පාසල් දරුවන් රැගෙන යන පොත් බෑගයන්ට අසීමිත බර පැටවීමෙන් සහ ප්‍රමිතියකින් තොර පාසල් බෑග් නිර්මාණය වීමෙන් පාසල් දරුවන්ට කොන්දේ අමාරු, මාංශපේශී වේදනා ඇතිවිය හැකි බවත්, ඒ අනුව එම දරුවන් අනාගතයේදී කිසිවක් කරකියාගත නොහැකි රෝගීන් බවට පත්වීමේ දැඩි බලපෑමක් එල්ලවිය. (Sri Lanka Latest News)
හැකි බව දකුණු කොළඹ මහ රෝහලේ විකලාංග විශේෂඥ වෛද්‍ය, ශෛල්‍ය වෛද්‍ය ආර්. ඥානසේකර මහතා ‘මව්රට’ට පැවැසීය.
අධික ලෙස පොත් රඳවාගෙන ප්‍රමිතියෙන් තොර පාසල් බෑග් පරිහරණය කිරීමෙන් එම බෑගයන් සිරුරට තද නොවී සෙලවීමෙන් පවා කොන්දේ අමාරු ටිකෙන් ටික ඇතිවී එය තරුණ වයසේදී තවත් තීව්‍ර විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
රැකියාවක් කරන කාලවකවානුව වන විට ඇතිවන පිටේ වේදනා නිසා රැකියාවට යෑමේ දින ගණන මෙන්ම මිනිස් ශ්‍රමයද අඩුවී එය රටේ ආර්ථිකයටද බලපෑ හැකි බවයි ඔහු පවසන්නේ.
මේ වන විටත් ඇතැම් පාසල් දරුවන් පිටේ වේදනාවලට ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍යවරුන් කරා ඒම වැඩිවී ඇති බවද සඳහන්ය.
මෙම තත්ත්වය සමනය කිරීම සඳහා අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය මෙන්ම නව නීතිරීති ගෙන ඒමට කටයුතු කිරීමෙන් පාසල් සිසුන් මෙයින් ගලවාගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ මීට පෙරද සිටි අධ්‍යාපන ඇමැතිවරුන් ප්‍රතිපත්තියකින් යුතු පොත් බෑගයක් හඳුන්වා දීමට ක්‍රියාමාර්ග ගෙන තිබුණද ඒවා ලත් තැනම ලොප් වී ඇති බවයි.
ප්‍රේමලාල් විජේරත්න









