• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහවැලි කලාපවල අසරණ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න හදුනගනී! ඉක්මන් විසඳුම් දෙන්න නාමල් මැදිහත් වෙන්න ලෑස්තියි! PHOTOS I Sri Lanka Latest News

September 11, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

මහවැලි කලාපවල ජනතාව මුහුණදෙන ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීමේ ක්‍රියාවලිය සඳහා රාජ්‍ය මැදිහත්වීම ලබාදීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. (Sri Lanka Latest News)

ප්‍රාදේශීය වශයෙන් ජනතාව මුහුණදෙන ගැටළු හා සැසදීමේ දී මහවැලි කාලපවල ජනතාව මුහුණදෙන ගැටළු හදුනාගෙන තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා ඉඩම්වල නිරවුල්භාවය සම්බන්ධයෙන් ගැටළු තිබෙන බවද එම ගැටළු සියල්ල සදහා විසඳුම් තමා සතුව ඇතැයි ද පෙන්වාදෙයි.

2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මාතලේ, විල්ගමුව නගරයේ දී පැවැති ජනහමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

අපි දේශපාලන පක්ෂයක් විදිහට වැඩ කරපු බලවේගයක්. ලග්ගල ආසනය ගත්තත් විල්ගමුව නගරය ගත්තත් එදා මහින්ද රාජපක්ෂ මහතා ග්‍රාමීය ආර්ථික සංවර්ධනය කේන්ද්‍ර කරගෙන රට ගොඩනගන්න හදපු වැඩපිළිවෙළත් එක්ක මේ ගම්මාන සංවර්ධනය කරන්න පටන් ගත්තා. අද නගර බවට පත්වෙලා තිබෙනවා. එදා දුෂ්කර ගම්මාන ලෙස හැදින්වූ මේ ප්‍රදේශ අද මහා දැවැන්ත සංවර්ධන ප්‍රදේශ බවට පත්ව තිබෙනවා. ඒ වගේම අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් දේශීයත්වය මත පදනම් කරගෙන දේශීය ගොවියා, කම්කරුවා, ධීවරයා ආරක්ෂා කරන්න ඕන. අපිට ආවේණික අපිට ගැලපෙන අපේ ගම්මාන වල තිබෙන පාරම්පරික ක්‍රමවේදයන්, වගාවන්, කර්මාන්ත ආරක්ෂා කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අපි හදන ආණ්ඩුවක් තුළ මේ මාතෘ භූමියට ගැළපෙන ප්‍රතිපත්ති වගේම මේ මහ පොළොව නැවත වැඩබිමක් බවට පත් කරනවා.

මේ මහවැලි කලාපවල ගැටලු තිබෙනවා. කලාපවල දෙමාපියන්ට ප්‍රශ්න තිබෙනවා. ඉඩම් වල නිරවුල්භාවය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. දරුවන් පාසල් වලට ඇතුළත් කරගන්න ප්‍රශ්න තිබෙනවා. මේ වනවිට අපි ඒවා හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ඒවට විසඳුම් අප ළඟ තිබෙනවා. මේ රටේ මහවැලි කලාපවල තිබෙන ප්‍රශ්න විසඳන්න රාජ්‍ය මැදිහත්වීම අපි ලබාදෙන්න සූදානම්. හැමදාම අපි කරන්නේ ඇමැතිවරයෙක් පත්කර ගැනීමට පසුව ඒ ප්‍රශ්න විසඳනවා වෙනුවට නිලධාරීකරණයට යටවෙලා වෙනත් විකල්ප වලට යෝජනා හදන එකයි. මහවැලි කලාපවල ජනතාවගේ ගැටළු විසඳීමට අවශ්‍යය නීතිරීති එම ව්‍යාපෘති තුළම තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීම සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගන්නත් අපි කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රදේශවල බොහෝ තරුණ පිරිසක් පතල් කර්මාන්තය මැණික් කර්මාන්තයේ නියැලෙනවා. බොහෝ වෙලාවට අපි දකින ගමේ අයට වඩා පිටින් ඇවිල්ලා ඒ ක්‍රියාමාර්ග කරන එකයි.

ඒ නිසා ගමේ තරුණ තරුණියන්ට එහි ප්‍රතිලාභ ලබාගන්න වැඩපිළිවෙලක් අපි හදන ආණ්ඩුව තුළ අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනවා වගේම මේ මහ පොළොවේ වැවෙන හැම බෝගයක්ම අපි වගා කළයුතු වෙනවා. මහපොළොවේ වගා කළ හැකි හැම බෝගයක්ම වගා කරනවා වගේම ආහාර සුරක්ෂිතතාවය, බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කරන්න දේශපාලන වේදිකාවේ පොරොන්දු වලින් එහාට ගිය ප්‍රායෝගික වැඩපිළිවෙලක් සමග අපි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. ඒ පාඩම අපි මහින්ද චින්තනයෙන් ඉගෙනගෙන තිබෙනවා. ඒ වගේම මේ රටේ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ අනාගතය පිළිබඳව මම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබෙනවා.මේ රටේ හැමදාම සේවා වසමකම ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කරන්න සංවර්ධන නිලධාරීන් බලගැන්විය යුතු වෙනවා.

ග්‍රාමීය බැංකු හරහා එම ව්‍යවසාකයන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය ලබාදිය යුතු වෙනවා. බුද්ධිම ආණ්ඩුව මැදිහත් වෙලා ග්‍රාමී බැංකුවලට අවශ්‍ය මූල්‍ය සහාය ලබා දෙන්නත් අප මැදිහත් වෙනවා. වගේම හැම ආසනයකම එම ආසනයට ආවේණික කර්මාන්තයක් නොමැතිනම් එම කර්මාන්ත ගෙන ඒමට අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා. දේශීය හා විදේශීය ආයෝජකයන් හරහා එම කර්මාන්ත ගෙන ඒමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා. එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා පත් කිරීමේ වගකීම ඔබ බාරගන්න. මේ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ වගකීම ඔබ භාරගන්න. ඔබ මේ මැතිවරණය ජයග්‍රහණය භාරගන්නවා නම් අනාගතයේදී මේ රට දියුණු රටක් බවට පරිවර්තනය කිරීමේ වගකීම නාමල් රාජපක්ෂ භාරගන්නවා.

පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි,

රටේ අනාගතය තීන්දු කරන ජනාධිපතිවරණයක් අභියස අද අපි ඉන්නවා. රනිල් වික්‍රයමසිංහ මහතාට උදව් නොකරන්නේ ඇයි කියා ඇතැමුන් මගෙන් අහනවා. සෝමාවතිය, නාගදීපය, සේරුවිල යන්න පාරවල් හදලා නිදහස් කරදුන්න, මගේ රටේ තරුණ තරුණියන් පෙට්ටියෙන් එන යුගය නතර කළ සහ මගේ භූමියට ආඩම්බරයක් ගෙනත් දුන්න මහින්ද රාජපක්ෂ මහතා දාලා යන්නේ නැහැ. අපේ මවුබිමට ආදරේ ඕනෑම කෙනෙක් මහින්ද රාජපක්ෂට ආදරෙයි. අපිට උතුරට යන්න නොහැකි වුණා. තමන්ගේ දරුවන්ට අනතුරක් නොවන්න මවුපියන්ලා එදා බෝධි පූජා පැවැත්වූවා. බස් එකේ අම්මයි තාත්තායි එකට ගියේ නැති රටක් මේක. මේ රටේ පැවැති යුද්ධය ඉවර කරන්න පුළුවන් වුණේ මහින්ද රාජපක්ෂ මහතාටයි. ජනතා විමුක්ති පෙරමුණත් මේ රටට විශාල විනාශයක් කළා. මිනිස් ඝාතන කළා. රටේ සම්පත් විනාශ කළා. මිනිසුන්ට විවිධ හිංසන කළා. රට අඳුරට ඇද දැම්මා. ඕනෑම ආයතනයක් කඩා වැටෙන්න ජනතා විමුක්ති පෙරමුණේ දෙන්නයි ඕන. නමුත් ඔවුන් විකුණන්න එපා කියා කියනවා. රට බංකලොත් කරන්නෙත් ඔවුන්මයි. විකුණන්න එපා කියන්නෙත් ඔවුන්මයි.

ආබාධිත සෙබළු, විශ්‍රාමික සෙබළු ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් හිටගෙන ඉන්නවා. ඔවුන් යහපාලන ආණ්ඩුව කාලයේ කොටුව දුම්රිය ස්ථානය අසල විරෝධතාවල සිටින අවස්ථාවල නායකත්වය දුන්නේ මම. එදා ජනාධිපති ලේකම් කාර්යාලට ගොස් ලිපියක් අරන් දුන්නේත් මම. මම මාස එකහමාරක් හිරේ ගියා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ කළේ එක ලියුම් කෑල්ලට විශාල විනාශයන් සිදුකරන එකයි. නමුත් දැන් රණවිරුවන් ඉස්සර කරගෙන යනවා. දැන් සඟසමුළු පවත්වමින් අනුර කුමාර දිසානායක සිල් ගන්නවා. මේ රට නිරාගමික තැනක් කරනවා ජනතා විමුක්ති පෙරමුණ ආවොත්. ඒ අනුව මේ රට ඉදිරියට ගෙනයන්න එළඹෙන 21 දා නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති කරන්න අපි සියලු දෙනාම එක්වෙමු. මේ ජනතාව අංවකව රට වෙනුවෙන් තීන්දු ගන්නවා යැයි පැවසූහ.

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ඡන්දය කටමුල තියා කාදිනල් හිමියන් හා සජිත් අතර අදත් විශේෂ සාකච්ඡාවක්! පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන යළිත් ප්‍රතිඥාවක්! මහමොළකරුවන් සොයා තරාතිරම නොබලා දඬුවම් දෙනවා! වින්දිතයන්ට සහනත් දෙනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවට විශාල ආදායමක් උපයා දෙන මණ්ඩල 2ක මහාපරිමාණ වංචා දූෂණ රැසක්! ලොක්කො දෙන්නෙක් කෝටි ගණන් ගහලා! එකෙක් දේශපාලන ඥාතියෙක්! අනෙකා දේශපාලන හෙංචයියෙක්! ලිපිගොනු රැසක් සජබ ප්‍රධානීන් අතට ඇවිත්! එක පිට එක නඩු ගොඩක් වැටෙන්න ලෑස්තියි! I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.