කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් ජනතාවට දෙවන වටයේදීත් රුපියල් 5000 දීමනාව ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කොට ඇත.
මෙවර එම දීමනාව ග්‍රාම නිලධාරීවරුන් හරහා නිවෙසටම ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
ඒ අනුව ලබන 11 වැනිදා මෙම ගෙවීම් ආරම්භ කර 15 වැනිදා අවසන් කිරීමට සැලසුම් කර ඇත.










