• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුව වෙනුවෙන් තාත්තගෙ යුතුකම ඉටුකළා! කරන්න දෙයක් නෑ! දැන් මරලා ඉවරයි! ආදරේ කරන්න ගිය සුසිත් මරලා හංගලාද? පෙම්වතියගේ පවුලම අතුරුදන්! Sri Lanka Latest News

May 6, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

සිය පෙම්වතිය මුණගැහෙන්න ගිය තරුණයෙක් අතුරුදන් වූ පුවතක් කුලියාපිටිය කබලෑව ප්‍රදේශයෙන් අපට අසන්නට ලැබුණේ පසුගිය අප්‍රේල් 22 වැනිදායි. එලෙස අතුරුදන්ව ඇත්තේ 31හැවිරිදි සුසිත් ජයවංශ නමැති පුද්ගලයෙක්. සුසිත් කුලියාපිටිය ප්‍රදේශයේ අවන්හලක් පවත්වාගෙන ගිය අයකු වන අතර, ඔහු අතුරුදන්ව මේ වන විට සති 2කට ආසන්න කාලයක් ගතවී තිබෙනවා. විවිධ හෝඩුවාවන් ඔස්සේ පරීක්ෂණ පවත්වන කුලියාපිටිය පොලිසියටද ඔහු පිළිබඳ නිශ්චිත තොරතුරක් මේ ලිපිය ලියන මොහොත වන විටද ලැබී තිබුණේ නැහැ. (Sri Lanka Latest News)

පසුගිය 22 වැනිදා සුසිත් සිය මිතුරකු වන අකිල සුපුන් සමග කුලියාපිටිය වස්සාමුල්ල ප්‍රදේශයේ පදිංචි සිය පෙම්වතිය බැලීමට ගොස් තිබුණා. එහි ගිය පසු ඔහු මිතුරාට පවසා තිබුණේ නැවත යන ලෙසත්, දුරකතන ඇමතුමක් ලබාදුන් විට ආපසු පැමිණෙන ලෙසත්ය. එසේ වුවද ඉන් පසු සුසිත් පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නැති බවයි පැවැසෙන්නේ. ඒ අතරතුර සුසිත්ගේ 18 හැවිරිදි පෙම්වතිය, ඇගේ මව, පියා මෙන්ම වයස අවුරුදු 08 සහ 12 වයස්වල පසුවන සහෝදරියන් දෙදෙනා පිළිබඳවද කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. ඔවුන් මේ වන විට සිය නිවෙස වසාදමා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද සඳහන් වුණා. එසේම අදාළ නිවෙස ආසන්නයේ ජීවත් වන තරුණියගේ ඥාතියකුද නිවෙස අතහැර ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බවටද පොලිසියට තොරතුරු වාර්තා වී තිබෙනවා.

සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරන පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ සුසිත් ජයවංශ නමැති තරුණයා මීට පෙර විවාහ වී සිට ඇති බවත්, ඔහු එම බිරියගෙන් නීත්‍යනුකූලව වෙන්වී ඇති බවත්ය. එසේම ඔහුට මෙම 18 හැවිරිදි පෙම්වතියට අමතරව තවත් පෙම්වතියක් සිට ඇති බවටද හෙළිව ඇත. අතුරුදන් තරුණයාගේ පෙම්වතියගේ පියා අවසන් වරට පැවැති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරමින් තරග වැදී ඉන් පරාජයට පත්වූ අයකු බවද සඳහන්ය.

සුසිත් අබිරහස් ලෙස අතුරුදන් වීමෙන් පසු 18 හැවිරිදි පෙම්වතිය සහ ඇගේ පවුලේ සියලු දෙනා මෝටර් රථයකින් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවට පොලිසිය අනාවරණ කරගෙන තිබේ. මේ අතර, සුසිත්ගේ අනෙක් පෙම්වතියගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර, එහිදී ඇය පවසා තිබුණේ සුසිත්ට වෙනත් සම්බන්ධයක් තිබූ බව තමන් දැන නොසිටි බවයි.

මේ අතර, සුසිත් අතුරුදන්ව දින කිහිපයකට පසුව අප්‍රියෙල් 29 වැනිදා පොලිසියට වාර්තා වී තිබුණේ සුසිත්ගේ අත් පා බැඳ මෝටර් රථයක නංවාගෙන එක්තරා දේශපාලනඥයකුගේ නිවෙසට රැගෙන ගොස් ඇති බවයි. ඒ අනුව එම තොරතුර පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ. කෙසේ වෙතත් මේ වන විට අදාළ දේශපාලඥයා සහ ඔහුගේ පවුලේ අයද ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පැවැසේ.
සුසිත් අතුරුදන් වීමේ සිද්ධිය ඔහුගේ පෙම්වතියගේ පියාගේ සැලසුමකට අනුව සිදුවූවක් බවටද පොලිසිය සැක පහළ කරයි. ඒ, සුසිත් අතුරුදන් වීමට දින දෙකකට පෙර පෙම්වතියගේ පියා මෝටර් රථයක් කුලියට ලබාගෙන තිබීම හරහාය. මේ වන විට සුසිත් ජීවතුන් අතර සිටීද, ඔහුගේ ජීවිතයට යම් හානියක් සිදුව ඇද්ද යන්න පිළිබඳවද පොලිසිය සැක පළකරයි.

සුසිත් පසුගිය 22 වැනිදා අවසන් වරට සිය පෙම්වතියගේ නිවෙසට ගිය අවස්ථාවේ ඔහු සමග ගිය අකිල සුපුන් නමැති මිතුරා මෙම සිදුවීම පිළිබඳ පොලිසිය හමුවේ සඳහන් කර තිබුණේ මෙවැන්නකි.
‘මම කඩේ බඩු ගන්න සුසිත් අයියගෙන් සල්ලිත් ඉල්ලාගෙන යන්න යද්දී ගමනක් යමු කිව්වා. පස්සේ මම සුසිත් අයියත් එක්කම වස්සාවුල්ලට ගියා. එතැනදී මාව ගෙයක් ළඟ නතර කරලා සුසිත් අයියා ගියා. විනාඩි 10න් එනවා කියලා තමයි ගියේ. මම ටික වෙලාවක් බලලා සුසිත් අයියා ආවේ නැති නිසා ඒ ගෙදරට ගියා. ඒ ගෙදර ගෑනු කෙනා කිව්වා ආව කෙනා පොඩි වෙලාවක් ඉඳලා ගියා කියලා. මම සුසිත් අයියාගේ ගෙදර ගිහින් බලන් හිටියා. ආවේ නැති නිසා ආපහු හවසත් සුසිත් අයියාගේ ගෙදර ගියා. එයාගේ ෆෝන් එකත් වැඩ කළේ නැහැ. අපි කිහිප දෙනෙක්ම ඒ ගෙදරට ගියා. කවුරුවත් ඒ ගෙදර හිටියේ නැහැ. අහල පහළ ගෙවල්වලින් අහන කොට ළඟ ගෙදරක තිබුණු වාහන දෙකක් වේගයෙන් පිටවෙලා ගිය බව දැනගන්න ලැබුණා…..’

සුසිත්ගේ බාල සොහොයුරු සජිත් ප්‍රියවංශ සාක්ෂි ලබාදෙමින් පොලිසියට මෙලෙස පවසා සිටියා.
‘අයියා 22 වැනිදා උදේ 10ට විතර කඩේ මල්ලි එක්ක කොහෙද ගියා. ඒත් ආපහු ගෙදර ආවේ කඩේ මල්ලි විතරයි. එයා ඇවිත් අයියා ආවද කියලා ඇහුවාම මං කිව්වා ඔයා එක්කනේ ගියේ කියලා. පස්සේ අපි අයියා ගියා කියන ගෙදර හොයාගෙන ගියා. නමුත් ඒ ගෙදර කවුරුවත් හිටියේ නැහැ. අපි ළඟ ගෙවල්වල අයගෙන් ඇහුවාම කිව්වේ වාහන දෙකක් හයියෙන් ගියා කියලයි. ඒ පාරේ ගෙවල්වල තියෙන ආරක්ෂිත කැමරාවලත් ඒ වාහන යනවා සටහන්වෙලා තිබුණා. ඒ ගෙදර අය එදා ඉඳලා අතුරුදන් නිසා අපිට වෙන සැකයක් තිබුණේ නැහැ. අපි කොහොම හරි අයියාව හොයලා දෙන්න කියලයි පොලිසියෙන් ඉල්ලන්නේ…’
අතුරුදන්ව ඇති සුසිත්ගේ සමීප මිතුරකු වූ සම්පත් විජේකුමාර නොහොත් බන්දු මෙම සිදුවීම ගැන පවසා සිටියේ මෙවැන්නකි.

‘මම හොදින් හදුනන මල්ලි කෙනෙක් තමයි අතුරුදන් වෙලා ඉන්නේ. ඒ කියන වස්සාවුල්ලේ ගෙදර කෙනාව මම දන්නවා. මමත් සුසිත් මල්ලි හොයන්න ගියා කියන එක දැනගෙන ඒ වස්සාවුල්ලේ ගෙදර කෙනා මට කතා කරලා කිව්වා උදව්වක් ඕනේ කියලා. මම කිව්වා ඉස්සර වෙලා මගේ එකා දෙන්න කියලා. ඒ වෙලාවේ එයා කිව්වා මගේ දුව වෙනුවෙන් තාත්තා කෙනකුගේ යුතුකම ඉටුකළා කියලා. ආයෙත් කිව්වා දැන් මරලා ඉවරයි කියලා. මම බොඩි එක ඉල්ලුවා. පස්සේ ඒ සැකකාර කෙනාගේ මිතුරකුගේ මාර්ගයෙන් දැනගත්තා මේ වැඩේ ඉවර කරන්න කැලණියේ කළු මල්ලි කියලා කෙනෙක්ට කොන්ත්‍රාත්තුවක් දීපු බවක්….’

සුසිත් අතුරුදන් වූ බව කියන නිවෙස අසල නිවෙස්වල ආරක්‍ෂිත කැමරා දර්ශන උපයෝගී කරගනිමින් කළ විමර්ශනවලදී අදාළ දිනයේ එම ස්ථානයෙන් වේගයෙන් පිටව ගිය වාහන දෙකෙන් එකක් සොයාගැනීමට පොලිසියට හැකිවී තිබෙනවා. සිය දියණියට සාධාරණය ඉටුකළා යැයි පෙම්වතියගේ පියා පවසා ඇති බැවින් අතුරුදන් තරුණයාගේ ජීවිතයට හානියක් සිදුව ඇති බවට පොලිසිය සැක කරයි. එබැවින් තරුණයාට සැබෑවටම සිදුවූයේ කුමක්ද යන්න හෙළිකර ගැනීමට නම් පලාගිය පිරිස අත්අඩංගුවට ගත යුතුය. ඒ සඳහා පොලිසිය විසින් දුරකතන ජාල විශ්ලේෂණයන්ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
සුසිත් අතුරුදන් වූ දින අදාළ නිවෙසේ සිට වේගයෙන් පිටව ගියා යැයි කියන මෝටර් රථයේ අංකය ඔස්සේ කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ එම මෝටර් රථය පෙම්වතියගේ පියා විසින් කුලියාපිටියේ වාහන කුලියට දෙන ආයතනයකින් ඊට දින දෙකකට පෙර කුලී පදනම මත ලබාගත් එකක් බවටයි. එය තරුණයාගේ අතුරුදන්වීමෙන් පසු දින නැවත භාරදී ඇති අතර, ඒ වෙනුවට කුඩා වෑන් රථයක් කුලියට ලබාගෙන ඇති බවද අනාවරණ වී තිබේ. එම මෝටර් රථය මේ වන විට ඇත්තේ පොලිස් භාරයේය. අනෙක් මෝටර් රථය ලෙස හඳුනාගෙන ඇති ඡණ – 0125 දරන සුසුකි එව්රි වර්ගයේ කුඩා වෑන් රථයක් වන අතර, එය සොයාගැනීමට පොලිසිය මහජන සහාය පතයි. මෙම වෑන් රථය සහ පලාගිය පුද්ගලයන් පිළිබඳ තොරතුරක් වෙතොත් කුලියාපිටිය පොලිසියේ ස්ථානාධිපති (071-8591260) හෝ විමර්ශන කාර්යාංශය (077-3528325) අමතා දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ජයසංඛ මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
කෙසේ වෙතත් මෙවැනි කනගාටුදායක සිදුවීම්වලට ප්‍රධාන හේතුවක් ලෙස පෙනී යන්නේ නිසි අවබෝධයකින් සහ දෙපාර්ශ්වය පිළිබඳ සොයාබැලීමකින් තොරව ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීමය. එකිනෙකා පිළිබඳ සත්‍ය වසන් කොට ව්‍යාජ තොරතුරු පවසා ප්‍රේම සම්බන්ධතා ආරම්භ කිරීමද මෙවැනි ගැටලුකාරී සිදුවීම්වලට මුල්වී ඇති බව පෙනෙන්නට තිබේ.

දින ගණනාවක් ගතවුණත් තවමත් විසඳාගත නොහැකි වූ ප්‍රශ්න කිහිපයක් ඉතිරිව තිබේ. සුසිත් නැමති පුද්ගලයාට සිදුවුණේ කුමක්ද? ඔහු තවමත් ජීවතුන් අතර සිටීද? ඔහුගේ පෙම්වතියගේ පවුල සැඟව සිටින්නේ කෙහේද? මේ ප්‍රශ්න විසඳා ගැනීමට නම් ආරක්ෂක අංශ වෙත ජනතාවගේ සහාය ලබාදිය යුතුව තිබේ.

‘මට දැන් වෙන කරන්න දෙයක් නැහැ. මම අනෙකාගෙන් පළිගන්නවා ගන්නවාමයි’ කියලා හිතන පිරිමියෙක්වත් ගැහැනියක්වත් කවදාවත්ම ජීවිතයට ළං කරගන්න හිතන්නවත් එපා කියන එකයි මගේ අදහස. ඒ ගැන නොහිතා ආදර සම්බන්ධකම් පැවැත්වීමෙන් සිදුවෙන්නේ ජීවිත විනාශයට පත්වීම පමණමයි. ඒ නිසා එකිනෙකා පිළිබඳ හොඳ අවබෝධයකින්, එකිනෙකාගේ අදහස්වලට ගැළපෙනවා නම් පමණක් දුරදිග සිතා බලා තමන්ගේ ආදරවන්තිය, ආදරවන්තයාව ජීවිතයට ළංකර ගන්න හැම දෙනාම සිහිතබා ගත යුතුව ඇත.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

සොබාදහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ! රොයිස්ටර් එහෙනම් උඹත් අපිව දාලා යනවා! දුකයි බං! Sri Lanka Latest News

Next Post

උපත් අඩුවෙයි! මරණ වැඩිවෙයි! වෙනස සැපද? Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.