• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබය කෙහෙළියට ගෙනාපු විශ්වාසභංගයෙන් පස්සේ දැන් පෝලිමට අධිකරණය හමුවේ හොරු හෙළිවෙමින් තියෙනවා! හැබැයි කෙහෙළියව ආරක්ෂා කරන්න මේ ආණ්ඩුවේ 113ක් අත ඉස්සුවා! ජනාධිපතිතුමාත් කළේ කෙහෙළියව ආරක්ෂා කරපු එක! එක පවුලක් රට සින්නක්කරව ලියා ගත් නිසා අපි ලෝකෙටම ණයකාරයෝ වුණා! විපක්ෂනායක සජිත් හම්බන්තොටටම ගිහින් කියපු කතාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 4, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
Share on WhatsAppShare on Facebook

අපේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ප්‍රධාන කුළුණු 3 වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පැවතියත් නාමිකව පමණක් ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන බවත් අද වන විට පාර්ලිමේන්තුවේ බහුතරයක් දූෂිතයෝ රකිමින් හොරකම, අල්ලස හා වංචාව ආරක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මීට මාස කිහිපයකට පෙර බාල බෙහෙත් ජාවාරම්කාර ක්‍රියාදාමය ගැන සත්‍ය තොරතුරු අනාවරණය වූ පසු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට විරුද්ධව සමගි ජන බලවේගය විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ ඔහුව ආරක්ෂා කරන්න ආණ්ඩුවේ 113ක් අත ඉස්සූ බවත් රට පාලනය කරන ජනාධිපති ඔහුව රකින්න කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට සමගි ජන බලවේගය ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ වැදගත්කම පෙනී යන බවත් අධිකරණය විසින් පොලිමට මේ හොරු අල්ලා ඔවුන්ට විරුද්ධව නඩු ක්‍රියාත්මක කරමින් මේ දුෂිත වංචනික ක්‍රියාවලට වගකිවයුතු අය දැන් හෙළිදරව් වුවත් පාර්ලිමේන්තුවේ මේ හොරුන්ව ආරක්ෂා කිරිමට බහුතරයක් පෙරට ආ බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට තිස්සමහාරාම දෙබරවැව ජනාධිපති විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා 115 වන සක්වල සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසල වෙනුවෙන් මීට පෙර ද බටහිර තූර්යවාදක කණ්ඩායමේ ඇඳුම් කට්ටලය සහ බස් රථයක් ලබා දීම ද සිදු විය. මීට අමතරව පාසලේ නර්තන කණ්ඩායම වෙනුවෙන් ඇඳුම් කට්ටල ලබා ගැනීමට අද දින රුපියල් ලක්ෂයක පරිත්‍යාගයක් ද සිදු කළේය.

එක පවුලක් රට සින්නක්කරව ලියා ගත් නිසා අපි ලෝකෙටම ණය කාරයෝ වුණා

ප්‍රතිලාභ නොබලන, රටට ඵලදායී නොවන ව්‍යාපෘති වෙනුවෙන් මහා අධික ණය ලබා ගැනීම හා දූෂණය වංචාව හොරකම මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වීම නිසා අපේ රට ඩොලර් බිලියන 90ක් ණයකාරයෝ වී ඇති බවත් වැඩිපුර වැට් බදු, ආදායම් බදු ගෙවීමට හේතු වූ ඇත්තේ එක පවුලක් රටේ සම්පත් හොරා කා රටේ සම්පත් විනාශ කර තමන්ට රිසිසේ ගනුදෙනු ක්‍රියාත්මක කිරිම බවත් සමගි ජන බලවේග රජයක් යටතේ රට විනාශ කළ මේ පුද්ගලයන් විනිවිදභාවයෙන් යුක්තව අධිකරණය හමුවට ගෙනවිත් ඔවුන්ට දඩුවම් ලබා දී එම සම්පත් නැවත රටට ගෙන එන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපි තවමත් රට යවන්නේ ගෘහ සේවිකාවෝ විතරයි

අපේ රට තවමත් වැඩිපුරම විදේශ රැකියා ක්ෂේත්‍රයට යවන්නේ ගෘහ සේවිකාවන් වුවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිලිකන් වැලි එකට මෘදුකාංග ඉංජිනේරුවන් ලෙස යන්නේ ඉන්දීය ජාතිකයන් බවත් ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ විප්ලවය වේගවත් වීම නිසා ඒ තත්ත්වය ඇති වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කවුරු පාරට බැස්සත් මට වැදගත් රටේ දූදරුවන්

තොරතුරු තාක්ෂණ විෂය නිර්දේශ සකස් කරන විට ඉන්දියාවේ කිසිම පුද්ගලයෙක් විප්ලව සිදු කරමින් පාද යාත්‍රා නොගියත් අපේ රටේ අලුත් දෙයක්, හොද දෙයක් කරන විට, වැදගත් දෙයක් හා නූතනවාදී දෙයක් කරන විට මහපාරට බැස විප්ලව කරන බවත් සමගි ජන බලවේග රජයක් තුළ කවුරු පාරට බැස්සත් තමාට වැදගත් වන්නේ රජයේ පාසල් 10126 ඉගෙනුම ලබන දූදරුවන් 41 ලක්ෂය බැවින් දැවැන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ රටේ ඩිජිටල් විප්ලවයක් සිදු කරන බවට පාලකයෝ කෑ මොර දුන්නත් අප රටේ පරිගණක හා තොරතුරු තාක්ෂණය ඉගැන්වීම සිදු කරන්නේ 6-13 බවත් 1-5 සිසුන්ට කිසිදු ඉගැන්වීමක් සිදු නොකරත් සමගි ජන බලවේග රජයක් තුළ තොරතුරු තාක්ෂණය 1-13 සිට ඉංග්‍රීසි භාෂාවෙන් අනිවාර්ය විෂයක් ලෙස ඉගැන්වීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විප්ලවවාදීන් කෑ ගැහුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නවත්වන්නේ නැහැ

පෝසත් පවුල්, ප්‍රභූ පවුල්, ඇතිහැකි පවුල්, දේශපාලනඥයන්ගේ ළමයි යන්නේ පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වලට බවත් මෙම ජාත්‍යන්තර පාසල් හා රාජ්‍ය පාසල් අතර විශාල පරතරයක් ඇති නිසා එය නැති කළ යුතු බවත් කවුරු මොන විප්ලව සිදු කළත් මේ දැවැන්ත අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ නතර කළ නොහැකි බවත් එය නතර කළ හැකි එකම පාර්ශ්වය මහජනතාව බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජනතාව ඉල්ලූ ක්‍රමයේ වෙනස අපි දුන්නා

රටම ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කරන බැවින් එම ක්‍රමයේ වෙනස සමගි ජන බලවේගය මේ වන විටත් පෙන්වා ඇති බවත් බලයක් නොමැතිව රටටම වැඩක් කළේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

පෞද්ගලික වාසි වෙනුවෙන් ඡනදෙ දෙන එක නතර කරන්න

නවීන තාක්ෂණය සම්බන්ධයෙන් දරුවන් සතු දැනුම අඩු වී ඇත්තේ දූදරුවන්ගේ වරදින් නොව පාලකයන් පත් කරන වැඩිහිටියන්ගේ වරදින් බවත් මෙතෙක් කල් වැරදි දේට ජනප්‍රිය දේට පුද්ගලික වරප්‍රසාද ලැබෙන දේට වරම ලබා දුන් බවත් එය දැන්වත් වෙනස් විය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගය බලයට පත් වූ විගස උසස් මට්ටමට රටේ අධ්‍යාපන පද්ධතිය නිර්මාණය කරන බවයි.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 83ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4042ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 115ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1148ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ගිය මාස 14ට අලුත් නීති 42ක් ගෙනාවා! තවත් නීති 62ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉක්මනින් සම්මත කරගන්න තියෙනවා! What’s New කතිකාවට එක්වෙමින් රනිල් කියයි! I Sri Lanka Latest News

Next Post

මීටපස්සේ ‘ගරු’ නෑ..! ‘තුමනි’ නෑ..!! නම්බුනාම නෑ..!!! ‘කතානායක’ විතරයි! උත්සවවලදි නම කියලා අවසර ගන්නෙත් නෑ! විපක්ෂනායක සජිත් දැඩි තීන්දුවක් ගනී! I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.