• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හඳුන්නෙත්ති බීලා ගිහින් හයිවේ එකේදී හප්ප ගත්තාද? I Sri Lanka Latest News

March 1, 2024
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

NEWS 1st එහෙම පුවතක් පළ කළාද? මෙන්න කතාවේ ඇත්ත…

සත්‍ය සිදුවීම්වලටද අසත්‍ය තොරතුරු ඇතුළත් කරමින්, නොමඟ යවනසුලු පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වීම මේ වන විට බහුලව සිදුවේ.(Sri Lanka Latest News) එවැනි ව්‍යාජ අර්ථකථනයක් සමගින්, ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉලක්ක කරගනිමින් ව්‍යාජ පුවතක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එහි සත්‍යාසත්‍යතාව පිළිබඳ Factcrescendo වෙබ් අඩවිය සිදුකළ විමසා බැලීමකි මේ.

‘දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම අසල සුනිල් හඳුන්නෙත්ති රිය අනතුරක. බීමත්ව සිටි බවට තොරතුරු’ යනුවෙන් සඳහන් කරමින් News 1st නිල ෆේස්බුක් පිටුවේ පුවතක් පළකර ඇති බවට දක්වමින් ෆේස්බුක් සටහනක් සංසරණය විය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම අසල ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා රිය අනතුරකට ලක්වී ඇති බවට මේ ආකාරයේ පුවතක් පෙබරවාරි 20 වැනි දින සිරස News 1st නිල ෆේස්බුක් පිටුවේ පළකර තිබුණාද යන්න අප ප්‍රථමයෙන් පරීක්ෂා කළා. නමුත් එවැනි පුවතක් එහි වාර්තා කර ඇති බවට දැකගන්නට නොලැබුණු අතර, එම පිටුවේ සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගන්නා ආකෘතියටද වඩා වෙනස් ආකෘතියක් ඉහත පුවත් සටහන් සඳහා යොදාගෙන ඇති බව නිරීක්ෂණය විය.

අධිවේගී මාර්ගයේ පොලිස් මූලස්ථානය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම අසල 20 වැනි දින අනතුරක් සිදුවූවාද යන්න පිළිබඳ විමර්ශනය කිරීමට අප අධිවේගී මාර්ගයේ ගැටලු පිළිබඳ දැනුම් දීමට ඇති සේවා අංකය වන 1969 අංකයට දුරකතන ඇමතුමක් ලබාගත්තෙමු.

ඒ අනුව, අධිවේගී මාර්ගයේ පොලිස් මූලස්ථානය තහවුරු කළේ, බද්දේගම පිවිසුම අසල පසුගිය පෙබරවාරි 19 වැනි දින අනතුරක් සිදුවූ බවට දුරකතන ඇමතුමක් ලැබුණු බවත්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා රැගෙන ධාවනය වෙමින් තිබූ වාහනයක එම මාර්ගයේ සිටි මොනරෙකු බේරා ගැනීමට යෑමේදී එහි තිබූ ආරක්ෂිත වැටේ වැදී අනතුරක් සිදුවූ බවට ඉන් ප්‍රකාශ වූ බවයි.

ඉන් පසුව එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ අධිවේගී මාර්ග රථවාහන පාලන අංශය එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කොට අවශ්‍ය ක්‍රියාපටිපාටිය සිදුකළ බවත්, එම අවස්ථාවේ ධාවනය කරමින් තිබූ වාහනයේ රියැදුරු හෝ සුනිල් හඳුන්නෙත්ති මහතා බීමත්ව නොසිටි බවත්, පොලීසිය තහවුරු කරනු ලැබීය.

සුනිල් හඳුන්නෙත්ති

සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් මේ අනතුර පිළිබඳ අප කළ විමසීමේදී ඔහු පවසා සිටියේ, ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන කරුණු වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම අසල තමන් ගමන් ගත් වාහනය සුළු අනතුරකට ලක් වූ බව සත්‍ය නමුත්, එම අවස්ථාවේ තමන් හෝ වාහනයේ රියැදුරු හෝ බීමත්ව සිටි බවට දැක්වෙන තොරතුරු අසත්‍ය බවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තමන් රැගත් වාහනය ධාවනය වෙමින් තිබූ අතර, 73 කිලෝමීටර් කණුව අසලදී හදිසියේ මාර්ගයට පැමිණි මොනරකු බේරා ගැනීමට තම රියැදුරු ගත් උත්සාහයේදී රථය ආරක්ෂිත වැටේ වැදී මෙම අනතුර සිදුවූ බවත්, තමන් ඒ පිළිබඳ අධිවේගී මාර්ගයේ හදිසි ඇමතුම් අංකයට (1969) දැනුවත් කළ අතර, ඉන් පසුව පැමිණි අධිවේගී මාර්ග පොලිසිය පරීක්ෂාවන් සිදුකළ අතර, සිදුව තිබූ භානියට අදාළ ගෙවීම් සිදුකළ බවද, තමන් එම අවස්ථාවේ කුරුඳුගහ හන්දිය පොලීසිය වෙතද අදාළ කටයුතු සඳහා ගිය බවත්, එම පොලිසිය විසින් පරීක්ෂණ මෙහෙය වූ බවත් සඳහන් විය.

අවසාන නිගමනය

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ‘දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම අසල සුනිල් හඳුන්නෙත්ති රිය අනතුරක. බීමත්ව සිටි බවට තොරතුරු’ යනුවෙන් සිරස News 1st නිල ෆේස්බුක් පිටුවේ පළකර තිබුණු බවට පළවන පුවත නොමග යවන සුලු බවයි. එම ෆේස්බුක් පිටුවේ එවැනි පුවතක් පළකර නොතිබිණි.

නමුත් පසුගිය පෙබරවාරි 19 වැනිදා, දක්ෂිණ අධිවේගී මාර්ගයේ 73 කිලෝමීටර කණුව අසලදී අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී, සුනිල් හඳුන්නෙත්ති මහතා රැගෙන ධාවනය වෙමින් තිබූ වාහනය සුළු අනතුරකට ලක්වී තිබිණි. නමුත් එම වාහනයේ රියැදුරු හෝ සුනිල් හඳුන්නෙත්ති මහතා හෝ බීමත්ව නොසිටි බව, එම අනතුර පිළිබඳ පරීක්ෂණ සිදුකළ අධිවේගී මාර්ගයේ පොලිස් මූලස්ථානය තහවුරු කර ඇත.

factcrescendo වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

ලංකාවේ ලයිස්තුගත ලොකුම සමාගම ‘එක්ස්පෝ ලංකා’ කොළඹ කොටස් වෙළෙඳපොළෙන් අයින් වෙන්න තීන්දු කරයි! ජපානයෙන් තීන්දුව ඇවිත්! I Sri Lanka Latest News

Next Post

අනුර ඩුමුක අමුල් අමුල්… හැමෝම කතා කරන මොකක්ද මේ අමුල්? I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.