ශ්‍රේෂ්ඨාධිකරණය මගින් රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් කටයුතු කිරීම අත්හිටුවමින් ලබාදුන් තීන්දුවත් සමග මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් මතුවී ඇති ආකාරයක් දැකගන්නට තිබේ.Sri Lanka Latest News
ඒ, තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ මන්ත්‍රී ධුර අභියෝගයට ලක්කරමින් විභාග වූ නඩුවක තීන්දුව ඉදිරියේදී ලබාදීමට නියමිතව තිබීම නිසාය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු වන හරීන් ප්‍රනාන්දු මහතාත්, මනුෂ නානායක්කාර මහතාත් ආණ්ඩුවට එක්වීමෙන් අනතුරුව ඔවුන්ගේ මන්ත්‍රී ධුර අභියෝගයට ලක්කරමින් සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනුකිරීමට පියවර ගෙන තිබූ අතර, එය මේ වන විට විභාග කොට අවසන් කර තිබේ.
ඒ අනුව, එම නඩුවට අදාළ තීන්දුවද බොහෝ දුරට ඉදිරි සති කිහිපය ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත්කරනු ඇති බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.









