තම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකරන අමාත්‍යංශ හෝ ආයතන ප්‍රධානීන්ට ඉවත්ව යා හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කොට තිබේ.
රජයේ ආර්ථික ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒ අනුව කටයුතු කළ යුතු බවත්, එසේ නොමැතිනම් ඔවුන්ගෙන් වැඩක් නොමැති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
තමන් රාජ්‍ය සේවකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ ආයතනවල ඇති ප්‍රශ්න විසදාලීම බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
වැවිල් ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් එහි නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ජාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.










