• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබන්ස්ලා රනිල්ට අකැමැති ඇයි? Sri Lanka Latest News

May 11, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

සජබ ඉන්නේ එජාපයේ මන්ත්‍රීවරුන්ය. ඔවුන්ට තිබෙන්නේ එජාපයේ දක්ෂිණාංශික දේශපාලන මතවාදයයි. ඔවුන්ගෙන් බොහෝ දෙනා දේශපාලනයට එන්නේ රනිල් වික්‍රමසිංහගේ එජාප නායකත්වය යටතේය. ඔවුන් දේශපාලනයේ පාඩම් සියල්ල ඉගෙන ගන්නේ රනිල්ගෙනි. සජිත් ප්‍රේමදාස සමග ඔවුන්ගේ සම්බන්ධයට වඩා රනිල් සමග ඔවුන්ගේ සම්බන්ධය කාලයෙන් දිගය. දේශපාලන සිදුවීම්වලින් පළල්ය. අනෙක් පක්ෂවල මන්ත්‍රීවරුන්ට වඩා රනිල්ට කිට්ටුම පිරිස සජබ මන්ත්‍රීන්ය. මේවා ෆැක්ට්ස්ය. එහෙනම් ඇයි ඔවුන් රනිල්ට සහාය දෙන්න එන්නේ නැත්තේ? (Sri Lanka Latest News)

සාමාන්‍යයෙන් මන්ත්‍රීවරුන් අතිබහුතරය හිතන්නේ එක දෙයක් ගැන පමණි. එනම් ‘ඊළඟ ඡන්දෙන් නැවත පාර්ලිමේන්තුවට එන්නේ කෙසේද?’ කියාය. පක්ෂයේ දේශපාලන මතවාදයේම පිහිටා රටේ ජනතාවගේ සුබසිද්ධිය ගැනම හිතා තීරණ ගන්නේ අතළොස්සකි. එයට දොස් කියා පලක් නැත. දේශපාලනය යනු බල ව්‍යාපෘතියක් පමණි. ජනපති ගෝඨාභයව බොහෝ දෙනා අත්හැරියේ ඔහු නැවත වාරයක් ඉල්ලන්නේ නැතැයි කියා අවංකව කී මොහොතේය. කවුදෝ මට කීවේ ‘දේශපාලනය කරනවා නම් ඡන්දය නොඉල්ලුවත් ඊළඟ මැතිවරණයට අනිවාර්යෙන් ඉල්ලනවා’ කියා කිව යුතුය කියාය. නැත්නම් ජනතාව සත පහකට ගණන් ගන්නේ නැත. ගෝඨාභය වැනි අවංක සහ විවෘත මිනිහෙකුට මේ රටේ දේශපාලනය කළ නොහැකිය.

සජබ මන්ත්‍රීවරුන්ට ඊළඟ පාර්ලිමේන්තුවට ඒමට වැඩිම වාසිය ලැබෙන්නේ රනිල්ට සහාය වීමෙන් නම් ඔවුන් මෙලහකටත් රනිල්ට එකතුවී තිබිය යුතුය. එනවා එනවා කිව්වාට කිසිවකු ආවේ නැත. එයින් පෙනෙන්නේ ඔවුන්ට ඊළඟ මහ ඡන්දය දිනීමට වැඩි වාසිය තියෙන්නේ රනිල් සමග නොව සජිත් සමග බව ඔවුන් සිතන නිසාද? එය සාධාරණය. පොදු ජනතාව ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කෙරෙහි අබ පුපුරන කේන්තියෙනි. අරගලයෙන් පසුව කබලෙන් ලිපට වැටී ඇති සාමාන්‍ය ජනතාවට ජීවන වියදම දරාගත නොහැකිය. පොතේ හැටියට හරි නම් ඊළඟට බලය ලැබිය යුත්තේ ප්‍රධාන විපක්ෂය වන සජිත් ප්‍රමුඛ සජබටය. එය පහසු ගේමකි. රටේ නැති විහිළු කර කර සජිත් පුතා කූල් එකේ ඉන්නේ ඒ බව දන්නා නිසා විය හැකිය.

එයින් පෙනෙන්නේ රනිල් ගැන සජබන්ස්ලාගේ දේශපාලන තක්සේරුවයි. රනිල්ට ජනාධිපතිවරණයෙන් දිනිය හැකිය කියා සජබන්ස්ලා සිතනවා නම් රනිල්ගේ දෑත් ශක්තිමත් කිරීමට ලෙහෙසියෙන්ම එකතු විය හැකි පිරිස ඔවුන්ය. ඔය කියන තරම් සාකච්ඡා කර කර ඔබ ඔබා කිර කිරා බලන්නට තියෙන්නේ මොනවාද? රනිල් දිනනවා කියා සහතික නම් එම ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට හැක්කේ වෙනත් පක්ෂයකට නොව, සජබයටය. එහෙම නොවෙන්නේ ඇයි?

අනෙක් පැත්තෙන් රනිල්ට තවම සජබ මන්ත්‍රීවරුන්ගේ සහාය දිනාගැනීමට නොහැකිව ඇත්තේ ඇයි? ඔවුන්ගේ හැකි-නොහැකියාවන් ගැන රනිල් තරම් දන්නා කෙනකු නැත. රනිල්ට වෙනත් මන්ත්‍රීවරුන් බාගන්නවාට වඩා ඉතා ලෙහෙසියෙන් සජබ මන්ත්‍රීවරුන් බාගත හැකි විය යුතුය. ඇතැම් විට වෙනත් මන්ත්‍රීවරුන් නොදන්නා රහසක් සජබ මන්ත්‍රීවරුන් දන්නවා විය හැකිය. කොහොමත් රනිල්ගෙන් හැදුණු මන්ත්‍රීවරුන් දේශපාලනිකව සටකපටය. අනෙක් අය අදින්නේ දාම්ය. රනිල්ගෙන් හැදුණු අය අදින්නේ චෙස්ය. රනිල් ගැන දන්නේ රනිල්ගෙන් හැදුණු එකාය. අලුත් පුත්තු ටිකත් ඒ පාඩම යථා කාලයේදී ඉගෙනගනු ඇත.
සජබ මන්ත්‍රීවරුන් බුද්ධිමත්ය. සජිත් සමග මොන ප්‍රශ්න තිබුණත් ඔවුන් ඔවුන්ගේ පක්ෂය වෙන අයට සැප ගන්න දෙන්නේ නැත. ඔවුන් හිතන්නේ දුරදක්නා නුවණිනි. ජනපතිවරණයෙන් කවුරු දින්නත් තමන්ට පාර්ලිමේන්තු ඒමට නම් තමන්ගේ පක්ෂය බෙදෙන්නට නොදී ආරක්ෂා කරගත යුතු බව ඔවුන් දනී.
රනිල් සැබැවින්ම දක්ෂයෙක් නම් ඔහු මෙලහකට සජබ මන්ත්‍රීවරුන් තමන්ට එකතු කරගෙන තිබිය යුතුය. කැබිනට් එක විසුරුවලා ඇමැතිකම් ටික දෙනවා කිව්වත් සජබන්ස්ලා නොඑන්න තරම් ඔවුන් රනිල්ව විශ්වාස කරන්නේ නැද්ද? රනිල් හාමු උඩ ඉඳගෙන ‘කම් කම්’ කියනවා. හාමුගේ හැටි දන්න සජබන්ලා යට ඉඳගෙන ‘නෝ නෝ’ කියනවා. වෙන කොහෙවත් ඉන්න උන් ටිකක් නිකං නහින්න හදනවා. දිස් ඉස් පොලිටික්ස්.

එරන්ද ගිනිගේ
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
(හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක)

SendShareShare
Previous Post

එයාර්පෝට් එකේ ගේම ඉල්ලපු එයා ඇත්තටම කවුද? නම ගම සේරම එළියට එයි! Sri Lanka Latest News

Next Post

හෙන ආතල් මොත්තෙ මචං පිස්සු පීකුදූ – හිරු ඇවිදින් කළා අපේ බොක්ක පිරිසිදූ! චාමර මන්ත්‍රීතුමා ඔහොම යං! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.