රත්තොට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සමුළුවට හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ඔහුගේ පුත් ආරක්ෂක රාජ්ය ඇමැති ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට ආරාධනා කර නොතිබීම හේතුවෙන් දිස්ත්රික්කයේ මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.Sri Lanka Latest News
පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්රික් නායකයා ලෙස කටයුතු කරන්නේ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට හා ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට ආරාධනාවක් නොලැබීම මත ඔවුන් දෙදෙනාම එම සමුළුවට සහභාගි නොවූහ.
මෙම ආසන සමුළුව රත්තොට බස් නැවතුම් පෙළේදී පසුගිය අටවෙනිදා පැවැත්වින. පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් එය පැවැත්වුනි.
සමුළුව සංවිධානය කර තිබුණේ ක්රීඩා හා යෞවන කටයුතු රාජ්ය ඇමැති රෝහණ දිසානායක මහතා විසිනි.
සමුළුව සඳහා මාතලේ ජනතාවගේ නායකයා වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට රාධනා නොකිරීම ඔහුට කළ අගෞරවයක් මෙන්ම මදි පුංචිකමක් බවද ආරක්ෂක රාජය ඇමති ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
පොහොට්ටුව තමන්ට සලකන්නේ මේ ආකාරයට නම් ඒවායේ ප්රතිඵලත් ඔවුන්ට ලැබෙනු ඇති බවත් තමන්ටත් තම පියාටත් කළ අගෞරවය ගැන දිස්ත්රික්කයේම ජනතාව කතා කරන බවත් හෙතෙම කියා සිටියේය.









