• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෝදිගේ තුන්වැනි දිව්රුම් දීම අද! ඉන්දීය සාගර කලාපයේ අසල්වැසි රාජ්‍ය නායකයන්ට ආරාධනා! සම්භාවනීය අමුත්තන් දහස් ගණනක්! නවදිල්ලියේ ආරක්ෂාව දැඩි කරයි! ගුවන් ගමන් තහනම්! I Sri Lanka Latest News

June 9, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
මෝදි 77 වන නිදහස රතු බළකොටුවේදී ඉහළින්ම සමරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අඛණ්ඩව තෙවන වරටත් ඉන්දීය අගමැති ධුරයට පත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය (09) නවදිල්ලි අගනුවරදී පැවැත් වෙයි. Sri Lanka Latest News

ඒ රාජ්‍ය නායකයින් ඇතුළු ආරාධිතයින් දහස් ගණනකගේ සහභාගීත්වයෙනි.

ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගිවීමට නියමිතය. 

දින 44ක් අදියර 7ක් යටතේ පැවැති ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දිය මහ මැතිවරණය ජය ගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂ සන්ධානය පසුගිය දා සමත්වුණි.

එය වාර්තා අතරට එක්වන්නේ මෝදිගේ පක්ෂයද ඇතුළු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය අඛණ්ඩව ජයගත් තෙවැනි මහමැතිවරණය ලෙසය.

ජය තහවුරු කරගැනීමෙන් පසුව ඊයේ දිනයේදී නරේන්ද්‍ර මෝදි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායකයා ලෙස නිල වශයෙන් පත් කෙරුණි.

ජනාධිපති ද්‍රෞපදී මුර්මු විසින්, නව රජයට නායකත්වය ලබා දෙමින් අඛණ්ඩව තෙවන වරටත් ඉන්දීය අගමැතිවරයා ලෙසට නරේන්ද්‍ර මෝදි පත් කෙරුණේ ඉන් අනතුරුවය.

ඒ අනුව, ඉන්දීය අගමැති මෝදිගේ නිල දිවුරුම් දීමේ උත්සවය අද පස්වරුවේ ඉන්දීය ජනපති නිල නිවස වන රාශ්ට්‍රපති භවන්හීදී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා අසල්වැසි රටවල රාජ්‍ය නායකයින් ඇතුළුව 9000ක පමණ පිරිසක් ආරාධනා ලැබ සිටී.

ඒ අතර, ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල් මෙන්ම සීෂෙල්ස් උප ජනාධිපති, මොරිෂියස් අගමැති මෙන්ම භූතාන අගමැතිවරයාද එක්වීමට නියමිතය.

එමෙන්ම මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුද දිවුරුම් දීමේ උත්සවයට ආරාධනා ලැබ සිටීම විශේෂත්වයකි.

දැනටමත් නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කර ඇත්තේ අගමැතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සමගාමීවය.

ඒ අනුව අද සිටම දේශසීමා ආසන්න විශේෂ රථ වාහන පරීක්ෂා කිරීමක් ආරම්භ කර ඇති අතර හෙට, අගනුවර ගුවන්ගමන් තහනම් කලාපයක් ලෙස නම් කර තිබේ.

එමෙන්ම මහජන ඒකරාශී වීම් තහනම් කර ඇති අතර, රාශ්ට්‍රපති බවන් අවට කමාන්ඩෝ නිලධාරීන් සහ ස්නයිපර්වරුන් යොදවා ඇති අතර ඒ අවට ඩ්‍රෝන මගින් නිර්ක්ෂණය කෙරෙන බව සඳහන් ය.

විශේෂිත ආරක්ෂක ක්‍රමවේද යටතේ රාජ්‍යතාන්ත්‍රිකයින් නවාතැන් ගන්නා හෝටල් අවටද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ. 

මේ අතර, මෝදී ඉන්දීය අගමැති ධුරයට යළි පත්වීම සමරමින් අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නගර 22ක විවිධ සැමරුම් සංවිධාන කර තිබේ.

ඒ  භාරතීය ජනතා පක්ෂයේ විදෙස්ගත සහයෝගීකරුවන්ගේ ප්‍රධානත්වයෙනි.

SendShareShare
Previous Post

2030 වෙද්දි නවීන කෘෂිකර්මයක්! තරගකාරීත්වයට මුහුණ දෙන්න බැරි නිෂ්පාදන අත්හැරීම වඩාත් හොඳයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ ITN එකට ගිහින් අනුර කුමාර තනියෙන් කරපු විවාදෙට මාලිමාව වෙනුවෙන් පෙනී සිටි යූටියුබ් නාලිකාත් දිගට හරහට බැට දෙයි! ආණ්ඩුවේ ගේම් එක පෙන්නලා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.