බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට ඉන්දීය පොලීසිය සමත්වී තිබේ.Sri Lanka Latest News
Lawrence Bishnoi නම් කල්ලිය පාකිස්තාන අවි සැපයුම්කරුවෙකුගෙන් ලබාගත් ආයුධවලින් සන්නද්ධව මහාරාෂ්ට්‍රයේ පන්වෙල් හිදී සල්මන් ඛාන්ගේ මෝටර් රථයට පහර දීමට කුමන්ත්‍රණය කර ඇත.
එම කල්ලිය සතුව අධි බලැති අවි ගබඩාවක් ඇති බවද හෙළිවී ඇත.
කල්ලිය පුද්ගලයන් 60 සිට 70 දක්වා පිරිසකගේ සහාය ලබාගෙන ඇති අතර මුම්බායි පොලිස් මූලාශ්‍රවලට අනුව අදාළ කල්ලිය විසින් සකස් කරන ලද සංකීර්ණ සැලැස්මට අනුව ඒ සෑම පුද්ගලයෙකුට නිශ්චිත භූමිකාවක් පවරා තිබේ.
ප්‍රහාරය ක්‍රියාත්මක කිරීමෙන් පසු, ප්‍රහාරකයින්ට තමිල්නාඩුවේ කන්‍යාකුමාරි වෙත පළා යන ලෙස උපදෙස් දී ඇති බවද අනාවරණය වෙයි.
එහිදී ඔවුන් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පළායෑමට නියමිතව සිට තිබේ.
එතැන් සිට පහසුකම් සපයන ලද වෙනත් රටකට ඔවුන් ආරක්ෂිතව ගමන් කිරීම සඳහා විධිවිධාන ක්‍රියාත්මක වී තිබූ බවද ඉන්දීය පොලීසිය අනාවරණය කරගෙන ඇත.









