ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති නාමල් දැක්ම වැඩපිළිවෙල සම්බන්ධයෙන් නිවසින් නිවසට ගොස් ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන හෙට (07) උදසන සිට දීපව්‍යප්තව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. (Sri Lanka Latest News)
දිවයින පුරා මැතිවරණ දිස්ත්‍රික්ක විසිදෙකෙහි ආසන 160, ඡන්ද පොල කාර්යාල 13268 නියෝජනය වන පරිදි සංවිධානය කරනු ලබන ජාතික ගෙයින් ගෙට යෑමේ ව්‍යාපාරය සැප්තැම්බර් 07 වන දින උදෑසන සුබ මොහොතින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.










