ස්වාධීන රූපවාහිනිය විසින් මෑතකදී පවත්වන ලද විවාදයට අදාළ කාරණාවක් පිළිබඳව සමගි ජන බලවේගය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත.Sri Lanka Latest News
සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අතර මෙම විවාදය ස්වාධීන රූපවාහිනි විසින් සංවිධානය කර තිබින.
නමුත් එම විවාදයට සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙන බවට සඳහන් කරමින් ව්‍යාජව සකස් කරන ලද ලිපියක් සමාජ ජාල ඔස්සේ බෙදාහැර තිබූ බවට එම පැමිණිල්ලෙන් කියා ඇත.
මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ කර නීතිමය ක්‍රියාමාර් ගන්නා ලෙස ඔවුන් ඉල්ලා තිබේ.









