• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුව කොරෝනාවෙන් බේරගන්න මාස්ක් එකක් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 16, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
ඇප කැන්සල් වූ රාජිත දවස් 14කට ඇතුළේ
Share on WhatsAppShare on Facebook

‘ත්‍රීවීල්කාරයා ලීස් එක ගෙවා ගන්න බැරිව හූල්ලනවා…’
‘දවසේ කුලීකාරයා අතේ සතේ නැතුව හූල්ලනවා…’
‘රැකියා කරන අය බස් එකේ, කෝච්චියේ සීට් එකක් ගන්න පොරකනවා…’
‘පඩි කපපු කට්ටිය අත ලෙවකනවා…’
‘පෙට්ටි කඩකාරයෝ අත ලෙවකනවා…’
‘කෑම කඩකාරයෝ කුලී ගෙවාගන්න බැරිව අහස පොළොව ගැටලන්න හදනවා…’
‘හෝටල්වල කොම්පැනිවල රස්සා නැති වූ අය කුලී වැඩක් කරගන්නත් එළියට බහින්න දවස් ගණිනවා…’
‘ඇඟලුම් සේවිකාවෝ මහපාරට වැටෙන දවස දිහා බලන් ඉන්නවා…’
‘කොම්පැනි අයිතිකාරයෝ කොම්පැනිය ගෙන යන්නේ කොහොමද කියලා දහඅතේ කල්පනා කරනවා…’

‘හෝටල් හිමියන් ගුවන් ගමන් ටිකට් දෙන ආයතන බෙල්ලේ වැලදමා ගන්න ලණු හොයනවා…’
‘මේ ඔක්කොම අස්සේ කිඹුල් කතාවකට රාජිත සේනාරත්න හිරේ ගෙනියනවා…’
“රාජිතව හිරේට දැම්මාම අපේ බඩ පිරෙයිද…?”
මිනිස්සු මිනිසුන්ගෙන්ම අහන ප්‍රශ්නය ඒකය. ආණ්ඩුව රාජිතව හිරේ දැම්මේ මිනිසුන්ගේ බඩ පුරවන්න නොවේ. අර ඡන්ද ලක්ෂ 69යේ හිත පුරවන්නටය. කොරෝනාවෙන් කොර වෙලා ඉන්නේ 2019 ජනාධිපතිවරණයේ සජිත්ට ඡන්දය දුන්න අය විතරක් නෙමේ කියල ආණ්ඩුව දනී. අර 69 ලක්ෂයම ඉන්නේ කොරෝනාවෙන් කොර වෙලා පාන් කියාගන්න බැරිව බවත් ආණ්ඩුව දනී.
“ඡන්දෙට කලින් සල්ලි අච්චු ගහල හරි මිනිසුන්ට සහන දෙන්න…”
එදා මහින්ද කැඳවපු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී චන්දිම වීරක්කොඩි හිටපු ඇමැති කී මේ කතාව සමාජ මාධ්‍යවල විහිළුවට ගත්තත් ඔහු කීවේ ගම්වල පරවෙන්න යන පොහොට්ටුවේ වේදනාවය. ඒ කාලේ ගමේ යකා නටපු පොහොට්ටුකාරයෝ දැන් කියාගන්න දෙයක් නැතිව ගෙවල් අස්සේ හැංගිලා ඉන්නවා කියලා ආණ්ඩුව දන්නවාය. චන්දිම නොකියා කීවේ ගෙවල් අස්සේ හැංගිලා ඉන්න පොහොට්ටුකාරයෝ එළියට ගන්න මොනවා හරි කරන්න කියලාය.
මොනවා කරන්නද කියලා ආණ්ඩුව දන්නේ නැතිය. දැන් පක්ෂ පාට භේද නැතිය. රටම ඉන්නේ අවුලකය.
“අපේ එවුන් පණ ගස්සල ගන්න අපේ එවුන්ගේ හතුරෝ එකා දෙන්නා හිරේට දැම්මොත් කොහොමද..?”
ආණ්ඩුවේ මැති ඇමැතිවරු මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ දූෂණ ෆයිල් හොයන්න කොරෝනා අස්සේ අල්ලස් කොමිසමට ගියේ එහෙම හිතාගෙන විය යුතුය. 2019 ජනාධිපතිවරණය දින්න දින සිට ආණ්ඩුව රටට දැනෙන මිනිසුන්ට දැනෙන කිසි දෙයක් කළේ නැත. ඒ වෙනුවට කළේ පොහොට්ටුකාරයෝ චූන් කරන්න මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ ප්‍රබලයන් අත්අඩංගුවට ගැනීමය. ඉන් පසු 2020 මාර්තු කොරෝනාව ආවේය. ආණ්ඩුව කොරෝනාවේ එල්ලුණේ කොරෝනාවෙන් වැඩ පෙන්නලා ඡන්ද ලක්ෂ 69 පෙට්ටියට දමාගන්නය. ඒත් කොරෝනාව කොටි වලිගයක් බව ආණ්ඩුව අප්‍රේල් මැද වෙනකොට තේරුම් ගත්තේය. එතැන් සිට ආණ්ඩුව බැලුවේ කොරෝනා මාතෘකාව වෙනස් කරන්නය. කොරෝනා මාතෘකාව වෙනස් කරන්න නම් මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ ප්‍රබලයන් හිරේට දක්කන මාධ්‍ය සංදර්ශනය පටන්ගත යුතු යැයි ආණ්ඩුව හිතන්න ඇත. මහ මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 69 කොහොම වෙතත් උපන් ගෙයි පොහොට්ටුකාරයන්ව ඡන්ද පොළට ගෙන ඒම ආණ්ඩුවේ උපක්‍රමයය.
මොකද මේ වෙනකොට පොහොට්ටුකාරයන්ටත් ඡන්ද උණක් නැත. දේශපාලන උණ බින්දුවටම බැහැලාය. කොරෝනා උණ ඔළුවටම ගහලාය. පොහොට්ටුකාරයන්ට දේශපාලන උණ එන්නත් කරන්න රාජිතත් හොඳ බේතකි. රාජිත ඇතුළු රාජපක්ෂවරු හිරේ දමන්න කතා කළ මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ ප්‍රබලයන් ගැන පොහොට්ටුකාරයන්ට වෛරයක් තිබේ. කොරෝනාවෙන් වුණේ ඒ වෛරය නිවී යෑමය. කොරෝනාව නිසා පොහොට්ටුකාරයන්ටත් දැන් ආණ්ඩුවත් එක්ක පොඩි ගේමක් ඇත. ආණ්ඩුව වැටනවාට ඔවුන් කැමැති නැත. හැබැයි ආණ්ඩුව රකින්න ඉදිරියට එන පාටක් නැත. කොරෝනාවට පසු ඔවුන් නිහඬ නිරීක්ෂකයන්ය. ආණ්ඩුව රාජිතව ඇතුළට දමල උත්සාහ ගන්නේ ඔවුන්ගේ නිවී ගිය වෛරයට පිදුරු දමලා රත් කරලා ගන්නටය.
“ආණ්ඩුවේ ගේම හරි යයිද…?”
ඒක නම් හරියටම කියන්න බැරිය. 2019 ජනාධිපතිවරණය ගෝඨාභය දින්නේ රාජපක්ෂලාට තිබුණ කැමැත්තටත් වඩා මෛත්‍රි – රනිල් ආණ්ඩුව ගැන තිබුණු වෛරයක් නිසාය. ඒ ආණ්ඩු කාලයේ හැමදාම වැඩවර්ජනය. ඒ මදිවාට මිනිසුන්ට පොලිතින් එපා, වස විස පොහොර එපා, අරවා එපා මේවා එපා කිය කියා තද නීති දැම්මේය. මේ මැද්දේ මහ බැංකු වංචාව එළියට ආවේය. පාස්කු බෝම්බය පුපුරා ගියේය. මිනිස්සු හිටියේ ජනාධිපති සහ ආණ්ඩුව තිත්ත වෙලාය.
ගෝඨාභය දින්නේ ඒ වෛරයේ ප්‍රතිඵලයක් ලෙසය. දින්න දවසේ ඉඳලා ආණ්ඩුවට සිද්ධ වුණේ වෛරය මේන්ටේන් කරගෙන යන්නටය. ආණ්ඩුව ඒ වැඩෙත් හරියට කළේ නැත. මහ බැංකුව මංකොල්ල කෑවා යැයි කී අය, පාස්කු බෝම්බයට සම්බන්ධ යැයි කී අය නිදැල්ලේ සිටියදී ආණ්ඩුව රිය අනතුරකට චම්පික රණවක අත්අඩංගුවට ගනු ලැබීය. සී.ඩී. පටවලට රන්ජන් රාමනායක අත්අඩංගුවට ගනු ලැබීය. රාජිතව අත්අඩංගුවට අරන් තියෙන්නේ කිඹුල් කතාවකටය. ඉන්පසු කොරෝනා මැද ආයෙත් රන්ජන්ව අත්අඩංගුවට ගත්තේ ඇඳිරි නීතිය වෙලාවේ කාවද ගෙදරට ගෙනාවා කියාය.
මේ දෙකයි පනහේ සිල්ලර කේස්වලින් ආණ්ඩුවට මනිසුන්ගේ කොරෝනා බය ඇරලා දේශපාලන වෛරය එන්නත් කරන්න බැරිය. ආණ්ඩුව ඡන්දය තියන්න ඉස්සෙල්ලා 2019 ජනාධිපතිවරණයේදී තමන්ට ඡන්දය දුන්න ලක්ෂ 69 ඡන්ද පොළට ගෙන්වන ක්‍රමයක් හිතාගත යුතුය. මේ ඡන්ද ලක්ෂ 69යේ ලීස් එක ගෙවාගන්න බැරි ත්‍රීවීල්කාරයෝ සිටිති. පෙට්ටි කඩකාරයෝ, කෑම කඩකාරයෝ සිටිති. පාසල් ළමයින් ගෙනයන වාහනකාරයෝ සිටිති. හෝටල් ඇඟලුම් සේවකයෝ සිටිති. කොම්පැනිකාරයෝ සිටිති. මේ හැමෝටත් වඩා රජයේ සේවකයෝ සිටිති. ඔවුන් පඩිය බාගෙට කපා ගන්න ඡන්ද පොළට යයි කියලා හිතන්න බැරිය.
“අපිට එළි පහළියට බහින්න බෑ. ඇඳිරි නීති බලපත්‍රය ඉල්ලනවා. ආදෙන්කෝ ඡන්දය දාන්න කියාගෙන…”
මේ පක්ෂ පාට භේදයක් නැතිව මිනිස්සු කියන කතාවය. ආණ්ඩුව අද ඉන්නේ ගිනි කන්දක් උඩය. රාජිත සේනාරත්නව හිරේට දමල ඒ ගිනි කන්ද පිපිරීම නතර කරන්න බැරිය. අනෙක රාජිත හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාය. ඔහු මෛත්‍රි – රනිල් ආණ්ඩු කාලයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිවරයෙක් ලෙස පත්විය. මේ ආණ්ඩුව පත්වූ විටදී ඒ තනතුර වත්මන් සෞඛ්‍ය ඇමැතිනිය භාරගත්තේ නැත. ඒ තනතුර රාජිතට හිමි වූ එකක් නිසා ආණ්ඩුව ඒ තනතුර හෑල්ලු කළේය. කොරෝනාව මැද ආණ්ඩුවට එම තනතුරින් ලොකු වැඩක් කළ හැකිව තිබිණ. ඒත් ආණ්ඩුව කළේ කොරෝනා මර්දනයට රාජිතගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධූරයෙන් ප්‍රයෝජනයක් නොගෙන පොහොට්ටුව කොරෝනාවෙන් බේරාගන්න ෆේස් මාස්ක් එකක් විදිහට පාවිච්චි කිරීමය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වැඩ නොකරන රාජ්‍ය සේවකයන්ට ගෝඨාභය අන්තිම නිවේදනය නිකුත් කරයි

Next Post

HNB FINANCE අනුග්‍රහයෙන් මාර්ග සංඥා පුවරු

MORE NEWS

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

Load More
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

1990 හදිසි ගිලන් රථ සේවාව (සුව සැරිය) අක්‍රීය වන බවට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පුවත බොරුවක් බව සුවසැරිය...

Read more
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.