ශ්‍රී ලංකා ගුවන් සංගමේ මතුව තිබෙන ප්‍රශ්නසහගත කාරණා සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා එම පාලනාධිකාරියද සමඟ වෘත්තීය සමිතිද ඊයේ (27) අමාත්‍යාංශයට කැඳවා තිබුණි. (Sri Lanka Latest News)
විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම හමුව මාධ්‍යයට ද විවෘත අකර තිබුණු අතර ඔහු මාධ්‍ය හමුව පුරා වෘත්තීය සමිති ප්රමුඛ ගුවන් සමාගමේ පාලනාධිකාරිය වෙත දොස් පවරමින් චෝදනාත්මකව කතා කරන අයුරු දක්නට ලැබුණි.
මේ අතර ගුවන් යානයකට ඇතුළු වූ මීයෙකු නිසා ගුවන් ගමන ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඇමතිවරයා සිදුකළ ප්‍රශ්න කිරීමේදී හා අදහස් දැක්වීමේදී උණුසුම් තත්ත්වයක්ද හට ගැනුණි.
කෙසේවෙතත් අවසානයේ ඇමතිවරයා අවධාරණය කළේ තවදුරටත් ශ්‍රී ලංකා ගුවන් සමාගම රජයේ ආයතනක ලෙස පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති අතර ඊට පෞද්ගලික අංශය මැදිහත්කර ගත යුතු වන බවයි.
lankanewsweb










