වෙලාවේ සජිත් අගමැතිකම ගත්තා නම් සජිත්ට වෙන්නේ අද රනිල්ට වෙලා තියෙන දෙයය. එහෙනම් හොරුන්ට දඬුවම් දුන්නේ නැහැ හොරු එක්ක ආණ්ඩු කළා කියන චෝදනාව එන්නේ සජිත්ටය.
‘සජිත්ව බේරගත්තේ ප්‍රේමදාසද…?’

මේ, ස්වභාවධර්මය ගැන විශ්වාස කරන දේශපාලන නිරීක්ෂකයන් කියන කතාවය. 1988 ජනාධිපතිවරණයෙන් ප්‍රේමදාසට හරහට හිටියේ යූ.ඇන්.පී.යේ ටයි කෝට්කාරයෝ, ජේ.වී.පී. සහ ශ්‍රී.ල.නි.ප.යය. අද සජිත්ට හරහට ඉන්නෙත් යූ.ඇන්.පී. ටයි කෝට්කාරයෝ, ජේ.වී.පී.කාරයෝ සහ පසුව පොහොට්ටුව වූ ශ්‍රී.ල.නි.ප.යය. 1988 රටම හෙල්ලුවේ ජවිපෙය. අද රට හොල්ලන්නෙත් ජවිපෙය. එදා තුවක්කුවෙන්ය. අද සෝෂල් මීඩියාවලින්ය.

‘රට බාරයි නුඹට පුතේ…’

ගෙන්දගම් පොළොවෙන් මතුවී ගෙන්දගම් පොළොව විකාගෙන මියගිය ප්‍රේමදාස එදා මරණාසන්නව මුමුණන්න ඇත්තේ ඒ වචනය. හැබැයි ඒ සජිත්ට නොවේ. පුංචි මිනිසුන්ගේ පුංචි පුතාලාටය. අවුරුදු 31කින් සජිත්, ප්‍රේමදාස 1988 හිටි තැනට එයි කියලා ප්‍රේමදාස මැරෙන මොහොතෙවත් නොහිතන්න ඇත. ඒත් පුංචි මිනිසුන් වෙනුවෙන් පුංචි මිනිහාගේ පුතාම රජ ගෙදර දොරට තට්ටු කරමින් සිටී. ප්‍රේමදාස මේඝයක් වී ඒ දොර කඩලා විවෘත කළොත් රජ ගෙදර පඩිපෙළ නගින්නේ ප්‍රේමදාසගේ පුත් සජිත් නොව, අරගලයට එක්වූ ලක්ෂ සංඛ්‍යාත පුංචි මිනිසුන්ගේ පුංචි පුත්තුය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

තව දින 7යි! සමීක්ෂණ අවසන් අදියරේ! සජිත් 37%යි-40%යි.. ඉදිරියෙන්ම! අනුර 26%යි-30%යි.. දෙවැනියට! රනිල් 15%යි-20%යි.. තුන්වැනියට! නාමල් 7%යි-10%යි… සිවුවැනියට! දිස්ත්‍රික්ක 8ක සජිත්-අනුර තියුණු සටනක! තීරණය නොකරපු පිරිස 10%ට බහී! දෙවැනි මනාපයට යන්න වැඩි ඉඩක්! I Sri Lanka Latest News

Next Post

ආසියාවේ පළමුවැනි දිවාරාත්‍රී ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙච්ච ඛෙත්තාරාමය ප්‍රේමදාස මාස 6න් හදද්දී වෙච්ච කවුරුත් නොදත් කතාවක් අර්ජුන පළමු වරට හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.