• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2014 අපි දින්නේ ලෝක කුසලානයක් නෙවෙයිද? මාලිංග පොරක් නෙවෙයිද? Sri Lanka Latest News

April 6, 2024
in Exclusive, News, Sports
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

2014 අප්‍රේල් 06 වැනිදා ඔබට මතකද? 2014 අප්‍රේල් මාසේ 06 වැනිදා මම හිතන්නේ ගොඩ දෙනකුට මතක නැති දවසක්. හැබැයි එදා තමයි ටී-20 ලෝක කුසලානය අපි දිනපු දවස. සිරිබංගලා ක්‍රීඩාංගණයේදී තමයි මේ ක්‍රිකට් තරගය පැවැත්වුණේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තමයි මේ තරගය සඳහා මුණගැසුණේ. ඒ වෙනකොට ඉතා ප්‍රබලම කණ්ඩායම බවට පත්වෙලා හිටිය ඉන්දියානු කණ්ඩායමට රෝහිත් ෂර්මා, අජිත් කේ. රෙහානි, විරාට් කෝලි, යුවරාජ් සිං, එම්.එස්. දෝනි, සුනිල් ෂයිනා, රවීන්ද්‍ර ජඩේජා, රවීචන්ද්‍ර අෂ්වින්, අමිත් මිෂ්රා, බුවනේෂ්වර් කුමාර් සහ මොයින් ෂර්මා ඇතුළත් වෙලා තිබුණා. සමහර විට මේ කණ්ඩායම දිහා බලනකොට ඔබට හිතෙයි මෙතෙක් බිහිවෙච්ච විශිෂ්ටතම කණ්ඩායම මේ කණ්ඩායම කියලා. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජය කරපු නම් ටික ඇහුවමත් ඔබට එහෙමම හිතෙන්න ඉඩ තියෙනවා. කුසල් පෙරේරා, ටී.එම්. ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක, රංගන හේරත් සමග ලසිත් මාලිංග තමයි මේ තරගයට සහභාගි වුණේ. මේ තරගය සඳහා සහභාගි වෙන්නට පෙර වඩාත් ඉදිරියෙන් හිටියේ ශ්‍රී ලංකාවද, ඉන්දියාවද කියලා ඇහුවොත් උත්තරේ ඉන්දියාව. ඔවුන් කොහොමත් අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඔවුන් දක්ෂයන් යැයි ලෝකයම විශ්වාස කරනවා. (Sri Lanka Latest News)

මුලින්ම පන්දුවට මුහුණ දුන්නේ ඉන්දියානු කණ්ඩායම. රෝහිත් ෂර්මා පන්දු 26කදී ලකුණු 29ක් ලබාගත්තා. ඔහු එල්ල කළේ 4 පහර 3ක් පමණයි. අජිත් කේ. රෙහානි පන්දු 8කදී ලකුණු 3යි. විරාට් කෝලි වෙනදා වගේම ශ්‍රී ලංකාවට හොඳ උත්තරයක් ලබාදෙමින් 6 පහර 4ක් සමග 4 පහර 5ක් අන්තර්ගත කරමින් පන්දු 58කදී ලකුණු 77ක් ලබාගත්තා. යුවරාජ් සිං සහ එම්.එස්. දෝනි කියන දෙන්නා ශ්‍රී ලංකාව හමුවේ බරපතළ විදියට හිරවෙන අවසාන අවස්ථාව සමහර විට පළමු අවස්ථාව මෙය වෙන්න ඇති. යුවරාජ් සිං පන්දු 21කදී ලකුණු 11යි ලබාගතතේ. ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 52.38යි. එම්.එස්. දෝනිට පන්දු 7කදී ලකුණු 4ක් පමණයි ලබාගන්න ලැබෙන්නේ. ඔහු නොදැවී ක්‍රීඩා කරනවා. අනිත් අන්තයේ හිටපු විරාට් කෝලිට පන්දුවට මුහුණ දීමේ අවස්ථාවක් ලබාදෙන්න මේ දෙන්නටම හැකියාව ලැබෙන්නේ නෑ. කෝලි දුවද්දී දැවී යෑමකට හසුවෙනවා. ඒකට හේතු වෙන්නේ කෝලිට මේ අවනඩුව දරාගන්න බැරුව ඔහු එහා පැත්තට එන්න උත්සාහ කරනවා කොහොම හරි.

අපි එතෙක් මෙතෙක් දැකපු හොඳම අවසාන පන්දු වාර කිහිපය එදා යවනවා නුවන් කුලසේකර සමග ලසිත් මාලිංග. කුලසේකර පන්දු වාර 4ක් ලකුණු 29කට යවද්දී, මාලිංග පන්දු වාර 4 ලකුණු 27කට යවනවා. ඒ වගේම සචිත්‍ර සේනානායකගේ විශිෂ්ට පන්දු යැවීම ගැනත් අපි කතා කළ යුතුයි. ඔහු පන්දු වාර 4 ලකුණු 22කට යවනවා. කඩුලු දවාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. රංගන හේරත් හැමදාම වගේ පන්දු වාර 4 ලකුණු 23කට ඉවර කරලා දෙනවා. ඇන්ජලෝ මැතිව්ස් පන්දු වාර 4 ලකුණු 25කට නිමා කරනවා. මේ සියල්ලත් එක්කම පළමු කඩුල්ල ලකුණු 4දීත්, දෙවැන්න ලකුණු 64දීත් බිඳීයනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට හිසරදයක් වෙයි කියලා හිතපු යුවරාජ් සිං 119දී දැවී යනවා. විරාට් කෝලි ලකුණු 130දී දැවී යනවා. පන්දු වාර 19 නිමා වෙද්දී.

මේ තත්ත්වයත් එක්ක ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ඉතා පහසු ඉලක්කයක්. මේ ඉලක්කය පහසුවෙන් ජයගන්න ලැබේවි කියන එක ගැන අපිට ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නෑ. පළමුවෙන් පන්දුවට පහරදෙන්න පැමිණෙන කුසල් පෙරේරා සහ ටී.එම්. ඩිල්ෂාන් දෙන්නාගෙන් කුසල් පෙරේරා ඉක්මනින් ක්‍රීඩාගාරයට යවනවා ලකුණු 5දී. 41දී ටී.එම්. ඩිල්ෂාන් දැවී යනවා පන්දු වාර 5යි පන්දු 5ක් යවා අවසන් වෙද්දී. බලාපොරොත්තු සියල්ල බිඳහෙළමින් මහේල ජයවර්ධනත් හැකි ඉක්මනින් ක්‍රීඩාගාරයට යවන්න මේ පන්දු යවන්නන් සමත් වෙනවා. මහේල ජයවර්ධන ලබාදුන් උඩපන්දුවක් රවීචන්ද්‍රන් අෂ්වින් ලබගන්නවා. සුරේෂ් රයිනා තමයි පන්දුව යවන්නේ. සුරේෂ් රයිනා පාට් ටයිම් බෝලර් කෙනෙක් විදියට මේ තරගයේදී හොඳින් පන්දු යවනවා. මහේල ජයවර්ධනව ඔහු දවාගන්නවා. ලකුණු 78දී ළහිරු තිරිමාන්න දැවී යනවා. මේ තත්ත්වයත් එක්ක ලංකාව යම් අසීරුතාවකට මුහුණ දෙනවා. මොකද ලකුණු 78දී පන්දු වාර 12යි පන්දු 3ක් යවලා තියෙද්දී තමයි ළහිරු තිරිමාන්න දැවීයන්නේ. මිෂ්රාගේ පන්දුවකට. නමුත් තිසර පෙරේරා සහ කුමාර සංගක්කාර විශිෂ්ට ඉනිමක් දියත් කරමින් තරගය ජයග්‍රහණය වෙත ගෙන යනවා. මෙහිදී සංගක්කාර පන්දු 35කදී ලකුණු 52ක් එක් 6 පහරක් සහ 4 පහර 6ක් සමගින් ලබාගන්නවා. තිසර පෙරේරා ලකුණු 23ක් පන්දු 14කට ලබාගන්නවා. 6 පහර 3ක් සමගින්. ඒ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනවා. ලෝක කුසලානය අපට හිමිවෙනවා. ලසිත් මාලිංග ලෝක ශූර කුසලානය රැගෙන අපේ ක්‍රීඩකයන් වෙතට එනවා. බොහෝ කතන්දර තියෙනවා. මහේල ජයවර්ධනලා, කුමාර සංගක්කාරලා පදක්කම් පහුවදා වෙනකල් ගැලෙව්වේ නෑ කියලා කියනවා. මොකද කාලයක් අනු ශූරයන් වෙමින් ඉඳලා රිදුණු ක්‍රීඩකයෝ තමයි මේ ක්‍රීඩකයෝ. ඒ නිසා ශූරයන් බවට පත්වුණාට පස්සේ ඒ සතුට අප්‍රමාණව වින්ද බව තමයි ඉතිහාස කතන්දරවල කියන්නේ.

ප්‍රශ්නේ තියෙන්නේ අපි තවමත් මාලිංග, අර්ජුන කෙනෙක් විදියට පිළිගන්වාද කියන ප්‍රශ්නය. මාලිංගගේ කොණ්ඩේ නිසාද? මාලිංග තවම තරුණ නිසාද අර්ජුනට දෙන ගෞරවය මාලිංගට නොදෙන්නේ? කතා දෙකක් නෑ 96 ලෝක කුසලානය ඓතිහාසිකයි. ඒක අමතක කරන්න බෑ. ඒක ගෞරවනීයයි. ඒක පූජනීයයි. ඒ සියල්ලම හරි. හැබැයි මේ ලෝක කුසලානය 96 ලෝක කුසලානයට වඩා බර අඩු වුණේ කොයි වෙලාවදෙ? 2014 ලෝක කුසලානය ගැන අපි වන්දනීයව කතා නොකරන්නේ ඇයි කියන එක ගැන අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි විශ්වාස කරනවා මේ 06 වැනිදාත් අපි සමරන්න ඕනේ කියලා. මොකද ලෝකේ ක්‍රිකට්වල ටේ‍රන්ඩ් එක බවට පත්වෙලා තියෙන්නේ ටී-20. අසීරු ටී-20. ජයග්‍රහණය කොයි මොහොතේ ගිලිහෙයිද කියලා දන්නේ නැති ටී-20. ටී-20වල ලෝක ශූරයන් බවට පත්වෙලා ඉන්නේ ඉන්දියාව. ඉන්දියාව මේ ලෝක කුසලානයත් එක්ක එන ගමනේදී ඔවුන්ගේ හිටපු දැවැන්තයොත් එක්ක මේ සටනට එන්නේ. නමුත් මේ තරගයේදී අපි හිටියේ පිටිපස්සේ. හැබැයි මේ තරගයට යන්නේ ඇත්තටම චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතුව. පසුව තමයි ලසිත් මාලිංග නායකයා බවට පත්වෙන්නේ. විශාල ආන්දෝලනාත්මක දේවල් සිදුවෙච්ච ක්‍රිකට් ලෝක කුසලානයක් මේ විදියට අපි ජයග්‍රහණය කරන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඔබට දැන් අමතක වෙලා තිබුණා නම් මතක් වෙයි කියලා අපි එකපාරක් නෙවෙයි දෙපාරක් ලෝක ශූරයෝ වෙච්ච බව.

අපේ ලෝක ශූරයන් බවට පත්වුණේ අර්ජුන රණතුංග දිනපු ලෝක කුසලානයේදී විතරක් නෙවෙයි. මාලිංගගේ කුසලානයත් ලෝක ශූරයා කුසලානයක් බවත්, ඒ කුසලානයේ අභිමානය අර අභිමානය තරම්ම වටිනා බවත් ගෞරවනීය බවත් හිස මත තබාගත යුතු බවත් මේ මොහොතේ අපි ඔබට සිහිපත් කරනවා. මාලිංග තවත් අර්ජුන කෙනෙක් කියලා අපි කියන්නේ නෑ. හැබැයි අර්ජුනට තියෙන ගෞරවයම මාලිංගටත් අපි දෙන්න ඕනේ. හැබැයි එහෙම කියලා 96 ලෝක කුසලානයේ බර අඩු කරන්න ඕනේ කියලා අපි යෝජනා කරන්නේ නෑ. මොකද ඒකට හේතුව ක්‍රිකට්වල බොහොම පුංචි අඩියක හිටපු අපි ක්‍රිකට්වලින් දියුණු වෙමින් හිටපු අපි වරප්‍රසාද නොතිබ්බ අපි තනියම නැගිට්ට අපි 96 දිනාගත්ත ලෝක කුසලානය කවදාවත් හෑල්ලුවට ලක්කරන්න හදනවා නෙවෙයි. හැබැයි ඒ අතරතුරේ 96 ලෝක කුසලානය වගේම 2014 ලෝක කුසලාන ජයග්‍රහණයත් ඒ තරම්ම ආඩම්බරයෙන් සමරමු කියලයි අපි ඔබට යෝජනා කරන්නේ. මාලිංගත්, අර්ජුන වගේම වීරයෙක් කරලා ඔහුටත් මල් මිටක් දෙමු කියලා අපි ඔබට යෝජනා කරනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

වැඩිහිටි ගිණුම්වලට දීපු 15%ක පොලිය 8%ට පහත දැම්මාම වැඩිහිටියෝ බෙහෙත් ටික ගන්නේ කොහොමද? ඒ වැඩිහිටියන්ට අත්වන ඉරණම මොකද්ද? 15% පොලිය යළි ලබා දෙන තෙක් සටන් කරනවා! විපක්ෂනායක සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ජාති ආගම් කුලමල ගෝත්‍ර විදිහට බෙදිලා තියෙන රට එක්සේසත් කරන්නේ කොහොමද? ශ්‍රී ලාංකික පුරවැසියෙක් බිහිකරන්නේ කොහොමද? ඕමන්තේ මධ්‍ය විද්‍යාලයට ස්මාර්ට් පන්ති කාමරයක් පිරිනමමින් සජිත් කරපු කතාව! PHOTOS I VIDEO Sri Lanka Latest News

MORE NEWS

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

Load More
මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි බස් නැවතුම්පොළ, ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ප්‍රධාන දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත...

Read more
කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.