• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීනය දීපු සහන කාලය අප්‍රේල් 12න් ඉවරයි! 18 දා ගෙවන්න තිබුණු පළමු ණය වාරිකය ආණ්ඩුව ගෙවලා නෑ! 23 දා ලොකු පණිවුඩයක් අරන් චීන ප්‍රබලයෙක් ලංකාවට එනවා! I Sri Lanka Latest News

April 21, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ණය වැඩේ හබක්

පසුගිය මාසයේදී පළමු වතාවට අතිවිශේෂ අනාවරණයක් කරමින් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප කියා සිටියේ අප්‍රේල් 12 වැනිදා ලංකාවට ඉතා තීරණාත්මක දිනයක් යැයි කියාය. ඊට හේතුව ලෙස අප පෙන්වා දුන්නේ වසර 02ක කාලයක් සඳහා ණය නොගෙවා සිටීමට චීනය අප රටට දුන් සහන කාලය අප්‍රේල් 12 වැනි දිනට අවසන් වන බවත්, ඉන් අනතුරුව ලංකාවට චීනයේ ණය වාරික ගෙවීමට සිදුවනු ඇති බවත්ය. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හදිසි චීන සංචාරයක නිරත වෙමින් මෙම ණය ගෙවීම සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් සමග සාකච්ඡා කිරීමට පියවර ගත් බවද අපි එහිදී සඳහන් කර සිටියෙමු.Sri Lanka Latest News

ණය ගැන තීන්දුවක් ගනී

අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ලබන අප්‍රේල් 12 වැනිදා සිට නැවත ණය ගෙවීම ආරම්භ කරන ලෙසට චීනය ලංකාවට දැනුම් දීමට මීට පෙරාතුව කටයුතු කොට ඇතැයි කියාය. 2022 වසරේදී කොරෝනා වසංගතය සහ ආර්ථික අවපාතය හේතුකොට ගෙන චීනය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහනයක් වශයෙන් ණය වාරික සහ පොලිය ගෙවීම වසරකට කල් දැමීමට පියවර ගත්තේය. එමෙන්ම ගෝඨාගෙන් පසු රනිල් ජනාධිපති පුටුවේ අසුන්ගත් විටද චීනය තවත් වසරකින් එම ණය ගෙවීම කල් දමමින් 2024 දක්වා එම සහනය දීර්ඝ කිරීමට පියවර ගත්තේය. එම ණය සහනයේ කාලසීමාව අවසන් වන්නේ ලබන 12 වැනි දිනය. ඒ අනුව චීනය මේ වන විට ආණ්ඩුවට දැනුම් දී ඇත්තේ ලබන 12 වැනිදායින් පසු චීනයට හිඟ ණය මුදල වන ඩොලර් බිලියන 26.4ක ණය මුදලෙහි වාරික ගෙවීම ආරම්භ කරන ලෙසටය.

ආණ්ඩුවන් ඉල්ලීමක්

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව තවදුරටත් ණය සහන කාලය දීර්ඝ කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්, ඊට චීනයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත්ිරාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. චීනය එහිදී දැනුම් දී ඇත්තේ යම් හෙයකින් ලංකවට පමණක් එවැනි ණය සහනයක් ලබාදුනහොත් ඩොලර් බිලියන 600ක පමණ ණයගැතිභාවයකින් යුත් අනෙකුත් රටවල්ද චීනයෙන් එම ණය සහනය ඉල්ලා සිටිනු ඇතැයි කියාය. ඒ අනුව, පළමුව ණය ගෙවීම ආරම්භ කරන ලෙසත්, ඉන් අනතුරුව යම් සහනයක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවත් චීනය එහිදී ආණ්ඩුවට දැනුම්දී ඇති බවක්ද ආරංචිය.

ණය වැඩෙත් අවුලක වගේ

මීට අමතරව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනාධිපතිවරයා බර තබා තිබූ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අතිවිශේෂ හෙළිදරව්වක් මෙවර ‘රාජ්‍ය රහස්‘ තීරය මගින් හෙළිකිරීමට අප සූදානම්ය. ජනාධිපතිවරයා සූදානමින් සිටියේ කෙසේ හෝ ජූලි මාසය අග වන විට විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කොට එය විශාල ජයග්‍රහණයක් ලෙස රටට පෙන්වා ජනාධිපතිවරණය සඳහා ලොකු ගැම්මක් ගැනීමටය. ඒ අනුව පසුගිය සතියේ මේ පිළිබඳ කළ අනාවරණයෙන් පසු අපද විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අලුත්ම තත්ත්වය පිළිබඳ සොයා බැලීමක නිරත වීමු. එහිදී අපට දැනගන්නට ලැබුණේ තවමත් චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවකි. අගමැති දිනේෂ් ගුණවර්ධන මතා හදිසියේම චීනය බලා පිටත්ව ගියේත් මේ සම්බන්ධයෙන් යම් එකඟතාවක් ඇතිකර ගැනීම සඳහාය. නමුත් එම චීන ගමනේදී ගිවිසුම් 13කට අස්සන් තැබීමට නියමිතව තිබුණද අවසානයේදී අස්සන් තබා තිබුණේ ගිවිසුම් 9කට පමණි. ඉතිරි ගිවිසුම් 4 අස්සන් නොකිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ ආණ්ඩුව පැත්තෙන් හෝ චීනය පැත්තෙන් මෙතෙක් කිසිදු අනාවරණයක් සිදුකොට නොතිබීම විශේෂය.
මාර්තු 31 රාජ්‍ය රහස්

ඒ අනුව පසුගිය සති දෙකේම අප පැහැදිලිවම පෙන්වා දුන්නේ මෙම ණය ගෙවීමේ සහන කාලය යළි දීර්ඝ කරගැනීමේ අඩු සම්භාවිතාවක් පවතිනවා යැයි කියාය. අප කී සියයට සියයක්ම නිවැරදි වී ඇත්තේ චීනය අප්‍රේල් 12 වැනි දිනට පසු ණය නොගෙවා සිටීම නැවත වතාවක් දීර්ඝ කර නොමැති බවට වාර්තා වීමත් සමගය. ඒ අනුව, ගිවිසුම ප්‍රකාරව අප්‍රේල් 18 වැනි දින ලංකාව චීනයේ ණය යළි ගෙවීම ආරම්භ කරමින් පළමු ණය වාරිකය ගෙවිය යුතුය. නමුත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ආණ්ඩුව එවැනි කිසිදු ගෙවීමක් චීනයට සිදුකර නොමැති බවකි. නොඑසේ නම් නැවත වතාවක් ණය ගෙවීම පැහැරහැර ඇති බවකි.

කෙසේ වෙතත් ආණ්ඩුව පසුගිය කාලය පුරාම මහා පම්පෝරියක් ගසමින් කියා සිටියේ මේ වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 05 දක්වා ඉහළ නැංවී ඇතැයි කියාය. දැන් රටේ ආර්ථික අර්බුදයක් නැතැයි කියාය. ඩොලර් ලැබෙනවා යැයි කියාය. එසේ නම් ආණ්ඩුවට ණය ගෙවීමේ ගැටලුවක්ද නැත. අර්බුදයක් නැත්නම් ණය ගෙවීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය. නමුත් මෙතෙක් චීන ණය වාරිකය ගෙවීමට ආණ්ඩුව කටයුතු කොට නැත්තේ එවැනි පුරසාරම් කතා කියන පසුබිමකය. කනගාටුවට කරුණ වන්නේ රටම දැනගත යුතු මෙවැනි කාරණා අවම වශයෙන් විපක්ෂයේ සිටින ආර්ථික විශේෂඥයන් හෝ ජනතාව හමුවේ තැබීමට කටයුතු නොකිරීමය.

ලොක්කෙක් එනවා

මෙවැනි වාතාවරණයක් හමුවේ ලබන 23 වැනි දින චීනයේ ඉතා ප්‍රබල තනතුරක් හොබවන තැනැත්තෙකු ලංකාවට පැමිණීමට නියමිතය. ඇය නමින් සුන් හයියෑන්ය. ඇය චීන කොමියුනිස්ට් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරියක වශයෙන් කටයුතු කරන අතර, චීන මධ්‍යම කාරකසභාවද නියෝජනය කරන ඉහළම පෙළේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියකි. ඇය පසුගිය වසර වන තෙක්ම සිංගප්පූරුවේ චීන තානාපතිවරිය ලෙස කටයුතු කළ අතර, ආර්ථික අර්බුදයන්හිදී ඉතා තීරණාත්මක භූමිකාවක් රඟදැක්වූ තැනැත්තියක ලෙසද ප්‍රකටය.

ඇය ලබන 23 වැනිදා සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා සංචාරයේදී ආණ්ඩුවේ ඉහළ පෙළ නිලධාරීන් හමුවීමට නියමිතව ඇති අතර, මෙම චීන ණය ගෙවීම සම්බන්ධයෙන්ද බොහෝ දුරට සාකච්ඡා කරනු ඇති බව වාර්තා වේ. එමෙන්ම ඇය ලංකාවට පැමිණෙන්නේද චීන නෞකාවලට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ලබා නොදී ඇති පසුබිමක සහ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අර්බුදයකට ගොස් ඇති මොහොතකය.

ඒ අනුව සුන් හයියෑන්ගේ මෙම ලංකා සංචාරයේදී බොහෝ දුරට විය හැකි සිදුවීම් දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ පවත්වන සාකච්ඡාවලදී ලංකාවට අදාළ ණය වාරික ගෙවීම සඳහා තවත් සහන කාලයක් ලබාදීමට ඉඩකඩ තිබීමය. එය බොහෝ දුරට ආණ්ඩුව ඉල්ලන පරිදි මාස 06ක් විය හැකිය. එසේ වුවහොත් චීනයට අනෙක් ණයගැතියන්ටද ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට සිදුවනු ඇත. එය එක්තරා ආකාරයක අර්බූදයකි.

අනෙක් සිදුවීමවිය හැක්කේ වහාම ණය ගෙවීම ආරම්භ කරන ලෙසට ආණ්ඩුවට දැනුම් දීමය. එසේ වුවහොත් එය ආණ්ඩුව පැත්තෙන් බරපතළ තත්ත්වයකට මුහුණ දීමක් හා සමාන වනවා නිසැකය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

ජීවිත 273ක් බිලි අරන් 500කට වැඩි පිරිසක් ආබාධිත කළ පාස්කු ප්‍රහාරයට අවුරදු 5යි! සර්ව රාත්‍රික පා ගමන අද කටුවාපිටියට! ‌සියලුම පල්ලිවල සැමරුම් උත්සව! තවම මහමොළකරුවන් අල්ලලා නොමැති බවට චෝදනා! VIDEO I Sri Lanka Latest News

Next Post

ඊළඟ ජනාධිපතිගේ හඳහන හමුවෙයි! මේක කාටවත් නවත්වන්න බෑ! EXCLUSIVE I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.