කාලයක් තිස්සේ යාපනයට පැවති දැඩි රශ්මිය හමාර කරමින් මහා ධාරානිපාත වර්ෂාවක් ඇද හැලුණු අතර එම වර්ෂාවත් සමග පුපුරා ගිය අකුණක් හේතුවෙන් එක් පුද්ගලයෙකු බරපතල පිළිස්සුම් තුවාල සහිතව ඊයේ (12) යාපනයේ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම අකුෂු සර වැදීම නිසා තුවාල ලබා ඇත්තේ යාපනයේ උඩුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
යාපනයට කාලයකට පසුව ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් දින 53ක් එක දිගට පැවැති අධික රශ්මිය පහව ගිය බව යාපනයේ වැසියෝ කියා සිටියහ.
අධික රශ්මිය නිසා යාපනයේ වැසියන් හත්දෙනකු මියගොස් තිබිණි.
වර්ෂාව නිසා යාපනයේ මංමාවත් ජලයෙන් යටවී තිබූ අතර, පළාත් කිහිපයක කුඹුරුද ජලයෙන් යටවී තිබිණි.
lankasara










