හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු LRC ලොක්කන් එක්ක හවුලේ වන සංරක්ෂණයට අයත් ඉඩම් ජාවාරමක් සිදු කර ඇති බවට චෝදනා කරමින් සමගි ජන සන්ධානයේ පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා විසින් ඊයේ දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කළේය.Sri Lanka Latest News
මෙහිදී ඒ මහතා චෝදනා කළේ මීමුරේ නොවටිනා ඉඩම් වෙනුවෙන් හන්තාන, කටාන, මාළඹේ සහ මීමුරෙන් වටිනා ඉඩම් ප්‍රමාණයක් ලංකාවේ යකඩ ව්‍යාපාරිකයකුගේ ඥාතියකුට ලබා දී ඇති බවකි.










