• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ ළමා-ළදරු-මාතෘ මන්දපෝෂණය ඉහළ ගිහින්! අවුරුදු 5ත් 18ත් අතර දරුවන්‌ගෙන් 25%ක් අඩු බර දරුවන්! පාසල් දරුවන්-මව්වරුන් මන්දපෝෂණයෙන් මුදා ගන්න සජිත්ගෙන් ‌ලොකු යෝජනාවක්! ලෝක බැංකුව-මූල්‍ය අරමුදල-ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතන එක්වී ගොඩනගන විශේෂ අරමුදලක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 12, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ රටේ ළමා, ළදරු හා මාතෘ මන්දපෝෂණය ඉහළ මට්ටමක ඇති බවත් 2022 සිදු කළ සංගණයක දී වයස අවුරුදු 5-18 අතර දරුවන්ගෙන් 25%ක් අඩු බර දරුවන් බවට අනාවරණය වී ඇති බවත් තවත් මෙවැනි සංඛ්‍යාලේඛන ගණනාවකින් මන්දපෝෂණය වර්ධනය වී මව්වරු හා දරුවන් අවදානම් කොට්ඨාසයක් ලෙස මන්දපෝෂණ තත්ත්වය නිසා පීඩා විඳින බැවින් ඉදිරි දින කිහිපය තුළ සමගි ජන බලවේගය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස් හමුවීමට යන බැවින් වහාම මේ රටේ මව්වරුන්ගේ, ළදරුවන්ගේ, දරුවන්ගේ හා පාසල් දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය මඟහරවා ගැනීමට විශේෂිත අයි.එම්.එෆ්. ආධාරක වැඩසටහනක් අවශ්‍ය බව පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අයි. එම්. එෆ්. එක, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතන එකට එකතු වී විශේෂිත අරමුදලක් ස්ථාපිත කොට මෙම මන්දපෝෂණ තත්ත්වයෙන් මුදවා ගැනීමට විශේෂිත ජාතික වැඩසටහනක් අවශ්‍ය බවට යෝජනා කරන බවත් මන්දපෝෂණය වර්ධනය වීම යනු විෂම චක්‍රයක් නිර්මාණය වීමක් බවත් එය රටේ නිෂ්පාදන ධාරිතාවට සෘණාත්මක බලපෑමක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ඊට අමතරව වහාම ක්‍රියාත්මක කරන පරිදි සියලුම රජයේ පාසල්වල සියලුම සිසුන්ට පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බවට යෝජනා කරන බවත් රටේ අනාගතය දරු පරපුර බැවින් මොවුන්ගේ නීරෝගී සම්පන්න භාවය සුරක්ෂිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 120 වැනි අදියර යටතේ අද ගම්පහ දොම්පේ මල්වාන මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මාගේ මේ ව්‍යායාමය පාසල් වැසී හිරගෙවල් විවෘත වීම වැළැක්වීමයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රටක පාසල් පද්ධතිය ශක්තිමත් වන විට හිර ගෙවල් වැසෙන නිසා සක්වල වැඩසටහන හරහා පාසල් පද්ධතිය ශක්තිමත් කිරීම සිදු කරන බවත් සමගි ජන බලවේගයේ මේ ව්‍යායාමය පාසල් වැසීම නොවන බවත් පාසල් වැසුනොත් හිරගෙවල් 1000ක් බිහි වන නිසා රටේ පාසල් 10126ටම නූතනවාදී සුහුරු නිවැරදි අධ්‍යාපනයක් ලබා දීම ඒකායන අරමුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ප්‍රශස්ත ප්‍රබුද්ධ රටක් මතු පරපුරට දායාද කළ යුතුයි

පවතින බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට නම් රටේ ඇති වැරදි ක්‍රමවේද නිවැරදි කර ගෙන ගොඩ ආ යුතු බවත් රට මේ වන විට අත්ව ඇති ඛේදවාචකය මතු පරම්පරාවට දායාද නොකළ යුතු බවත් මතු පරම්පරාවට දායක කළ යුතුතේ ප්‍රශස්ත ප්‍රබුද්ධ රටක් බවත් ඒ අරමුණ තමාගේ සිතේ දැඩි ලෙස ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපි බලයක් නොමැතිව දරුවන්ට අගයක් එකතු කළා

ලෝකය නව තාක්ෂණයෙන් දියුණු වන විට එම නව තාක්ෂණය මෙරට අධ්‍යාපනයට ලබා නොදීම තුළ පාසල් දූදරුවන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බැවින් දරුවන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් බලයක් නොමැතිව පාසල් දරුවන්ට අගයක් එකතු කිරීම සක්වල වැඩසටහනේ ඒකායන අරමුණ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රටේ ප්‍රශ්න නැහැ කියන අයට දැන ගන්න ප්‍රශ්න රැසක් තිබෙනවා

පවතින තත්ත්වය මත සමහර මව්වරු දවසක එක වේලක් කා තම දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේල් 3ක් ලබා දීමට උත්සාහ කරන බවත් මෙවැනි ඛේදජනක සිදුවීම් රාශියක් රට පුරා අසන්නට ලැබෙන බවත් සමහරු දරුවන් පවා නැතිබැරි කම නිසා රාත්‍රීයේ රැකියාවල නිරතවන බවත් රටේ ප්‍රශ්න නැහැ කියන අයට මෙවැනි ඛේදජනක කතා දැන ගැනීමට සැලැස්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සාමාන්‍ය තත්ත්වයක් නැහැ

රටේ මේ වන විට සාමාන්‍ය තත්ත්වයක් නොමැති බවත් කොවිඩ් සමයේ මෙන් නව සාමාන්‍යකරණ තත්ත්වයක් පමණක් ඇති බවත් බඩගින්න, රස්සා අහිමි වීම, සියදිවි නසා ගැනීම, නැතිබැරි කම ශීඝ්‍රයෙන් වර්ධනය වන නව සාමාන්‍යකරණයක් ඇති බවත් එවැනි දෙයකින් සතුටු විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 84ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4092ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 120ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1201ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

එපා කියද්දීත් තවත් චීන පර්යේෂණ නෞකාවක් ඉන්දීය සාගරයට ඇතුල් වෙයි! මාස 2කට ආපු දෙවැනි නැව! ඉන්දීය ආරක්ෂක අංශ සීරුවෙන්!  VIDEO I Sri Lanka Latest News

Next Post

අන්න තායිලන්තේ ගංජා නීති ලිහිල් කරලා බාල වයස්කරුවන් හිටු කියලා ගංජා බොන්න පටන් අරන්! තායි ආණ්ඩුව ආයෙත් තහනම ගේන්න යනවා! අර අපේ ගංජා නෝනලා මහත්තුරු කොහෙද දන්නෙ නෑ ඉන්නෙ! I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.