• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රහාරයට අවුරුදු 5යි! මලල්ගොඩ වාර්තාව ආවා! ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ආවා! පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව ආවා! කෝ ජාත්‍යන්තර පරීක්ෂණය? තවම ‌මහමොළකාරයා නෑ! දැන් මෛත්‍රීපාල කියන මහමොළකරු කව්ද? සමහර මන්ත්‍රීවරු දැන් මේක විහිළුවකට අරගත්තත් රටේ සමස්ත ජනතාවට මේක විහිළුවක් නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

April 1, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 5ක් ගත වී ඇතත් මෙම නින්දිත ප්‍රහාරය ගැන මලල්ගොඩ කමිටු වාර්තාව, ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ පාර්ලිමේන්තු විශේෂ කාරකසභා වාර්තාව මඟින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හෝ ඒවා පරිශීලනය කිරිමට රජය තවමත් කටයුතු කර නොමැති බවත් පාස්කු වාර්තාවේ කොටස් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පවා සඟවා ඇති බවත් ප්‍රමාණවත් ඔප්පු කිරීම්වලින් බැහැරව තෝරා ගත් මහමොළකරුවන් නම් කිරීම නිසා විවිධ පුද්ගලයන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ප්‍රමාණය හා නිර්දේශ ප්‍රමාණය, මෙම නිර්දේශ ක්‍රියාත්මක නොවීමට හේතු, මෙම විමර්ශන වාර්තා මහජනතාවට පරිශීලනය කිරිමට නොදීමට හේතු මෙන්ම වත්මන් ජනාධිපතිවරයා 2022.7.18 දින ප්‍රකාශ කළ පරිදි මේ සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කර ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයා පැවසූ එම පරීක්ෂණය සම්බන්ද තොරතුරු දැන ගැනීමට අවශ්‍ය බවත් අද සමහර මන්ත්‍රිවරුන්ට මෙය විහිළුවක් වුවත් සමස්ත ජනතාවට මෙය විහිළුවක් නොවන බවත් මින් විපතට පත් ජනතාවට විහිළුවට නොගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ ප්‍රශ්න කරමිනි.

සහරාන් සමඟ වැඩිම වාර ගණනක් දුරකථන සංවාද පැවැත්වූයේ බුද්ධි අංශ නිලධාරියකු බවට එෆ්. බී. අයි. ආයතනය ප්‍රකාශ කළත් මේ සම්බන්ධ ඉදිරි පරීක්ෂණ සිදු නොවු බවත් මීට අදාළ පරීක්ෂණ ඉදිරියට ක්‍රියාත්මක කිරිමට විශාල වශයෙන් බාධා ඇති ව තිබෙන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ මිලේච්ඡයන් සමඟ පැවැති බුද්ධි අංශ සම්බන්ධතාව ගැන දැන ගැනීමට අවශ්‍ය බවත් පැවසීය.

පාස්කු ප්‍රහාරයේ වාසිය ගත්තේ ගෝඨාභය

පාස්කු ප්‍රහාරය නිසා විශාලම වාසිය ලැබුයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයකු ලෙස සිටියදී බවත් ඔහු බලයට පත් වූයේ පාස්කු ප්‍රහාරයේ සුල මුල සොයනවා කියා වුවත් ජනාධිපති වූ පසු මේ සම්බන්ධ පරික්ෂණ සිදු කළ නිලධාරින් 31කට වැඩි ප්‍රමාණයක් මාරු කළ බවත් මේ සඳහා අදම පිළිතුරු අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

ඉන්දීය බුද්ධි අංශ මේ ගැන දැනුවත් කර ඇති බවත් එසේ දැනුවත් කළ දින වකවානු දැන ගැනීමට අවශ්‍ය බවත් විවිධ කොමිෂන් වාර්තා අනෙකුත් වාර්තා හා අධිකරණ නියෝග හරහා විවිධ පුද්ගලයන්ට විරුද්ධව පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති අවස්ථාවක ඒ සඳහා පියවර නොගත්තේ ඇයි ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හිටපු ජනාධිපති ඉඟි පළ කරන පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද?

හිටපු ජනාධිපතිවරයා පැහැදිලි ප්‍රකාශයක් මඟින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ගැන ඉඟි පළ කරන හෙයින් මේ ගැන තොරතුරු දැන ගැනීමට අවශ්‍ය බවත් මෙවැනි සුවිශාල අපරාධයකට වගකිවයුතු පුද්ගලයන් සම්බන්ධයෙන් කරුණු හෙළිදරුව් නොකිරීමට හේතු කවරේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ ගැටලුවලට අදම පිළිතුරු අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

රනිල්-මහින්ද-චන්ද්‍රිකා-බැසිල්-දිනේෂ්-කරු එක තැනකට එකතු වෙයි! ඉන්දු චීන තානාපතිවරුත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

Next Post

මෛත්‍රීපාලට එරෙහිව දුමින්ද-ලසන්ත-අමරවීර උසාවි ගිහින් වාරණ නියෝගයක් අරන්! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.