• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව කියනවා රට ස්ථාවර වෙලාලු! ලෝක බැංකුව කියනවා රටේ දුප්පත්කම දෙගුණ වෙලාලු! අද පෝලිමේ නැති වුණත් රටම දුප්පත් වෙලා! ආදායම් මාර්ග කඩා වැටිලා! ව්‍යාපාර වැසී ගිහින්! සජිත් මේ කතාව කිව්වේ මුලතිව් මැරිටයිම්පත්තු තන්නීරොතු මුස්ලිම් මහා විද්‍යාලයේ දරුවන්ට ස්මාර්ට් පන්ති කාමරය් පිරිනමමින්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 4, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
Share on WhatsAppShare on Facebook

රජය පවසන ආකාරයට මේ වන විට රට ස්ථායීකරණය වී ඇති මුත් ලෝක බැංකුව කියන ආකාරයට දුගී දුප්පත්කම දෙගුණ වී ඇති බවත් මේ වන විට රටේ නව සාමාන්‍යකරණයක් ක්‍රියාත්මක වන බවත් පොලිම් යුගයක් නොමැති වුවත් දුප්පත්කම වැඩි වී ආදායම් මාර්ග කඩා වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම දෙමාපියන්ට තම දරුවන්ට එදිනෙදා වේල් 3 වත් දී ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් මහ පොළොවට පය ගසා ජීවත් වී ඇති පුද්ගලයන් ලෙස උතුරේත් දකුණේත් නැගෙනහිරත් බස්නාහිරේත් දුගී දුප්පත්කම වැඩි වී ඇති බවත් රටේ හරි අඩක්ම දුප්පත්කමෙන් පීඩනයෙන් අසහනයෙන් දරිද්‍රතාවෙන් ජන ජීවිතය තෙරපී ඇති බවත් හොඳට තිබූ ජන ජීවිත කුඩා වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය කියන ස්ථායීකරණය සිදුව ඇත්තේ නව සාමාන්‍යකරණයක් තුළ බවත් එම නව සාමාන්‍යකරණය තුළ ජනතා ප්‍රශ්න අහස උසට ගොස් ඇති බවත් රැකියා වියුක්තිය වැඩි වීම මෙන්ම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසායන් ලක්ෂ 2ක් පමණ වැසී ගොස් ඇති ඇති බවට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවා පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 139 වැනි අදියර යටතේ අද මුලතිව්, මැරිටයිම්පත්තු තන්නීරොතු මුස්ලිම් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය.

ජනතාවට දෙන සහන, ශක්තිය අඩු කර ජනතාව අමාරුවේ දමා ස්ථායීකරණයකට යා හැකි බවත් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගත් නව සාමාන්‍යකරණයකින් රටට හෝ ලක්ෂ 220 ජනතාවට වැඩක් නොමැති නිසා වහාම රටට දුප්පත්කම තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එහි දී අධ්‍යාපනය සඳහා වැඩි අවස්ථා ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අන්තවාදයට නැවතත් ඉඩ නොදිය යුතු යි

දුප්පත්කම තුරන් කිරීමට, ආගමික හා ජාතික සංහිදියාව ඇති කර අන්තවාදය නැති කිරීමට අධ්‍යාපනය යොදා ගත හැකි බවත් කිසිදු අන්තවාදයකට ඉඩ නොතැබිය යුතු බවත් රටක් ලෙස එක අම්මගේ දරුවන් ලෙසින් මැද මාවතක එක හා සමානයි කියන ප්‍රතිපත්තියක කටයුතු කළ යුතු බවත් කුමන ජාතියකට ආගමකට අයත් වුවත් සැවොම එක හා සමන බවත් සුපිරි පුරවැසියන් හෝ පහත් පුරවැසියන් කියා පුරවැසියක් වර්ග 2ක් නොමැති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ අප සැවොම එක බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේ විධායකයේ අතකොළුවක් නොවෙයි

ව්‍යවස්ථාදායකයේ සිටින විට එය ආරක්ෂා කිරීමට එහි අයිතිය වෙනුවෙන් කතා කිරිමට මන්ත්‍රීවරු කටයුතු කළත් ඔවුන් ව්‍යවස්ථාදායකයේ සිට විධායකයට ගිය පසු විධායකය විසින් පාර්ලිමේන්තුව පාගා දැමීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තුව ජනාධිපතිගේ අතකොලුවෙකු ලෙස සැලකීමට කටයුතු කරන බවත් එය සුදුසු දෙයක් නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ විධායකය, ව්‍යවස්ථායකය සහ අධිකරණය යන කොටස් 3ක් ඇත්තේ සංවරණ හා තුලන හරහා කිසිදු ආයතනයක් තවත් ආයතනයක් පාගා ගෙන බලවතකු ලෙස ඉස්මතු නොවීමට බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

පාලකයොන්ට උතුර මතක් වෙන්නේ ඡන්ද කාලෙට විතරයි

යුද්ධයෙන් මුලතිව් ප්‍රදේශය බටකෑ බවත් යුද්ධයෙන් පසු ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්වීමට හිටපු කිසිදු ජනාධිපතිවරයකුට නොහැකි වූ බවත් මොවුන්ට උතුරු නැගෙනහිර මතක් වෙන්නේ මැතිවරණ කාලයට පමණක් බවත් මැතිවරණයෙන් පසු රටටම හෙණ ගැහුවත් පාලකයෝ බලා සිටින බවත් මේ ප්‍රතිපත්තිය වෙනස් විය යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ උතුරු නැගෙනහිර කේන්ද්‍ර කර ගෙන ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 139ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1400ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

රජීව් ගාන්ධි ඝාතනයේ චූදිතයන් අවුරුදු 35කට පස්සේ ලංකාවට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පොහොට්ටුවේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හදිසියේම මියයයි! අවුරුදු 69යි! I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.