‘හිරු’ නාළිකාවෙන් ඉවත් වී ස්වර්ණවාහිනී නාළිකාවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ බාරගත් සුදේව හෙට්ටිආරච්චි සහ රංගනද සිල්වා යන මාධ්‍යවේදීන් හෙට (01) දිනයේදී පළමු වරට සිය සුපුරුදු වැඩසටහන් සමග කලඑළි බැසීමට නියමිතය.
ඒ අනුව සුදේව හෙට්ටිආරච්චි හෙට දිනයේ එම නාළිකාවේ කලක් ජනප්‍රියතම දේශපාලන වැඩසටහන බවට පත්ව තිබූ ‘රතු ඉර’ කාලීන දේශපාලන වැඩසටහන නැවත වරක් ආරම්භ කරමින් රාත්‍රී 8.30ට සිය පළමු වැඩසටහන ඉදිරිපත් කිරීමට නියමිතය.
හෙට දිනයේදී එම පළමු වැඩසටහනට සහභාගී වීමට නියමිතව ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරමින් මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර සහ විපක්ෂය නියෝජනය කරමින් එස්. එම්. මරික්කාර් සහ සුනිල් හදුන්නෙත්ති යන හිටපු මන්ත්‍රීවරුන්ය.
මීට අමතරව හෙට උදෑසන 6.30ට රංගන ද සිල්වා ‘පත්තරේ’ වැඩසටහන ඉදිරිපත් කරමින් ස්වර්ණවාහිනියේ සිය පළමු වැඩසටහන ඉදිරිපත් කිරීමට නියමිතය.










