සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත සහ එකතු කළ අගය මත බදු සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කිරිමට නියමිත වුවත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධයෙන් නිර්දේශ ගෙන නොමැති බව දැන ගන්නට ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
සමාජ ආරක්ෂණ දායකත්ව පනත ක්‍රියාත්මක වන්නේ පිරිවැටුම් මත බවත් ඒ සඳහා අවශ්‍ය නෛතික මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හරියාකාර වැඩසටහනක් නොමැති නිසා පාරිභෝගිකයා මත පටවන තත්ත්වයක් ඇති බවත් වැට් වැඩි කිරිම හා සමාජ ආරක්ෂණ පනත් කෙටුම්පත යන දෙකටම විපක්ෂය විරුද්ධ වන බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ නොමැතිව එය විවාදයට ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත අද ලැබෙනවා නම් එය හෙට දවසේ න්‍යාය පත්‍රයට ඇතුළත් වූයේ කෙසේද කියා ගැටලු සහගත බැවින් මෙය කල් දමන ලෙස ද විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.










