• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආරංචිය අසුබයි! භයානකයි! මෙන්න හර්ෂ ඇත්ත කතාව කියනවා! Sri Lanka Latest News

July 1, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිරස රූපවාහිනියේ ‘අර්ථ තර්ක’ වැඩසටහනේදී පළකළ අදහස් මෙසේය. (Sri Lanka Latest News)

Fitch, Standard and Poor, Moody කියන ආයතන අපිව ණය පැහැරහරින්නන්ගේ ගණයට දැම්මා. ඒගොල්ලෝ සටන් කරලා තමයි ඒක ගත්තේ. සාමාන්‍ය ජනතාවට අද එකඟ වෙච්ච එකට වඩා අහිතකර තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවෙලා තිබුණා. ජනාධිපතිතුමා 26 වැනිදා ප්‍රකාශයක් කරලා කිව්වා රට බංකොලොත්භාවයෙන් මිදුණා කියලා. ඇත්ත වශයෙන්ම මම කුහක වෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ රට බංකොලොත්භාවයෙන් මිදෙනවා නම් ඒක අපි සියලු දෙනාටම සතුටුදායක දෙයක්. අලි සබි්‍ර විදේශ ඇමැතිවරයා මමත් ඉන්න තැනක පහුගිය දවසක කිව්වා, ‘මම හර්ෂටත් කෝල් කළා එදා හැන්දෑවේ, අපිට තිබුණේ අතේ ඩොලර් මිලියන 20යි. එතකොට අපිට ඩොලර් මිලියන 190ක්ද කොහෙද ඊළඟ දවස් කීපයේදී ගෙවන්න තිබුණා. සල්ලි තිබුණේ නෑ. මෙච්චර කල් ඔවුන්ට තිබුණේ බොරු. ඉතින් ඒ නිසා අපිට විකල්ප දෙකක් තිබුණා. එක්කෝ ඊළඟ සතියේ ඒ ගෙවන දිනය වෙනකල් ඉඳලා නොගෙවා ඉන්න. එහෙම නැත්නම් අද කියන්න අපිට ගෙවන්න හැකියාවක් නෑ කියලා. එතකොට අපි මුකුත් නොකියා නොගෙවා හිටියා නම් එහෙම මීටත් වඩා අවුලකට අපි වැටෙනවා’ කියලා. ඒ නිසා බංකොලොත් කියලා අපිට කිව්වේ ණය ගෙවාගන්න බැරිවෙච්ච නිසා. ඒක ලෝකෙට නිවේදනය කළේ මුදල් ඇමැතිවරයා. එහෙම වෙනකොට Fitch, Standard and Poor, Moody කියන ආයතන අපිව ණය පැහැරහරින්නන්ගේ ගොඩට දැම්මා. ඒක තමයි සාමාන්‍යයෙන් බංකොලොත් කියලා කියන්නේ. දැන් මේකෙන් අපි ගොඩ එන්න ඕනනේ. අපි කවුරුත් උත්සාහ කරන්නේ මේකෙන් ගොඩ එන්න. අපිට මේක ලොකු ලැජ්ජාවක්. ලෝකෙට මූණ දෙන්න බැරි තැනක අපි ඉන්නේ. ඉතින් ගොඩ එන්න නම් අපිට ජාත්‍යන්තරයෙන් ගත්ත ණය වර්ග 3ක් තියෙනවා. එකක් තමයි බහු පාර්ශ්ව ණය. ඒ කියන්නේ ලෝක බැංකුව, ඒ.ඩී.බී. වගේ ඒවා. ඒවා අපි දිගටම ගෙවාගෙන ගියා. අපි හැම වාරිකයම ගෙව්වා. ඒ නිසා අපිට එතැන ගැටලුවක් නෑ. ඊළඟට තියෙන්නේ ද්විපාර්ශ්වික ණය. ඒකෙ තියෙනවා පැරිස් ක්ලබ් කියලා. ඒකෙ බහුතරයක් තියෙන්නේ ජපානයෙන් ගත්ත ණය. ඊට අමතරව තියෙනවා ඉන්දියාව සහ චීනයෙන් ගත්ත ණය.

ඊළඟට තියෙනවා ජාත්‍යන්තර පුද්ගලික ණය හිමියන්ගෙන් ගත්ත ණය. ඒවට අපි කියනවා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කියලා. ඒකට අදාළව තව තියෙනවා බැංකුවලින් ගත්ත වාණිජ ණය. ඒක ගොඩක් කට්ටිය කතා කළේ නැති වුණාට ඒකත් වාණිජ ණය ගොඩටම තමයි වැටෙන්නේ.
අපිට ආරංචි වෙන විදියට පැරිස් ක්ලබ් එකේ ජපානය, ඉන්දියාව සහ චීනය යම් විදියකට එකඟ වෙලා තියෙනවා කියලා ණය ටික ප්‍රතිව්‍යුහගත කරගන්න. අපි දන්නේ නෑ මොකක්ද කියලා ඒ එකඟ වෙලා තියෙන දේ. නමුත් අපි බැලුවොත් එහෙම මේ දවස්වල එවැනි දේවලට එකඟ වෙච්ච අනෙක් රටවල් ගැන. සාමාන්‍යයෙන් අවුරුදු 12ක විතර කල්දැමීමක් තියෙනවා ණය ගෙවන එකේ සහ අවුරුදු 3ක විතර ග්‍රේස් පීරියඩ් එකක් දෙනවා. ඉතා සහන පොලියකට තමයි මේ ණය ප්‍රතිව්‍යහුගත වෙන්නේ. ඒක හොඳයි. අපි සන්තෝෂ වෙනවා ඒ ගැන. එවැනි දෙයක් කරගන්න විපක්ෂයක් හැටියට අපිට දිය හැකිව තිබූ සම්පූර්ණ සහයෝගය අපි දුන්නා. චීනෙට, ජපානෙට, ඉන්දියාවට අපි හමුවුණු හැම අවස්ථාවෙදීම කිව්වා කරුණාකරලා අපිට මේ සහාය ලබාදෙන්න කියලා.
ඒ කියන්නේ අමාරුම අවස්ථාවක විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතා හොඳින් අවසන් කරමින් කියලා අපට උපකල්පනය කරන්න පුළුවන්ද?

අපි දන්නේ නෑ මේකෙ ඇතුළාන්තය මොකක්ද කියලා. හැබැයි අපි කියන්නේ අපිත් හැම වෙලාවෙම උදව් කළා ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කරගන්න. හැබැයි එතන තියෙන්නේ ඩොලර් බිලියන 11ක විතර ප්‍රමාණයක්. හැබැයි ඩොලර් බිලියන 12.5ක සහ තව ගෙවපු නැති හිඟ ඩොලර් බිලියන 2ක් විතර, ඔක්කොම ඩොලර් බිලියන 15ක විතර ප්‍රමාණයක් තියෙනවා ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග. එතකොට ඔවුන් ඉදිරිපත් කරලා තියෙන යෝජනාව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා විපක්ෂය හැටියට. මොකද ඒ ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ ඒ යෝජනාව අපේ රටට අතිශයින්ම අහිතකරයි. ඒකෙන් කියන්නේ අපි බලාපොරොත්තු වෙච්ච දළ දේශීය නිෂ්පාදන අයි.එම්.එෆ්. නිවේදනය කරපු දළ දේශීය නිෂ්පාදනයට වඩා වැඩිවුණොත් එහෙම ඒ වැඩිවීමේ ප්‍රතිඵල බහුතරයක් ජාත්‍යන්තර ණය හිමියන්ට තමයි යන්නේ. උදාහරණයක් කියන්නම්. 2027 වෙනකොට තමයි අපිට තියෙනවා පොඩි බොක්ස් එකක්. 2027 ඉවර වෙනකොට, එහෙම නැත්නම් 25, 26, 27 අවුරුදු තුනේදී. ජාතික දළ දේශීය නිෂ්පාදනය ඩොලර්වලින් මැනලා, ඒ මැනපු ප්‍රමාණය අපි සන්සන්දනය කරලා තියෙනවා කලින් බලාපොරොත්තු වෙච්ච දළ දේශීය නිෂ්පාදනයට. ඒ දෙක අතර තියෙන වෙනසට අනුව තමයි ඔය මුහුණත අගය කපාහැරීම සිද්ධ වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලාපොරොත්තු වුණේ 2027 වෙනකොට අපේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 84.2ක් වෙයි කියලා. ඒක තමයි බේස් ලයින් එක. හැබැයි ගිය අවුරුද්දේ අපේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 84.4යි. එතකොට 84.2කට තිබ්බා නම් තමයි ඔය 28%ක් බලාපොරොත්තු වෙන කපාහැරීම සිදුවෙන්නේ. උදාහරණයක් විදියට මේක 90ට ගියොත් එහෙම කපාහැරීම 28 ඉඳලා 23ට අඩු වෙනවා. ඔහොම ගිහින් 96ට ගියොත් එහෙම මේ කපාහැරීම 28 ඉඳලා 7.2ට බහිනවා. මේ තීරණය එන්නේ අද නෙවෙයි.

මේ තීරණය එන්නේ 2027න් පස්සේ. එතකොට අපේ තර්කය තමයි දැන් අයි.එම්.එෆ්. එක ඉදිරිපත් කරලා තියෙනවා ස්ටාෆ් රිපෝර්ට් එකක්. ඒක ඕනෙ කෙනෙක්ට ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. ඒකේ තියෙන ගණන්වලට අනුව අපේ රටේ 2027 වෙනකොට දළ දේශීය නිෂ්පාදනය රුපියල් ටි්‍රලියන 40යි. රුපියල් ටි්‍රලියන 40 කියන එක අද තියෙන එක්ස්චේන්ජ් රේට් එක අපි හිතමු 5%කින් දිගින් දිගටම වසරක් පාසා අවප්‍රමාණ වුණා කියලා. එතකොට 2027 වෙනකොට රුපියල් 365 වුණෝතින් එතකොට දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 109යි. 7%කින් අවප්‍රමාණ වුණෝතින් එහෙම ඩොලරය රුපියල් 385යි. එතකොට වටිනාකම ඩොලර් බිලියන 103යි. 10%කින් අව ප්‍රමාණය වුණොත් එහෙම ඩොලරයට සාපේක්ෂව රුපියල් 419යි. එතකොට ඩොලර් බිලියන 96යි. මේ ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රොජෙක්ෂන්ස්වලට අනුව අපේ කපාහැරීම 28% ඉඳලා 7.3%ට අඩු වෙනවා. ඉතින් අපි කියන්නේ මේ ආරෝපණ බද්ද ගහන්නේ අපේ මිනිස්සුන්ට නම්, අපේ මිනිස්සුන්ගේ ඊ.පී.එෆ්. එකට නම් ගැහුවේ, අපේ මිනිස්සු නම් දුප්පත් වුණේ, අපේ මිනිස්සුන්ට නම් කෑම ටික හොයාගන්න රස්සාවක් නැති වුණේ, අපේ මිනිස්සුන්ට තමයි ඒකෙ වාසිය එන්න ඕනේ. අපි හිටගන්නේ අපේ මිනිස්සුන්ගේ පැත්තේ. ඒ නිසා කවුරු මොනවා කිව්වත් ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග ශක්තිමත් විවාදයක් පැවැතිය යුතුයි. නිකන් ඒගොල්ලෝ කියන එකට අපිට එකඟ වෙන්න බෑ. ඕක කියන විටම මම අනිත් පැත්තට කියන්න ඕනේ රජය විසින් ඉදිරිපත් කරලා තියෙනවා කවුන්ටර් ප්‍රපෝසල් (විකල්ප යෝජනාවක්) එකක්.
ඒ විකල්ප යෝජනාව ජයග්‍රහණය කරගන්න පුළුවන් වුණොත් අපිට එහෙම නම් සෑහෙන දුරට මේ ප්‍රශ්නය බේරගන්න පුළුවන්. හැබැයි අපි යම් කිසි විදියකට බංකොලොත්භාවයෙන් ගොඩ එන්න කියලා ඔවුන් ඉදිරිපත් කරලා තියෙන ලංකාවට අහිතකර යෝජනාවට එකඟ වුණේ දේශපාලන හේතුවක් නිසා නම් අපි මහා අමාරුවක වැටෙනවා. මොකද කවුරු ආණ්ඩුව ගත්තත් ඊළඟ මාස හතරෙදී මේ එකඟතාව අපිට ඉස්සරහට අරගෙන යන්න වෙනවා. මොකද මේක අයි.එම්.එෆ්. එකේ ඇග්‍රිමන්ට් එකක් නෙවෙයි. ණය හිමියන් සමග එකඟවෙලා තියෙන ණය නැවත ගෙවීමේ එකඟතාවක්. අපි නැවත ණය ගෙව්වේ නැත්නම් අපි නැවතත් ණය පැහැරහරින්නෙක් බවට පත්වෙනවා.

අපි දැක්කා ජනාධිපතිතුමා ‘ආරංචිය සුබයි’ කියලා හැම තැනම පෝස්ටර් ගහලා තියෙනවා. සාමාන්‍යයෙන් ස්වාධීන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් තමයි රටක ණය ගෙවන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය කරන්නේ. ඒකට Fitch, Standard and Poor, Moody තියෙනවා. මේක ටි්‍රපල් ලේයර් ඉඳලා පහළට එනවා. දැන් අපි ඉන්නේ අවසානයේ. ඩිෆෝල්ට් කියන්නේ ණය පැහැරහරන එක. එතකොට අපි අර කියපු ද්විපාර්ශ්වික ණය හිමියන් සමග එකඟතාවකට ඇවිල්ලා, ඊට පස්සේ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග එකඟතාවට ඇවිල්ලා, ඒ එකඟතාවට අනුව අපි දැන් නොගෙවා තියෙන බැඳුම්කර තියෙනවනේ, ඒවා හුවමාරු කරගන්න ඕනේ අලුත් බැඳුම්කරවලට. ඒ අලුත් බැඳුම්කරවලට හුවමාරු කරගන්නකොට Fitch, Standard and Poor, Moody කියන ආයතන ඒ බැඳුම්කරවලට රේටින් එකක් දෙනවා. ඒ රේටින් එක ‘ඩී’වලින් එකට උඩට ආවොත්, උඩට එනවාම තමයි. මොකද ඒ හුවමාරුව කරගත්තට පස්සේ අයි.එම්.එෆ්. ඩෙඩ් සස්ටේනබිලිටි ඇග්‍රිමන්ට් එකත් එක්ක සමගාමීව යන්න ඕනේ අපිට ණය තිරසාර කරගන්න පුළුවන් කියන මතය ජාත්‍යන්තරයේ පිළිගන්න තැනකට එන්න. ඒකට තමයි අපිට අයි.එම්.එෆ්. එක අවශ්‍ය. එහෙම වුණොත් එතකොට අපිට කියන්න පුළුවන් අපි බොන්ඩ් එක්ස්චේන්ජ් එක කරලා ඉවරයි, අලුත් රේටින් එකක් ඇවිල්ලා කියලා. උදාහරණයක් හැටියට අද දවසේ නිකුත් කළා ලෝකයේ වටේම ගානා රාජ්‍යය එකඟ වෙලා තියෙනවා කියලා ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කරන්න. ඒකෙන් බොහෝ දුරට බලාපොරොත්තු වෙන්නේ ටි්‍රපල් ‘සී’ ප්ලස් කියන රේටින් එකත් එක්ක අලුතෙන් ගානාව ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපළට එකඟ වෙයි කියලා. හැබැයි ඒගොල්ලන්ට 37%ක හෙයා කට් එකක් ලැබුණා. ඉතින් එහෙම ඒගොල්ලෝ සටන් කරලා තමයි ඒක ගත්තේ. කලින් දීපු ඒවාත් එක්ක එකඟ වුණා නම් මේ කට්ටියට මීට කලින් රේටින් එකක් අරන් එළියට තිබ්බා වෙන්න පුළුවන්. හැබැයි ඒක ගානාවේ සාමාන්‍ය ජනතාවට අද එකඟ වෙච්ච එකට වඩා අහිතකර තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවෙන්න තිබ්බා.

SendShareShare
Previous Post

හිරුණිකාගේ ඇප ඉල්ලීම සලකා බැලීම 4 වැනිදා! I Sri Lanka Latest News

Next Post

මුදල් කමිටුව කැඳවලා යෝජනාව සම්මත කරන්න කියලා ජනාධිපති මට කිව්වා! ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම නැතිව මුදල් කමිටුව කැඳවන්න බෑ කියලා මම ජනාධිපතිතුමාට කෙළින්ම කිව්වා! ගැලරියට චූන් දාලා විවාදයක් කරලා ඡන්ද තියලා ආණ්ඩුව දේශපාලනය කරන්නනේ හැදුවේ! අයියෝ රතිඤ්ඤා ගහලා කිරිබත් කාපු කට්ටිය පව්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.