• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

33න් වැනි පාරටත් අයවැයෙන් අපේක්ෂිත ආදායම ලැබිලා නෑ! මේ පාර 14%කින් අඩුයි! ‘වෙරිටේ රිසර්ච්’ අලුත්ම අනාවරණය! Sri Lanka Latest News

April 22, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
විශාල අර්බූදයක සිටියත් ආණ්ඩුවට වෙනස් වෙන්න වුවමනා නෑ! ආණ්ඩුවේ වගවීම හා විනිවිදභාවය විශාල අනතුරුදායක තැනක! වෙරිටේ රිසර්ච් අලුත්ම හෙළිදරව්ව මෙන්න!
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව මෙම වසරේ (2024) අයවැයෙන් අපේක්‍ෂිත ආදායම සියයට 14 කින් අඩු වන බවත් ඒ අනුව අයවැයෙන් ඉලක්ක ආදායම අඛණ්ඩව අහිමිවන 33 වැනි වසර මෙය බවත් ‘ද ස්ටේට් ඔෆ් ද බජට් රිපෝට් 2024’ වාර්තාවෙන් හෙළි වූ බව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසයි.Sri Lanka Latest News

ආණ්ඩුව 2024 අයවැයෙන් රුපියල් බිලියන 4.164 ක ආදායමක් අපේක්‍ෂා කළ ද ලැබිය හැක්කේ රුපියල් බිලියන 3,570 ක ආදායමක් පමණක් බව කියන ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය එම හිඟයෙන් සියයට 61 ක් ‘වැට්’ බදු අධිතක්සේරුව නිසාත් ඉතිරි සියයට 39 සමාගම් සහ පෞද්ගලික ආදායම් බදු, සමාජ ආරක්‍ෂක බද්ද සහ රේගු ආනයන බද්ද අධිතක්සේරුව නිසා නිර්මාණය වී ඇති යැයි හදුනාගත් බවත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු 1991 වසරේ සිට ඉදිරිපත් කළ ආදායම් ඉලක්ක පසුරාගැනීමට නොහැකි වී ඇති බවත් පසුගිය වසරේ (2023) අයවැයෙන් අපේක්‍ෂා කළ ආදායම් ඉලක්කය ද සියයට 13 කින් අඩු වූ බව ද පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව හෙළි කළ බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය සඳහන් කරයි.

රජයේ මුදල් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (COPF) එහි කාර්යභාරයට අදාළව ප්‍රකාශයට පත්කරනු ඇතැයි අපේක්ෂිත අයවැය වාර්තාවක අන්තර්ගතය මෙම වාර්තාවෙන් පිළිබිඹු කෙරේ. වාර්තාවේ අරමුණ වන්නේ ද, කාරකසභාව ප්‍රකාශයට පත්කරන වාර්තාව හා සමව, අයවැයට අදාළව සමාජය සහ පාර්ලිමේන්තුව සිදුකරන මැදිහත්වීම් – කරුණු නිසි පරිදි දැන, දැනුවත්ව සිදුකරන මැදිහත්වීම් බවට පත්කිරීම සඳහා උපකාර කිරීම වේ.

ආණ්ඩුව සිදුකරන සහ අනෙක් පසට පාර්ලිමේන්තුව අනුමත කරන අයවැය පුරෝකථනවලට වඩා නිරවද්‍ය අයවැය ඉලක්කයන් The State of the Budget වාර්තාවෙන් නැවත නැවතත් ඉදිරිපත් කර ඇත. එනිසාම එය, වෘත්තිමය මට්ටමින් සිදුකෙරෙන ආර්ථික විශ්ලේෂණයන්ට මෙන්ම රට වෙනුවෙන් ගන්නා තීරණවලටත් අමතරව අදාළ කරගත හැකි වැදගත් අධ්‍යන වාර්තාවකි.

අධි තක්සේරු කරන ලද බදු ආදායම
ශ්‍රී ලංකාව 1991 වසරේ සිට අයවැයක් මගින් නියම කර ඇති ආදායම් ඉලක්කයක් සපුරා නැත. 2023 අයවැයෙන් අපේක්ෂා කළ ඉලක්කයට වඩා 13%කින් එම වසරේ බදු ආදායම පහත වැටී ඇති බව ක්‍රම සහ විධි පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව මැතක දී, වාර්තා කළේ ය.
2024 වසර සදහා ආණ්ඩුව රුපියල් බිලියන 4,164ක ආදායමක් අපේක්ෂා කරයි. එය, 2023 වසරේ ආණ්ඩුවම සිදුකළ පුරෝකථනයට වඩා 42%ක වැඩිවීමකි. එසේවුවත්, The State of the Budget වාර්තාව පෙන්වා දෙන්නේ 2024 වසර සඳහා ආදායම ලෙස උපයාගත හැක්කේ රුපියල් බිලියන 3,570ක් බවයි. එය ආණ්ඩුවේ පුරෝකථනයට වඩා 14%කින් අඩුය.
මෙම ඇස්තමේන්තුගත හිඟයෙන් 61% ක් එකතු කළ අගය මත බදු (VAT) ආදායම අධිතක්සේරු කිරීම නිසා බවත් ඉතිරි 39% සමාගම් ආදායම් බදු, පුද්ගලික ආදායම් බදු, සමාජ ආරක්ෂණ දායක බද්ද (SSCL) සහ රේගු ආනයන බද්දෙන් ලැබෙන ආදායම අධිතක්සේරු කිරීම නිසා බවත් වාර්තාව හඳුනාගෙන ඇත.

පොලිය සහ ආදායම අතර අනුපාතය
ලෝකයේ වැඩිම පොලී පිරිවැය-ආදායම් අනුපාතය, ශ්‍රී ලංකාව සතු වන අතර සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ තිරසාරභාවය සඳහා මෙම අනුපාතය අඩු කිරීම ඉතා වැදගත් වේ. 2024 අයවැයෙන් මෙම අනුපාතය 64%ක් දක්වා පහත දමා ගැනීමට අපේක්ෂා කරයි.
නමුත්, වාර්තාවෙන් සිදුකර තිබෙණ අයවැය ආදායම් පුරෝකථනයන් හා පොලී ගෙවීම් සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ ගණනය කිරීම එක්ව ගත්විට මෙම අනුපාතය 70% ඉක්මවා යනු ඇති බව පෙනේ. ගෙවුණු වසර කිහිපයේ ද, තත්ත්වය එවැනි විය. කරුණු එසේ නම්, ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ද, අනුමැතිය ලබාගෙන ඇති සැළසුම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇත. එම සැළසුම නිසි පරිදි ක්‍රියාත්මක කිරීම, ණය තිරසරභාවය සැළකීමේ දී, තීරණාත්මක බව ආර්ථික විශේෂඥයින්ගේ මතය යි.

The State of the Budget 2024 වාර්තාව මෙම සබැඳියෙන් ලබාගත හැකිය

https://publicfinance.lk/en/report/state-of-budget-2024#:~:text=State%20of%20the%20Budget%3A%202024&text=The%20State%20of%20the%20Budget,out%20in%20four%20main%20sections

SendShareShare
Previous Post

ඩාලි පාරේ කලබලය අස්සේ පොලිස් නිලධාරීන් මැද හිටපු සිවිල් පුද්ගලයා කව්ද? මොනවද කළේ? Sri Lanka Latest News

Next Post

ශ්‍රීපාදෙන් පහළට පැන්න තරුණයා හොයන වැඩේ අතහැර දමයි! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.