කතානායකවරයාට එරෙහිව විශ්වාසභංගය හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.Sri Lanka Latest News
මෙහිදී මුලු විපක්ෂයම කතානායකවරයාට එරෙහිව එක් ස්ථාවරයකට පැමිණ ඇති බවත් ඒ මහතා කියා සිටියේය.
අද(04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය පීරිස් මහතා මෙසේද කීය.
ව්‍යවස්ථා සභාව රැස්වී පොලිස්පතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී කථානායකවරයා ඡන්දය ප්‍රකාශ කළ ඇත්තේ ජනාධිපතිවරයාට ලිපියක් මාර්ගයෙන් බව දැනට තොරතුරු මගින් හෙළිදරව් වන බවත් ඒ=ය ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු සහ ගෞරවය උඩුයටිකුරු කිරීමක් බවත් ඒ මහතා කියා සිටියේය.
කථානායකවරයා මාර්ගගත ආරක්ෂණ පනත සම්මත කර ගැනීමේ දීද කතානායකවරයෙකු සතු කාර්යය හිතාමතා මගහැර ඇති බවත්, මේ අයුරින් කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිගින් දිගට ම උල්ලංඝනය කිරීම වහා නතර කළ යුතු බවත් පෙන්වා දුන් පීරිස් මහතා ආණ්ඩුව ගෙන එන අණපනත් සම්මත කර ගැනීමේදී කතානායකවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවද පෙන්වා දුන්නේය.










