ගෑස්, ඉන්ධන සහ ඖෂධ ආනයනයේදී සුවිශාල වංචාවක් සිදුකර ඇති ආණ්ඩුව මෙවර සිදුකර ඇත්තේ බැඳුම්කර වංචාවට නොදෙවැනි වංචාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය. (Sri Lanka Latest News)
බැඳුම්කර වංචාවේ වටිනාකම බිලියන 10ක් වූ නමුත් VFS වීසා වංචාවේ වටිනාකම බිලියන 15ක් බවයි මරික්කාර් මහතා පෙන්වා දුන්නේ.
ජනතාව දැඩි ජීවන අරගලයක නිරතව සිටින මොහොතක ආණ්ඩුව මෙවැනි වංචා සිදුකිරීම සහගහන අපරාධයක් බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.










