ඇදිරි නීතිය උල්ලංඝනය කළ බව කියමින් අත්අඩංගුවට ගනු ලැබූ රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සදහා තමන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ නීති තර්කය නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අනාවරණය කර තිබේ.
එහිදී නීතිමය තත්ත්වයක් යටතේ ඇදිරි නීතිය පැනවීමට රජය කටයුතු කර නොතිබීම ඊට මූලික කරුණ බව ඒ මහතා පෙන්වා දී ඇත.
“පොලිසිය ඉදිරිපත් කරපු කරුණ තමයි ඇඳිරි නීතිය කඩකළා, ඇඳිරි නීතිය තියෙන වෙලාවේ බලපත්‍ර නැතුව වාහනය ගෙනාවා කියන එතනින් තමයි පටන් ගත්තේ. නීතිමය ඇඳිරි නීතියක් මේ රටේ නෑ. අපි හැමෝම ඒක පිළිපදින්නෙ රටේ තියෙන තත්වය නිසා. ඒ නිසාම තමයි අපිත් ඒ රජය කියන උපදෙස් අපි පිළිපදින්නෙ. ඒක හැරෙන්න නීතියෙන් ඇඳිරි නීතියක් පනවලා නෑ.
ඒක කරන්න පුළුවන්. නීතියෙ වෙන වෙන ක්‍රම කීපයක්ම තියෙනවා ඇඳිරි නීතිය නීතිමය වශයෙන් ඉදිරිපත් කරන්නට. නමුත් මොන හේතුවක් නිසාද මං දන්නෙ නෑ, රජය ඒක කරලා නෑ. ඒනිසා ඇඳිරි නීතිය කඩකළා, ඇඳිරි නීති බලපත්‍ර තිබුණෙ නෑ කියලා පටන් ගන්න එකම නීතිවිරෝධී ක්‍රියාවක්. පොලිසිය නීතිවිරෝධී ක්‍රියාවක් කරගෙන ඒකෙන් මතුවෙන ප්‍රශ්නයට තව අයව අත් අඩංගුවට අරගෙන තියාගන්න බෑ. අනිත් එක වාහනයත් දැන් තියාගෙන ඉන්නවා, ඒකත් නීතිවිරෝධී ක්‍රියාවක්.
මම මතු කරපු කරුණු සලකලා බලලා රංජන් රාමනායක මහත්තයාට ඇප දීලා තියෙනවා” යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.










