මෙවර වෙසක් උත්සවය නිවසේ සිට සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව විද්‍යුත් මාධ්‍ය උපයෝගී කර ගනිමින් වෙසක් උත්සවය සංවිධාන කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව පැවසේ.
ඒ සඳහා කමිටුවක් පත් කිරීමට ද තීරණය වී ඇති බව දැනගන්නට තිබේ.
කොරෝනා වයිරසය හේතුවෙන් රටේම ජනතාව මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළේද නිවෙස්වල සිටමය.










