• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2019දී මම ඉදිරිපත් කළ කාන්තා ප්‍රඥප්තියේ තිබූ කාන්තා කොමිෂන් සභාව අද නීතියක් කිරීම ගැන සතුටුයි! ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකායක් අවශ්‍යයි! කාන්තා අයිතීන් වෙනුවෙන් වූ පනත් කෙටුම්පත් විවාදයේදී විපක්ෂනායක සජිත් කියයි! VIDEO I Sri Lanka Latest News

June 5, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

2019 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයකු ලෙස තමා පමණක් රටේ 52%ක් වූ කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් කළ කාන්තා ප්‍රඥප්තිය තුළ කාන්තාවන් වෙනුවෙන් වෙන්වූ කොමිෂන් සභාවක් පිහිටුවීමේ යෝජනාව වසර 5කට පසු මහපොළොවේ හා නීතිපොතේ යථාර්ථයක් බවට පත්ව ඇති බවත් එහි දී කාන්තා කේන්ද්‍රීයව ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර පෙරපාසල් අධ්‍යාපනයේ සිට තෘතීය අධ්‍යාපනය දක්වා සියලුම පහසුකම් ලබා දී කාන්තාවන් වෙනුවෙන් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම කාන්තාවන් වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් අවශ්‍ය බවත් එම ජනාධිපති කාර්ය සාධන බලකාය හරහා කාන්තාවන් මුහුණ දෙන සකලවිධ අභියෝග රැසකට විසඳුම් ලැබෙන බැවින් ප්‍රමාද නොවී කාන්තාව වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් ද ස්ථාපිත කර කාන්තාවට ලබා දෙන නිසි වැදගත්කම හා වටිනාකම ඒ තුළින් ඉටු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී කාන්තා අයිතීන් වෙනුවෙන් ඉදිරිපත් වූ පනත් කෙටුම්පත් විවාදයේ දී අදහස් දක්වමිනි.

2019 ජනාධිපතිවරණයේ දී කාන්තා අයිතිය සුරක්ෂා කිරීම උදෙසා කාන්තාව වෙනුවෙන් ප්‍රඥප්තියක් හා සමාජ සම්මුතියක් සමගි ජන බලවේගය නිර්මාණය කළ බවත් ඒ සමාජ සම්මුතිය හරහා ඉදිරියේ දී සමගි ජන බලවේග රජයක් තුළ කාන්තාවන්ට මුහුණ දෙන්න සිදුවන ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික, සෞඛ්‍ය හා අධ්‍යාපනික ක්ෂේත්‍රවල ගැටලුවලට විසඳුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමාජයේ කාන්තාව, මාතෘත්වය, කාන්තාව සතු ගුණාංග සමාජයක දියුණුවට ප්‍රගතියට බොහෝ සේ ඉවහල් වන බවත් ඵලදායිතාව ඉහළ නැංවීම, දුප්පත්කම තුරන් කිරිමට, ශ්‍රම බලකායේ විවිධත්වය ක්‍රියාත්මක කිරීම ආදී රටේ සමස්ත සෞභාග්‍යයට උරදෙන වැදගත්ම කොට්ඨාසයක් ලෙස ජන සමාජයේ කාන්තාව හැඳින්විය හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේ පනත හරහා කාන්තාවන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කිරිමට ප්‍රගතිශීලි උත්සාහයක් ගත්තත් ජන සමාජයේ කාන්තාව මුහුණ දෙන බරපතල අභියෝග රැසකට පිළියම් යෙදිය යුතු බවත් එහි දී කාන්තා අයිතිය, අභිවෘද්ධිය හා ප්‍රගතිය වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වකරුවන් සමග පුළුල් සාකච්ඡාවකට සංවාදයකට එළඹීමෙන් අනතුරුව ඉදිරි පියවර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ආර්ථව දරිද්‍රතාව අදටත් බරපතල ගැටලුවක්

අදටත් ආර්ථව දරිද්‍රතාව යන ගැටලුව බරපතල ගැටලුවක් වී ඇති බවත් මෙරට කාන්තාවන්ගෙන් 50%කට මේ ගැටලුව ඇති බව සමීක්ෂණ මඟින් හෙළිදරව් වී ඇති බවත් 2019 ජනාධිපතිවරණයේ දී මේ කරුණු ඉදිරිපත් කරන විට ගල්මුල් ප්‍රහාර, නින්දා අපහාසවලට මුහුණ දෙන්න සිදු වුවත් මේ ගැන කතිකාවත නැවැත්වූයේ නැති බවත් ස්කොට්ලන්තයට, නවසීලන්තයට, අප්‍රිකානු රටවලට මෙය ක්‍රියාත්මක කළ හැකි නම් අපිට බැරි ඇයි කියා දිගින් දිගටම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ නිසා ආණ්ඩුවේ ඇස් ඇරී ඇති බවත් මේ සමාජීය ගැටලුවලට විසඳුමක් ලෙස නොමිලේ සනීපාරක්ෂක පහසුකම් ලබා දීම හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හිංසනයට ලක්වන කාන්තාවට පිළිසරණක් අවශ්‍යයි

කාන්තාව බොහෝ අවස්ථාවල නිවසේත්, වැඩබිමේත්, මහමගදීත් බොහෝ ස්ථානවලත් විවිධ හිරිහැරවලට මුහුණ දෙන බවත් එය එසේ සිදු නොවිය යුතු බවත් ජන සමාජයේ 52%ක් වූ කාන්තාව මීට වඩා ඉහළ මට්ටමක තැබිය යුතු බවත් රුවන්ඩාව වැනි රටක කැබිනට් මණ්ඩලයේ පවා උසස් අධ්‍යාපනය ලැබූ කාන්තාවන් සිටින බවත් ඔවුන් රාජ්‍ය පාලනයේ බහුතර කාර්යභාරයක් ඉටු කරන නිසා අප රටේ ද එවැනි අවස්ථා ලබා දිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තාවට පාර්ලිමේන්තුව තුළත් මීට වඩා ඉඩක් අවශ්‍යයි

වත්මන් ජනාධිපතිවරයා ගැන තමාට විවිධ මත තිබුණත් පළාත් පාලන ආයතනවල 25% අනිවාර්ය මන්ත්‍රිවරියන්ගේ වෙන් කිරීමක් යහපාලන රජය ක්‍රියාත්මක කළ බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රශංසාව ලබා දෙන බවත් පළාත් සභාවේ හා පාර්ලිමේන්තුවේ ඒ ප්‍රගතිය ලබා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තා කේන්ද්‍රීය වැඩසටහන් අවශ්‍යයි

අප රටේ ආහාර අනාරක්ෂිතභාවය නිර්මාණය වී බහුවිධ දරිද්‍රතාව ජන සමාජයේ ගැටලුවක් ඇති ව ඇති මොහොතක එයට විසඳුම් ලෙස කාන්තා කේන්ද්‍රීය වැඩසටහන් අවශ්‍ය බවත් එයට උදාහරණයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති ජන සවිය තුළින් නිර්මාණය වූ ජන ශක්ති කාන්තා ව්‍යාපාරය දැක්විය හැකි බවත් එය තුළින් විශිෂ්ඨ සේවාවක් ඉටු වූ බවත් පැවසීය.

කාන්තා ශ්‍රම බලකාය වැඩිකළ යුතුයි

මෙරට ශ්‍රම බලකායට කාන්තාවන්ගේ දායකත්වය 32-35% අතර ප්‍රමාණයක් බැවින් එය ප්‍රමාණවත් නොවන නිසා එය 45% දක්වා වැඩි කළ යුතු බවත් කාන්තා මූලික පවුල් අප රටේ 1638000ක් සිටින බවට පාර්ලිමේන්තුවේදීම අනාවරණය වූ බවත් මේ පවුල් වෙනුවෙන් වෙනමම ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

බංකොලොත්භාවය නිසා අගතියට පත් කාන්තා ව්‍යවසායකයන් ගැන අවධානය යොමු විය යුතුයි

ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව බංකොලොත්භාවය නිසා කාන්තා කේන්ද්‍රීය ව්‍යාපාර 11700ක් පසුගිය කාලයේ තාවකාලිකව වැසී ගොස් ඇති බවත් ස්ථිරවම ව්‍යාපාර 27600ක් වැසී ඇති බවත් කාන්තා අයිතිය ගැන කතා කරන මේ මොහොතේ මේ කාන්තා කේන්ද්‍රීය ව්‍යවසායකයන් වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් සේම කාන්තා කේන්ද්‍රීය ව්‍යවසාය සඳහා ද වෙනම ම වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

වැඩිහිටි කාන්තා අධ්‍යාපන අවස්ථා වැඩි කළ යුතුයි

කාන්තාවන් කේන්ද්‍රිය කර ගත් වැඩිහිටි අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත් සෑම ප්‍රදේශිය හා උප ප්‍රදේශී ලේකම් කොට්ඨාසවල කාන්තා සංවර්ධන නිලධාරීන් සිටින බවත් මේ හරහා වැඩිහිටි කාන්තාවන්ට ද තොරතුරු තාක්ෂණ හා නව තාක්ෂණ ආදී දැනුම ලබා දිය හැකි බවත් විශේෂයෙන්ම කාන්තාවන් මුහුණ දෙන විවිධ හිංසනයන්ට බාධා දුම්කටොලුවලට දැඩි නීතිරීති ගෙන ආ යුතු බවත් මේ ඇති නීති රීති නීති පොතේ තිබුණත් ක්‍රියාත්මක වීමේ දි අඩුපාඩු දුබලකම් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තාවට හිමි සම තැන ලබා දිය යුතුයි

සමාජයේ සමානාත්මතාව යන ප්‍රතිපත්ති නිර්මාණය කිරිමේ දී කාන්තාවන්ට හිමි සමාන්තාමතාව ලබා දීම හා ප්‍රතිපත්ති සම්පාදනය තුළ කාන්තා නායකත්වය හා කොටස්කරුවන් මෙන්ම පෙරමග ගමන්කරුවන් කිරීම තුළ වැඩි ශක්තියක් ලබා දිය හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

කාන්තාවන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි

කාන්තාවන්ගේ අභිවෘද්ධිය උදෙස් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ මේ උත්සාහය ප්‍රශංසාවට ලක් කරනා බවත් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරිම හරහා විවිධාකාරයෙන් කාන්තාවන්ගේ අයිතිය සුරක්ෂා කිරීමේ ධනාත්මක වෑයමක් ලෙස මෙය හැඳින්විය හැකි බවත් මේ සඳහා ඉදිරිපත් වී ඇති සංශෝධන හරහා කාන්තා අයිතිය ශක්තිමත් කරමින් මේ ගත් ප්‍රගතිශිලි උත්සාහය තවදුරටත් වර්ධනය කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

යන්තම් ඇති..! දැන් බයවෙන්න දෙයක් නෑ! නැග නැග තිබ්බ කැලණි-කළු ගංගායි අත්තනගලු ඔයයි බහින්න පටන් අරන්!  I Sri Lanka Latest News

Next Post

රනිලුත් මෝදිට සුබපතයි! I Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.