• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද අකුලපු හැටි මෙන්න! මානව හිමිකම් කඩපු හැටි මෙන්න! සිවිල් සමාජයට තර්ජන ගර්ජන කරපු හැටි මෙන්න! එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ආණ්ඩුවේ පැටිකිරිය ලෝකයටම කියයි! Sri Lanka Latest News

September 2, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
ඡන්ද අකුලපු හැටි මෙන්න! මානව හිමිකම් කඩපු හැටි මෙන්න! සිවිල් සමාජයට තර්ජන ගර්ජන කරපු හැටි මෙන්න! එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ආණ්ඩුවේ පැටිකිරිය ලෝකයටම කියයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකා රජයට මැතිවරණ කාලසීමාවට පෙරාතුව, එම කාලසීමාව තුළ සහ ඉන් පසුවද, යම් ජනතා විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය සහ සීමාන්විත බලය යෙදවීමෙන් වැළකී සිටීම ඇතුළත්ව ප්‍රකාශනයේ නිදහස, සමාගම් පැවැත්වීමේ හා සාමකාමී රැස්වීමේ නිදහසටද ඇති අයිතිවාසිකම පූර්ණ වශයෙන් ආරක්ෂා කිරීම සහ ගරු කිරීම සඳහා වගකීමක් පවතින බව අවධාරණය කරමු. එසේම රජය මැතිවරණ හා සම්බන්ධ වන අනෙකුත් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ අපහරණ වැළැක්වීමටද වගකීමක් පවතින බවද ප්‍රකාශ කළ යුතුය. සිවිල් සමාජයේ ක්‍රියාකාරිකයන්ට, ජනමාධ්‍යවේදීන්ට හා අනෙකුත් වින්දිතයන්ට එරෙහිව තර්ජන, හිරිහැර කිරීම් සහ ප්‍රචණ්ඩත්වය මුදාහැරීම පිළිබඳ අවස්ථා නැවත මතුවීමේ ප්‍රවණතා දැකිය හැකි අතර, ඒ පිළිබඳ අපගේ බරපතළ කණස්සල්ල දක්වා සිටිමු….’ (Sri Lanka Latest News)

කුමක්ද මෙලෙස ඇසෙන බැරෑරුම් කතාන්දරය? මෙම කාලය තුළදී ශ්‍රී ලංකාව මුහුණපා සිටින්නේ ඉතා තීරණාත්මක සමයකටයි. එය වෙනත් කිසිවකුත් නොව, අප සියල්ලන්ම දන්නා පරිදි ජනාධිපතිවරණ මැතිවරණ සමයයි. එවැනි සමාජ වටපිටාවකදී මැතිවරණයන්ද ආශ්‍රිත කරගනිමින් ඉහත සුවිශේෂ ප්‍රකාශය සිදුකරන්නේ කවරකු විසින්ද? ශ්‍රී ලංකාවට අදාළ එම විශේෂිත කතාව කියා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයයි. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටුවා තිබෙන මෙම කවුන්සිලය විසින් පසුගියදා ශ්‍රී ලංකාවට අදාළව නිකුත් කරනු ලැබූ නවතම මානව හිමිකම් වාර්තාව මගින් ඉහත සුවිශේෂ කරුණු අවධාරණය කර සිටියි. ලෝකයේ fාත්රාගනු ලැබූ විවිධ රටවල් ගණනාවක් සඳහා මෙවැනි වාර්තාවන් ප්‍රකාශයට පත්කරනු ලබන අතර, ඉන් ශ්‍රී ලංකාවද ප්‍රධාන තැනක් ගනී. 2006 මාර්තු 15 දා මුලින්ම ආරම්භ කරනු ලැබූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සියල (United Nations Human Rights Council – UNHRC) මේ වනවිට සාමාජික රටවල් 47කින් සමන්විත වෙයි. එනම් ශ්‍රී ලංකාවද එහි සාමාජිකත්වය දරයි. මෙම කවුන්සිලයේ ප්‍රධානත්වය දරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ධුරය දරන වොල්කර් ටුර්ක් (Volker Türk) මහතා විසිනි. ඔහු මෙම වත්මන් කොමසාරිස් ධුරය දරන්නේ 2022 ඔක්තෝබර් මාසයේ සිටය. 58 හැවිරිදි ඔහු වෘත්තියෙන් ජාත්‍යන්තර නීති විශාරදයෙකි. ඔහු ඔස්ටි්‍රයානු ජාතිකයකු වන අතර, ඔස්ටි්‍රයාවේ වියානා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියක් සහ ජාත්‍යන්තර නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක්ද හිමිකරගෙන ඇත.
දැන් එසේ නම් මෙම ආන්දෝලනාත්මක වාර්තාවේ තවත් තොරතුරු සොයා බලමු. මෙවැනි ශ්‍රී ලංකාවට අදාළ මානව හිමිකම් වාර්තා ගැන මින් පෙරද අප කිහිප වතාවක් අසා සිටියෙමු. එහෙත් මෙම නවතම වාර්තාව අපට ප්‍රකාශ කරන්නේ 2024 අගෝස්තු 24 වැනිදාය. එනම් මෙයට දින කිහිපයකට පෙරදීය. මෙම සුවිශේෂ වාර්තාව ඉංග්‍රීසි බසින් නිකුත් කෙරෙන අතර, එය සඳහන් කර ඇත්තේ ”A/HRC/57/19: Situation of Human Rights in Sri Lanka – Comprehensive report of the United Nations High Commissioner for Human Rights” (A/HRC/57/19: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්ගේ විස්තීරණ වාර්තාව) යන මාතෘකාව යටතේය. මානව හිමිකම් කවුන්සිලය සෑම වසරක් පාසාම සැසි තුනක් පවත්වනු ලබන අතර, එනම් එය මාස 4කට වරක් පැවැත්වෙයි. එසේම යම් හෙයකින් යම් රටවලට අදාළව මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ හදිසි අවස්ථාවලදී විශේෂ සැසිවාරද පැවැත්වෙයි. මේ අනුව එම කවුන්සිලයේ නවතම සැසිවාරය පසුගිය 2024 ජුනි 18 සිට ජූලි 12 දා දක්වා ජිනීවා නුවරදී පවත්වනු ලැබීය. මෙම 56 වැනි සැසිවාරයට අදාළව ඉහත වාර්තාව ප්‍රකාශයට පත්කරනු ලැබීය. මෙය පරිච්ඡේද 68කින් සමන්විත ඉතා දීර්ඝ ලේඛනයක් වන අතර, එහි පරිච්ඡේද 60 සිට 68 දක්වා නිගමනයන් සහ නිර්දේශ ඉදිරිපත් කර ඇත. එම පරිච්ඡේදවලින් 67 සහ 68 පරිච්ඡේද දෙක තවත් උප පරිච්ඡේද ගණනාවකින්ද සමන්විතය. මේ ආකාරයට මෙම ප්‍රකාශනය ඉතා සංකීර්ණ එකක් වෙයි.

මෙවැනි දීර්ඝ වාර්තාවක සියලු තොරතුරු ලියා තබන්නට මෙවැනි ලිපියක ඉඩකඩ ඉතා මදිය. එහෙයින් එහි විශේෂිත කරුණු පමණක් අප ගෙනහැර බලමු. එම පෙළගැස්ම මෙසේය.

★ ‘ඡන්ද විමසීම්වලින් පසුව අලුතින් තේරීපත්වන ආණ්ඩුව, හදිසි කාර්යයක් වශයෙන් ගැටුමේ මූලික හේතූන් ආමන්ත්‍රණය කරන හා සියල්ලන්ම ඇතුළත් වන ශ්‍රී ලංකාව සඳහා ජාතික දැක්මක් අනුගමනය කළ යුතු අතර, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට සහ දේශපාලන අධිකාරිය විමධ්‍යගත කිරීමට අවශ්‍ය මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ ආයතනීය සංශෝධන සිදුකොට වගවීම සහ සංහිඳියාව පෙරට ගෙන ආ යුතුය.’

★ ‘නිදහස් සහ සාධාරණ මැතිවරණය හරහා ආණ්ඩුවේ සියලු මට්ටම්වල දේශපාලනික සහභාගිත්වයට ඇති අයිතිවාසිකම සහතික කිරීම.’

★ ‘සියලු ශ්‍රී ලාංකිකයන් මත විශේෂයෙන්ම දුප්පත් සහ අවදානම් තත්ත්වයේ පසුවන අනෙකුත් අය කෙරෙහි ඇතිකරන ආර්ථික අර්බුදයේ බලපෑම සහ ණය බරින් ඇතිකරන බලපෑම ගැන මහකොමසාරිස්තුමාට අවබෝධයක් පවතී. ආර්ථික ප්‍රතිපත්තිය සහ මූල්‍ය ස්ථායීකරණ වැඩපිළිවෙළ ගැන තීරණ ගැනීමේදී ප්‍රමාණවත් සමාජ ආරක්ෂණයක් තහවුරු කිරීම ඇතුළත් ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික මානව අයිතිවාසිකම් බැඳීම් ඊට මග පෙන්විය යුතු යැයි මහකොමසාරිස්වරයා ඉල්ලා සිටියි. අවදානම් තත්ත්වයේ පුද්ගලයන්ගේ සහ කණ්ඩායම්වල ජීවන මට්ටම කෙරෙහි බලපාන වියදම් කපාහැරීමේ පියවර තක්සේරු කළ යුතුය.’

★ ‘හමුදාව පවරාගෙන ඇති ඉඩම් නිදහස් කිරීම, උතුරු සහ නැගෙනහිර අලුතින් ඉඩම් අල්ලාගැනීම නතර කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් රඳවාගෙන ඇති සියලු දෙනා නිදහස් කිරීම සහ වින්දිතයන්ගේ සිහිපත් කිරීමේ මුලපිරුම් අපරාධයක් සේ සැලකීම ඉවත් කිරීම සහ ඒවාට සහාය ලබාදීම වැනි විශ්වාසය ගොඩනැගීමේ පියවර ක්‍රියාත්මක කිරීමෙන් සංක්‍රාන්තික යුක්තිය ක්‍රියාත්මක කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම.’

★ ආණ්ඩුවේ සහ ආරක්ෂක අංශවලට හෝ තානාපති තනතුරුවලට මෙන්ම විශේෂයෙන් සංක්‍රාන්තික යුක්තිය සහ වගවීම සාක්ෂාත් කරගැනීමට පිහිටුවන ලද කිසියම් ආයතනයක හෝ ඉහළ මට්ටමේ තනතුරුවලට, මානව අයිතිවාසිකම් චෝදනා කළේ යැයි විශ්වාස කළ හැකි අය පත්කිරීමෙන් හෝ උසස්වීම් ලබාදීමෙන් වැළකී සිටීම සහ බලයෙන් ඉවත් කිරීම.’

★ ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම විලම්බනය කිරීම සහ ඒ වෙනුවට ගෙන එන කිසියම් පනතක් අන්තර්ජාතික මානව අයිතිවාසිකම් නීතියට සහ ප්‍රතිත්‍රස්ත නීති සඳහා එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් විශේෂඥයන් විසින් කලින් සකස් කළ ප්‍රමිතීන්ට ගැළපෙන බවට සහතික කිරීම.’

★ ‘සියලු ආකාරයේ සෝදිසි කිරීම් සහ මානව අයිතිවාසිකම් ආරක්ෂකයන්ට, ජනමාධ්‍යවේදීන්ට, මානව අයිතිවාසිකම් උල්ලංඝනයේ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට, විශේෂයෙන්ම කාන්තාවන්ට එරෙහි පලිගැනීම් වහාම නතර කිරීමට සියලු ආරක්ෂක ආයතනවලට සහ බුද්ධි අංශවලට නියෝග කිරීම.’

★ ‘මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත, ICCPR පනත, කෙටුම්පත් කර ඇති රාජ්‍ය නොවන සංවිධාන පනත සහ විදුලි සංදේශන පනතට, යෝජිත සංශෝධන ඇතුළත් මතයක් දැරීමේ නිදහස සහ ප්‍රකාශනයේ, සමාගම් පැවැත්වීමේ සහ සාමකාමී රැස්වීමේ නිදහසට ඇති අයිතිවාසිකම අනවශ්‍ය ආකාරයෙන් සීමා කෙරෙන පවතින හෝ යෝජිත පනත් අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම.’

★ ‘අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, නීතියෙන් පරිබාහිරව සිදුකෙරෙන ඝාතන, වධහිංසා පැමිණවීම, ලිංගික ප්‍රචණ්ඩත්වය සහ වෙනත් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම තහනම් බවත්, ඒ ගැන ක්‍රමානුකූලව විමර්ශනය කොට දඬුවම් කරන බවත්, හමුදාවේ මෙන්ම බුද්ධි අංශ සහ පොලිසියේ සියලු අංශවලට පැහැදිලි උපදෙස් මගින් ප්‍රසිද්ධියේ නිකුත් කිරීම.’

★ ‘නීතිය බලාත්මක කිරීමේදී, වාණිජ සහ සිවිල් කටයුතුවලදී හමුදාවේ මැදිහත් වීම වැළැක්වීම සහ උතුර සහ නැගෙනහිර පළාත්වල හමුදාව නතර කර තැබීම සැලකිය යුතු ආකාරයෙන් අඩු කිරීම.’

★ ‘ ශ්‍රී ලංකාවේ වගවීමේ ප්‍රගමනය සඳහා වෙනත් අන්තර්ජාතික නෛතික විකල්ප යොදාගැනීම කෙරෙහි සලකා බැලීම.’

★ ‘පලිගැනීමේ තර්ජනයට මුහුණ දී ඇති ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් රැකවරණ ලබාදීමේ පියවර වහා සමාලෝචනය කිරීම සහ නිසි පියවර ගැනීම.’

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අලුත්ම මත විමසුමේ ප්‍රතිඵල එයි! ට්‍රම්ප් පස්සට දමමින් කමලා ඉස්සරහට ඇවිත්!

Next Post

රනිල්-අනුර ඩීල් එකක්ද? සජිත් දිනන්නේ නෑ! සජිත්ට දෙන ඡන්දේ අනුරට දෙන ඡන්දයක් වගේ! ජනාධිපති කැකිරාවේදී කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.