අද පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීමේදී පාලක පොහොට්ටුව ප්‍රමුඛ එජාප සන්ධානය පරාජයට පත්විය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි ඇල්පිටිය ප්‍රාදේශ සභාවේ අය වැය ඡන්ද විමසීම මින් පෙරද තෙවතාවක් පරාජය වීම හේතුවෙන් හිටපු සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා හට ඉල්ලා අස්වීමට සිදුවිය. ඉන් ඉක්බිතිව පත්වූ නලීන් ප්‍රියදර්ශන සභාපතිවරයා විසින් ඉඳිරිපත් කල අයවැය සඳහා අද ඡන්ද විමසීම පැවතුණි.Sri Lanka Latest News
මෙහිදී ආණ්ඩුවට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ අතර අයවැයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 12 කි. මෙහි විශේෂත්වය නම් ජාතික ජන බලවේගයේ K.A.D උදය ප්‍රියන්ත මන්ත්‍රීවරයාද පොහොට්ටුව ඉඳිරිපත් කළ අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමය.
එසේ වුවද, සමගි ජන බලවේගයේ නායකත්වයෙන් මෙහෙයවුණු ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ අයවැය ඡන්ද සටනට පෙදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක්ද සහාය දුන් අතර විපක්ෂය ලැබූ මුලු ඡන්ද සංඛ්‍යාව 14 කි. නොපැමිණි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 3 කි. ඒ අනූව ජතික ජන බලවේගයේද සහාය ලැබුනු අලි-පොහොට්ටු අය වැය වැඩි ජන්ද 2 කින් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම ජයග්‍රහණය කරන ලදී.









