• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තණමල්විල මල්වලටම වහවැටිලද? මේ මල් කැකුළු විනාශයට වගකියන්නේ කවුද? සිසුන් 20ක් එකතු වෙලා සිසුවියක් දූෂණය කරපු කතාවේ දෙවැනි කොටසත් ආවා! තවත් සිසුවියක් දූෂණය කරලා! Sri Lanka Latest News

September 14, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

.
තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක දැරියක් සමූහ දූෂණයට ලක්වීම මීට සති කිහිපයකට පෙර අපේ රටේ බොහෝ දෙනකුගේ කතාබහට ලක්වූ සිදුවීමක් වුණා. ඒ කනගාටුදායක සිදුවීමේ උණුසුම යන්නටත් මත්තෙන් එම පාසලේම 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් 11 වැනි ශ්‍රේණියේ සිසුවකු අතින් දූෂණය වී ඇති බවට වූ අවාසනාවන්ත පුවත පසුගිය සතියේ අපට අසන්නට ලැබුණා. තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත අදාළ දැරියගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මේ බව අනාවරණ කරගැනීමටයි හැකිව තිබුණේ. සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී හෙළිව තිබුණේ දැරිය අපයෝජනයට ලක්ව ඇති බවටයි. අනතුරුව පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ මෙම සිසුවිය තමන්ට සිදුවූ අපරාධය පිළිබඳ තොරතුරු අනාවරණ කර ඇති අතර, ඒ අනුව සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කළා. සිද්ධිය සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන කටයුතු තණමල්විල පොලිසිය විසින් සිදුකරනු ලබනවා. (Sri Lanka Latest News)

මෙම පාසලේම 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 16 හැවිරිදි සිසුවියක් මීට පෙර අතරවරයට ලක්ව තිබුණේ සිසුන් 17 දෙනෙකු අතින්. ඒ අවස්ථා රැසකදී විවිධ ස්ථානවලදී බවටයි හෙළිව තිබුණේ. එලෙස තමන් වසරකට අධික කාලයක් තිස්සේ අවස්ථා ගණනාවකදී අපයෝජනයට ලක්වන විට ඇය ඒ බව තම වැඩිහිටියන්ට, පාසල් ගරුවරුන්ට නොපැවසුවේ ඇයිද යන ප්‍රශ්නය පැනනගිනවා. කෙසේ හෝ සිසුවිය සමූහ දූෂණයට ලක්කළ සිසුන් සහ ඊට අනුබල දුන් කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයට සහ පරිවාස භාරයටද පත්කරනු ලැබුවා. මෙම සිදුවීම අතිශය ආන්දෝලනයකට ලක්වුණේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ විනය කමිටුව ඇතුළු ගුරුවරුන් දෙදෙනෙක් මෙම සිදුවීම යටපත් කිරීමට උත්සාහ ගෙන ඇති බව පැවැසෙන නිසයි. අවසානයේ මොවුන් අදාළ දැරිය පාසලෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා. දැරියගේ මව මෙම අපරාධය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අනාවරණ කරන්නේ සිසුවිය පාසලෙන් ඉවත් කිරීමත් සමගයි. එමෙන්ම සිසුවිය වෛද්‍ය පරීක්ෂණය සඳහා රෝහලට යොමුකළ අවස්ථාවේද වෛද්‍යවරයා විසින් සිසුවියට තර්ජනය කර ඇති බවක්ද වාර්තා වුණා. එසේ තර්ජනය කරමින් ඔහු උත්සාහ ගෙන ඇත්තේ මෙම අපරාධය යටපත් කිරීමට බවද පැවැසුණා.

අපයෝජනයට ලක්වූ සිසුවිය එම පාසලේ සිසුවකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබුණා. එම සිසුවා දැරිය රවටා යහළුවකුගේ නිවසට රැගෙන ගොස් අතවර කොට පසුව තවත් මිතුරන් දෙදෙනකුට මත්පැන් පොවමින් සිසුවිය සමූහ දූෂණය කොට එය වීඩියෝගත කොට ඇති බවයි අනාවණය වී තිබුණේ. අනතුරුව මෙම වීඩියෝව දැරියට පෙන්වා බියගන්වා වසරක් තිස්සේ අවස්ථා ගණනාවකදී සිසුන් 17 දෙනකුට අධික පිරිසක් ඇයව දූෂණයට ලක්කර ඇති බවද සඳහන්ය.

හම්බන්තොට රෝහලේ මෙම සිසුවිය ප්‍රතිකාර ලබද්දී පොලිස් නිලධාරියෙක් යැයි පවසමින් එක්තරා සැකකටයුතු පුද්ගලයකු ඇයට දුරකතන ඇමතුමක් ලබාදී තිබුණා. එම ඇමතුම ලබාදුන් පුද්ගලයා පසුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

අගතියට පත් සිසුවියට සාධාරණය ඉල්ලා ඇගේ අසල්වාසීන් පාගමනක් සංවිධාන කර තිබූ අතර, එහිදී ඔවුන් ඉල්ලා සිටියේ බලපුළුවන්කාරකම්වලට නීතිය හසුරුවන්නේ නැතිව දැරියට සාධාරණය ඉෂ්ට කර දෙන ලෙසයි. එසේම කාන්තා සංවිධාන රැසක්ද දැරියගේ යුක්තිය වෙනුවෙන් එම පාගමනට එක්ව තිබුණා. ඒ අතරතුර එක් පුද්ගලයෙක් පාගමනේ යෙදී සිටි කාන්තාවන්ට තර්ජනය කරන ආකාරයද වීඩියෝ දර්ශනවල සටහන්ව තිබුණා.

තමන් ඉගෙනගන්න පාසලේදී දැරියකට මෙවැනි අපරාධයක් සිදුවන්නේ කොහොමද? පාසලේ බලධාරීන් වැඩි අවධානය යොමුකළේ දරුවාගේ ජීවිතයට වඩා පාසලේ කීර්ති නාමය ගැනයි. මේ සිදුවීම සමාජයෙන් හංගලා තියන්නයි ඔවුන් උත්සාහ ගෙන තිබුණේ. දැරිය දූෂණය කළ සිසුන් 17 දෙනාගෙන් එක් සිසුවකුගේ මවක්ද එම පාසලේම සේවය කරන කාන්තාවක් වීම විශේෂත්වයක්.

මවුපියන් තමන්ගේ දරුවා පාසලකට යවන්නේ ගුණධර්ම, හැදියාව සහ අධ්‍යාපනයෙන් තම දරුවා පෝෂණය වේවි යන බලාපොරොත්තුවෙන්. නමුත් ඒ පාසලේදී තම දරුවාට සිදුවන්නේ මෙවැනි අපරාධයක් නම් ඒ සමාජය කොයිතරම් පිරිහීමකට පත්වෙලාද කියන එක පැහැදිලි වෙනවා. පාසලක් තුළ දරුවකුට ආරක්ෂාවක් නැද්ද? එහෙම නැත්නම් මවුපියන් තම දරුවන් ගැන සොයාබලන්නේ නැද්ද? කාගේ වරදින්ද මෙවැනි අසාධාරණයක් දරුවකුට සිදුවන්නේ?

අද වනවිට පාසල් තුළ දැරියන් ලිංගික හිංසනයන්ට අපයෝජනයන්ට ගොදුරු වන ප්‍රමාණය එන්න එන්නම ඉහළ යමින් තිබෙනවා. එම නිසා මවුපියන් දරුවන් කෙරෙහි මීට වඩා අවධානයක් යොමුකළ යුතුයි. දරුවන් යන්නේ කෙහේද, ඇසුරු කරන්නේ කාවද කියන කරුණු ගැන මවුපියන් නිතර විමසා බැලිය යුතුයි.

අද වනවිට දරුවන්ගේ ප්‍රශ්න ගැන කතාකරන්න, සොයා බලන්න මවුපියන්ට වෙලාවක් නැහැ. බොහෝ මවුපියන්ට දරුවන් ගැන සොයාබලන්න අවශ්‍යතාවකුත් නැහැ. පොඩි කාලෙදිම දරුවන්ට ස්මාර්ට් ෆෝන් අතට දෙනවා. හොඳ – නරක කියා දීලා ගුණධර්මවලින් ළමා මනස පෝෂණය කරන්න ඒ මවුපියන්ට වුවමනාවක් නැහැ. ගරුකළ යුත්තන්ට ගරුකරන්න, අනෙකා කෙරෙහි සීමාවක් තබාගෙන කටයුතු කිරීමට දරුවන් හුරු කළ යුතුයි. ජීවිතවල වටිනාකම දරුවන්ට වටහා දිය යුතුයි.

අම්මලා තාත්තලා අද වැඩි තැනක් දෙන්නේ දරුවන්ව ටියුෂන් පන්තිවලට යවන්න. විභාගයෙන් ඉහළින්ම සමත් කරන්න. ඒ නිසා දරුවන් දහම් පාසලට යවනවා වෙනුවට ටියුෂන් පන්තිවලට යොමුකිරීමට මවුපියන් වැඩි කැමැත්තක් දක්වනවා. අද අපිට මේ දකින්න ලැබෙන කනගාටුදායක සිදුවීම්වලට ප්‍රධානම හේතුව දරුවන් දහම් පාසලෙන් ඈත් කිරීමයි. එහි අනිටු ප්‍රතිඵලයි අපිට මේ දවසින් දවස වාර්තා වෙන්නේ. දරුවෙක් කියන්නේ පැළයක් වගෙයි. නිසි කලට පෝෂණය දීලා ලස්සනට ගහ කප්පාදු කළොත්, ආදරයෙන් රැකබලා ගත්තොත් හොඳ සරුසාර ඵලදාවක් ලබාගන්න පුළුවන්. එහෙම නොවුණු තැන ගහක් ඉබාගාතේ හැදිලා සමාජයට පිළිලයක් බවට පත්වෙනවා. තමන් විතරක් නෙවෙයි සමාජයත් දූෂණයට ලක්වෙනවා. ඒක නිසා නැවත මෙවැනි සිදුවීමක් අපේ රටේ කිසිම පාසලක් තුළින් අහන්නට දකින්නට නොලැබීම පිණිස බලධාරීන්ගේ වගේම මවුපියන්ගේත් ඇස් ඇරේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

බණ්ඩාරවෙල එකම හිස් ගොඩකින් වැසී යයි! සජිත් එන්නත් කලින්ම මුලු නගරයම සජබ පාක්ෂිකයන්ගෙන් පිරී ඉතිරෙයි! සජීවීව මෙතනින් නරඹන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

අන්තිම මොහොතේ රනිල් ගහන ඡන්ද ගුණ්ඩුවලට මිනිස්සු රැවටෙයිද? මෙන්න පාර තොටේ මිනිස්සු කියන කතා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.