තමන්වහන්සේ එළැඹෙන මැතිවරණයට තරඟ කර පාර්ලිමේන්තුවට පැමිණීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව අතුරළියේ රතන හිමියන් පවසනවා. (Sri Lanka Latest News)
අද (03) කොළඹ පැවති විරෝධතාවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ ඒ බව කියා සිටියා.
රට ගැන සිතා තමන්වහන්සේ ඇතුළු පිරිස ගෙන ආ කාබනික ප්‍රතිපත්තිය ගෝඨාභය රාජපක්ෂ හීනෙන් බයවී මෙන් ක්‍රියාත්මක කිරීමට යෑමෙන් එහි සංකල්පය පවා දූෂණය වී ගිය බවයි රතන හිමියන් කියා සිටියේ.
එළැඹෙන ජනාධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහ ඇතුළු රාජපක්ෂ නඩයම පන්නා දැමීමට කටයුතු කරන බවත්, රනිල් වික්‍රමසිංහ දැනටත් ක්‍රියාත්මක කරන්නේ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ වැඩසටහනට අනුව සියල්ල විකුණා දැමීම බවත් රතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.
A5 News Sri Lanka









