මෙවර කාන්තා දිනයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ කාසල් රෝහලට ඉන්කියුබේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීඹට ගිය අවස්ථාවේදී රෝහල් බලධාරීන් විසින් 2021 කොරෝනා සමයේදී විපක්ෂනායකවරයා පරිත්‍යාග කළ අල්ට්රා සවුන්ඩ් යන්ත්‍රයක් පෙන්වීමටද රැගෙන ගොස් තිබිණ.Sri Lanka Latest News
එහිදී වෛද්‍යවරුන් කියා සිටියේ මෙම යන්ත්‍රයෙන් මේ වනවිට මව්වරුන් ලක්ෂ 2කට වඩා ප්‍රතිකාර ලබාගෙන ඇති බවකි.
ඡන්ද ලක්ෂ දෙකකට වඩා මව්වරු ලක්ෂ දෙකකට සෙත සැළසීම මට වැදගත්
මේ උපකරණ වලින් අපේ රටේ දරුවන්ට සහ මව්වරුන්ට හොඳ දෙයක් වෙනවා නම් එය ප්‍රමාණවත් බවත් මීට පෙර කාසල් රෝහලට 2021 වසරේ පරිත්‍යාග කළ අල්ට්ර සවුන්ඩ් ස්කෑනරය බැලීමට ගිය අවස්ථාවේ එය තුළින් මව්වරු ලක්ෂ දෙකකට සෙත සැලසී ඇති බව දැන ගන්නට ලැබුණු බවත් ඡන්ද ලක්ෂ දෙකකට වඩා මව්වරු ලක්ෂ දෙකකට සෙත සැලසීමට හැකිවීම ගැන සතුටු වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.









