රනිල් මාමා සහ අනුර බෑනා එක පැත්තකට ගොස් ඇති බවත් මේ දෙන්නා එකට ගිවිසුම් ගසා ඇති බවත් මේ ගිවිසුම රට ගොඩනගන්න නොව තමා පරාජය කිරීමට බවත් අවංක පිරිසුදු දේශපාලන ගමනක් තුළින් දශ ලක්ෂ ගණන් රාජ්‍ය සේවයේ නිරත වී ඇති රාජ්‍ය සේවකයන්ගේ ජන ජිවිත වෙනුවෙන් කළ ප්‍රතිඵල තමාට ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පවසනවා. (Sri Lanka Latest News)
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ රනිල් මාමා ලාභ ලබන ආයතන විකුණන විට සමාජවාදී අනුර බෑනා නිශ්ශබ්ධ බවත් රට වෙනුවෙන් හඬ නැගුවේ සමගි ජන බලවේගය පමණත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළා.
ඔහු මේ බව සඳහන් කළේ අද (12) කොළඹ වෘත්තීය සමිති ජාතික සමුළුවට එක් වෙමින්.
hirunews










