සක්වල වැඩසටහන යටතේ අද (4) හෙට (05) සහ අනිද්දා (06) යන තෙදින තුළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 221 වන සුහුරු පන්ති කාමරය කොළඹ මහරගම කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයටත්, 222 වැන්න කුරුණෑගල බිංගිරිය උඩුබද්දාව ශ්‍රී ධම්මානන්ද මහා විද්‍යාලයටත්, 223 වැන්න කොළඹ කොලොන්නාව කොටිකාවත්ත ජය රාජසිංහ ජාතික පාසලටත් ලබා දීමට නියමිතය.









