විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.Sri Lanka Latest News
“අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය” විසින් අද (15) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබිණි.
විරෝධතාවය ආරම්භ කිරීමත් සමග පොලීසිය විසින් බැනර් හකුළා ඉවත් කළ අතර, එහිදී විරෝධතාකරුවන් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණි.
පසුව විරෝධතාකරුවන් විසින් ජනාධිපති අතිරේක ලේකම් කපිල මුණසිංහ මහතා වෙත සංදේශයක් භාරදෙනු ලැබීය.
මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය නැවත ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඔවුන් එම විරෝධය සංවිධානය කර තිබිණි.









