• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වසර 36කට කලින් ඔළුව කුඩුවෙන්න වෙඩි තියලා විජය මැරුවේ ඇයි? I Sri Lanka Latest News

February 18, 2024
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පළාත් සභා ඡන්දෙට ඉල්ලන්න එපා කිවුවා… ශ්‍රීලනිපය ජවිපට බයේ ඉල්ලුවේ නෑ… ඒත් අයියා මුළු ලංකාවටම අපේක්ෂකයෝ දැම්මා… ජවිපෙන් අයියව මැරුවේ ඒ නිසා වෙන්න ඇති… විජයගේ සහෝදරිය රූපා හඬා වැටෙමින් කියයි…

ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹුණු කලාකරුවන්, කලාකාරියන් බොහොමයක් පිළිබඳ අප අසා ඇත්තෙමු. ඔවුන්ගෙන් ඇතැමෙක් තවමත් අප අතර සිටින නමුත්, බොහෝ දෙනා මේ වන විට මෙලොව හැර ගොසිණි.(Sri Lanka Latest News) ඒ අතරින් මීට දශක කිහිපයකට පෙර සිනමා රසිකයන්ගේ අසීමිත ආදරයට ඉහළින්ම පාත්‍ර වූ සහ ඒ අසීමිත ආදරය අදට ද ඒ අයුරින්ම ලබන විශිෂ්ට රංගන ශිල්පියකු, ගායකයකු, සහ දේශපාලනඥයකු අප රටේ එතෙක් මෙතෙක් බිහිව සිටියා නම් ඒ, විජය කුමාරතුංගයන් පමණක්මය. සිනමා රංගනයේදී දැක්වූ ප්‍රතිභාව හේතුවෙන් සරසවි ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලැබූ විජය කුමාරතුංගයන් දිවි රඟ මඬලෙන් සමුගෙන ගොස් පසුගිය 16 වැනිදාට වසර 36ක් සපිරිණි.

1988 පෙබරවාරි 16 වැනිදා පොල්හේන්ගොඩ තලකොටුව ප්‍රදේශයේදී රුදුරු තුවක්කුකරුවකුගේ වෙඩිපහරට ලක්ව ඝාතනයට ලක්වූ මේ මානව හිතවාදී රංගධරයා පිළිබඳ ඔහුගේ සොහොයුරිය වන රූපා කුමාරතුංග මහත්මිය සමග Asanga Live යූටියුබ් නාලිකාව සිදුකළ සුවිශේෂ සාකච්ඡාවකි මේ.

අපේ රටේ ඉතිහාසයේ රංගන ශිල්පියකුට ජනතාව මේ තරම් ආදරය කරනවා අපි කවදාවත් දැකලා නෑ. විජයගේ ළඟම සහෝදරිය විදියට විජයට මිනිස්සු මේ තරම් ආදරය කරන්න බලපෑ සැඟවිච්ච හේතුව විදියට ඔබ දකින්නේ මොකක්ද?

මම හිතන්නේ රඟපෑමවත්, දේශපාලනයත් නෙවෙයි ඒකට හේතුව. මල්ලි තුළ තිබිච්ච මනුස්සකම තමයි මිනිස්සුන්ට මතක තියෙන්නේ. මල්ලි ගැන මතක් වෙද්දී දුකයි. එක වෙලාවකට මට හිතෙනවා මිනිස්සු හැමෝම එයාව අමතක කරනවා නම් අපට ජීවත් වෙන්න ලේසියි කියලා. මල්ලි නැති වුණු 1988 ඉඳලා හැම අවුරුද්දකම මම හිතනවා මේ අවුරුද්දේ පෙබරවාරි මාසයක් නැත්නම් හොඳයි කියලා. මොකද, ඒ කාලෙට ටීවී එක දැම්මත්, රේඩියෝ එක දැම්මත් ඇහෙන්නේ විජය වෙනුවෙන් පවත්වන උපහාර උත්සව ගැන. විජය තරම් ගරු නම්බු දීලා සිහිපත් කරන තවත් කලාකාරයෙක්වත්, දේශපාලකයෙක්වත් ලංකාවේ නැහැ. ඒක මහ පුදුම දෙයක්.

විජය ඝාතනය කරලා අවුරුදු 36ක් ගතවෙලා තියෙනවා. ඇත්තටම විජය වෙනුවෙන් සාධාරණයක් ඉටුවුණේ නැද්ද කියන කාරණාව ඔහුට ආදරය කරන හැම කෙනෙක් තුළම තියෙනවා. ඔහුගේ බිරිය මේ රටේ දෙවරක් ජනාධිපති ධුරය පවා දැරුවා. ඇත්තටම විජය කියන්නේ එහෙම වෙන්න ඕනේ කෙනෙක්ද?

මමත් වෙලාවකට හිතනවා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය රටේ දෙවරක් ප්‍රධාන පුරවැසියා විදියට ඉඳගෙන ඇගේ ස්වාමිපුරුෂයාව මහ පාරේ මරලා දැම්මේ කවුද කියන එක හොයාගන්න බැරි වුණා කියලා කියනවා නම් ඒක මිථ්‍යාවක්. ඒක හොයාගත්තා නම් එතුමියට දිගටම දේශපාලනය කරන්න බැරිවෙන්නත් හේතු තියෙනවා. ඒ නිසා එතුමිය එහෙම නොකළාට මගේ හිතේ කිසිම අමනාපයක් හිත් තැවුලක් නෑ.

නමුත් විජයගේ ඝාතනය ගැන විවිධ අවස්ථාවල පරීක්ෂණ පවත්වනවා, ඒ පරීක්ෂණ කටයුතු විදේශ රටවලට භාරදෙනවා වගේ කතා කියමින් අවුරුදු තිස් ගණනක් ගතවෙලා ගියා නේද?

ඔව්. අන්තිමට මැගසින් එකක් පිටවුණා. දයාන් ජයතිලක මටත් ඒකෙන් පිටපතක් එවලා තිබුණා. නමුත් ඒක කියවගෙන යනකොට ඒකෙන් ප්‍රයෝජනයක් නෑ කියලා හිතුණා. මට මතකයි දවසක් ළමයි වගයක් අල්ලගෙන ඇවිල්ලා තිබුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඔසී අබේගුණසේකර මහත්තයා අඳුරන පොලිස් නිලධාරියෙක් ඔහුට එන්න කියලා තිබුණා ඒ අයව අඳුනනවද කියලා බලන්න. මෙයා තමයි මිනීමරුවා කියලා. ඔසී මහත්තයා මටත් කතා කළා බලන්න යමු කියලා. නමුත් මට මිනීමරුවව බලන්න හිතුණෙම නෑ. මොකද මිනීමරුවා ඇල්ලුවා කියලා මල්ලි ආයෙ එන්නේ නෑනේ.

අවුරුදු ගණනාවකට උඩදී, මල්ලි කසාද බඳින්නත් කලින් දවසක සීදූවේ අපේ ගමේ පොඩි බහින්බස් වීමක් වුණා. ඒකත් දේශපාලනය නිසාම වෙච්ච දෙයක් තමයි. මීගමුවේ පොලිසියෙන් ඒකට සම්බන්ධ වෙච්ච ළමයින්ව අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ පොලිසියෙන් අපේ ගෙදරට ඇවිල්ලා මල්ලිට කිව්වා ඒ අයව බලන්න පොලිසියට එන්න කියලා. මල්ලි ඒ පොලිස් නිලධාරීන්ට කිව්වා, ‘උන්ගෙන් ඇහුවොත් විජය කුමාරතුංගට ගැහුවේ ඇයි කියලා, උන්ට දෙන්න අද උත්තරයක් නෑ’ කියලා. මට අර වෙලාවේ ඒකත් මතක් වුණා. විජයගේ මිනීමරුවාව දැක්කා කියලා අපේ හිතේ තියෙන දුක පොඩ්ඩක්වත් අඩුවෙන්නේ නෑනේ.

ඔබ විජයගේ අක්කා විදියට ඔහුට කිව්වේ නැද්ද ඔයා රඟපෑම විතරක් කරගෙන ඉන්න, දේශපාලන කරන්න එපා කියලා?

කිව්වා. එක වාරයක් නෙවෙයි, වාර ගණනාවක් කිව්වා. නමුත් ඒ වෙලාවට ඔහු කියන්නේ ‘පිස්සුද පුංචි අක්කේ, මට හැමදාමත් පුළුවන්ද ගස් වටේ දුව දුව සින්දු කියන්න. පවතින ක්‍රමය හරිගස්සන්න යමක් කරන්න ඕනේ’ කියලා. ඔහු හිතුවේ දේශපාලනයෙන් තමයි ඒ වෙනස කරන්න පුළුවන් කියලා. ඒක තමයි ඇත්ත. දේශපාලනයෙන් තමයි ඒක කරන්න පුළුවන්. නමුත් කවුරුවත් ඒක කරන්නේ නෑනේ.

ඔබ කියන්නේ මහා ජන රැල්ලකින් මතුවෙච්ච තිබුණු ජනතාවගේ බලාපොරොත්තුවද 1988 පෙබරවාරි 16 වැනිදා ඝාතනය වුණේ?

ඔව්. මල්ලිව මරන දවසේ බන්දුල පද්මකුමාර අපේ ගෙදර ඇවිල්ලා හිටියා පත්තරේක මුල් පිටුවට මල්ලිගේ පින්තූරයක් ගන්න. නමුත් ඒ පින්තූරේ ගන්න ලබුණේ නෑ. ඊට පස්සේ මල්ලි පොල්තෙල් පහනක් අතේ තියාගෙන ඉන්න චිත්‍රයක් මුල් පිටුවට දාලා එයා ඒ පත්තරේ පළකරලා තිබුණා.

වමේ ව්‍යාපාරය කියන්නේ දැවැන්ත සංවිධානයක්නේ. ඉතින් විජය කියන මේ පොඩි මිනිහා වටා ඒ වමේ නායකයෝ ඔක්කොම එකතු වුණා. මල්ලිගේ ප්‍රතිපත්ති හඳුනාගෙන ඒ නායකයෝ එකතු වෙලා පෙබරවාරි 21 වැනිදා පිහිටුවන්න හිටියේ ඒ සන්ධානය තමයි.

16 වැනිදා විජයට වෙඩි තියලා කියන ආරංචිය ලැබෙද්දී ඔබ කොහේද හිටියේ?

මට අද වගේ මතකයි, වික්ටෝරියා පාර්ක් එකේ එහා පැත්තේ බස් හෝල්ට් එක ළඟ මම හිටගෙන හිටියා අස්වාට්ටුවට ඇවිල්ලා ගෙදර එන්න. එතකොට මිනිස්සු එහාට මෙහාට දුවනවා දැක්කා ‘විජයට වෙඩි තියලා’ කියලා කෑගහමින්.

ඒ දවස්වල රටේ ලොකු භීෂණයක් තිබුණා. මල්ලිව මරනවා කියලා කිසිම හේතුවක් නැතුව තර්ජන ආවා. අපි දවස් 28ක් හිටියා ගෙදර ලයිට් එකක් නොදා. ඊට පස්සේ මාවත් දාගෙන කාර් එකේ යද්දී මල්ලි මගෙන් ඇහුවා ‘ඔයාට බය මට වෙඩි තියයි කියලනේ. බැරිවෙලා හරි දැන් යනකොට මට වෙඩි තිබ්බොත් ඔයා මොනවද කරන්නේ?’ කියලා. මම කිව්වා ‘මට වෙඩි වැදුණේ නැත්නම් මට කෑගහන්න හරි පුළුවන් නේ’ කියලා. ඒක මම හිතලා කියපු දෙයක් නෙවෙයි.

ඊට පස්සේ පොඩි දෙන්නව රොස්මිඩ් ප්ලේස් එකට දාලා අම්මාගේ ගෙදරට ආවා. අම්මා වියන් ඇඳේ වාඩිවෙලා කම්මුලට අත තියාගෙන තමයි හිටියේ. මම හිටියේ ඇඳ ළඟ හිටගෙන. මල්ලිව දැක්කාම අම්මා අඬන්න පටන්ගත්තා. ‘උඹ හැම තැනම යනවා. උඹව මරනවා කියලා මට තුණ්ඩු එවනවා’ කියලා අම්මා කිව්වා. ඊට පස්සේ මල්ලි ඇඳේ පැත්තකින් ඉඳගත්තා. මල්ලි අම්මට කිව්වා, ‘දැන් ඔය අම්මා අඬන්නේ අම්මගේ පුතාව කවුරු හරි මරයි කියලනේ. එතකොට අම්මා දන්නවද මේ රටේ සමහර අම්මලා ඉන්නවා තමන්ගේ දරුවා මැරුවා කියලා දන්නවා මිසක්, මරපු තැනක්වත් දන්නේ නෑ’ කියලා. ඒ කතාවට අම්මට තරහා ගියා. අම්මා කිව්වා ‘එහෙනම් උඹ ඒ අම්මලා සනසලා වරෙන්කෝ මම මෙතන මැරෙනකන්’ කියලා. ඒක තමයි ඒ දෙන්නගේ අවසාන කතාබහ.

එදා රෑම (පෙබරවාරි 14) මල්ලි අම්මාව බලලා යන්න ආපහු ගෙදර ඇවිල්ලා තියෙනවා. එතකොට අම්මා නිදාගෙන ඉඳලා තියෙන්නේ. අම්මාව බලාගන්න හිටියා කරුණා කියලා ගෑනු කෙනෙක්. එයාගෙන් අම්මා පස්සේ අහලා තියෙනවා ‘මහත්තයා ආවද’ කියලා. කරුණා කියලා තියෙනවා ‘ඔව් ආවා. ඒ වෙලාවේ ලොකු නෝනා හොඳටම නිදි නිසා මහත්තයා මදුරු දැල ඈත් කරලා බලාගෙන ඉඳලා ගියා’ කියලා. මල්ලි අම්මගේ අතේ සල්ලි වගයකුත් තියලයි ගිහින් තියෙන්නේ. ඒක අම්මා මට පස්සේ තමයි කිව්වේ. සමහර විට මල්ලි එන්න ඇත්තේ අම්මට සල්ලි දීලා යන්න වෙන්න ඇති.

හැබැයි තුවාල ලැබූ විජයව රැගෙන එන්නේ හදිසි අනතුරු ඒකකයට?

ඔව්. නමුත් ඒ වෙද්දී මම ඒක දන්නේ නෑනේ. මට ඕනේ වුණේ ගෙදර යන්න. මම අම්මා ගැන තමයි කල්පනා කළේ. ඊට පස්සේ මම නාරාහේන්පිට හන්දියේ ඉඳලා දුවන්න ගත්තා. දුවගෙන යනකොට දිල්හානි අශෝකමාලාගේ අම්මා පාරේ ඉඳලා මට කිව්වා මෙහෙ නෙවෙයි අරෙහෙට යන්න. පොල්හේන්ගොඩදීයි වෙඩි තිබ්බේ කියලා. ඒ වෙද්දී මම දන්නේ මල්ලිට වෙඩි තියලා කියලා විතරයි. ඔහු මියගිහින් කියලා දන්නේ නෑ.

මම ඒ වෙලාවෙ හිතුවෙ අබ්බගාතයෙක් වෙලා හරි කමක් නෑ විජය ජීවත් වෙන්න ඕනෙ කියලයි. ඊට පස්සේ මම එතැනට යනකොට කිරුලපන පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා මාව අල්ලගත්තා. අල්ලගෙන කිව්වා, ‘අක්කා ඒ පැත්තට යන්න එපා. එතැන ලේ තියෙනවා’ කියලා. එතකොටත් මල්ලිව ගෙනිහින්. මට නම් හිතුණෙම නෑ මල්ලි මැරුණා කියලා. මගේ හිතට ඒත්තු ගන්වන්න මම උත්සාහ කළා අතට හරි කකුලකට හරි වෙඩි වැදිලා ඇති කියලා. රෝද පුටුවේ ඉඳලා හරි කමක් නෑ අපට ඕනෙ මල්ලි ජීවත් වෙනවා දකින්නයි. ඊට පස්සේ කාලෝ ෆොන්සේකගෙ නෝනා, මගෙ තාත්තගෙ නංගිගෙ දුව ඇවිල්ලා කිව්වා, ‘ඉතිං නංගෝ මොනවා කෙරුවත් අපට පණ දෙන්න බෑනේ’ කියලා. එතකොට තමයි මම දැනගත්තේ විජය මියගිහින් කියලා.

මට මෙහෙම හිතෙනවා. ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ ලොකු පක්ෂවලට පළාත් සභා වර්ජනය කරන්න කිව්වනේ. පළාත් සභාවට අපේක්ෂකයො දාන්න එපා කිව්වා. එතකොට ඒගොල්ලො ජනතා විමුක්ති පෙරමුණට බයේ හරි, නැත්නම් ඒගොල්ලොත් එක්ක සාකච්ඡාවකින් තීන්දු කරලා හරි අපේක්ෂකයො දැම්මේ නෑ. ඒත් මල්ලි සියලු ආසනවලට අපේක්ෂකයො දාන්න කටයුතු කළානේ. මල්ලිව මරන්න ඒකත් හේතුවක් වුණා කියලා මම හිතනවා. ඒ කියන්නේ දැනට හැමෝම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් විජයව මැරුවා කියලනේ. එතකොට අපි ඒ ඔස්සේ යනවා නම් ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවැත්තුවා. අනිත් පක්ෂත් මල්ලිගෙ පක්ෂයට එකතු වෙලා තමයි ඡන්දෙ ඉල්ලන්න ලෑස්ති වුණේ. එතකොට ඒගොල්ලො ඉල්ලුවේ නැත්නම් ඡන්දයක් තියන්න බෑනෙ.

විජයගේ අවමංගල්‍යය වෙලාවෙ ගහලා තිබුණු දැන්වීම් දැකලා විජයගෙ පුතා කියපු බොහොම සංවේදී කතාවක් තියෙනව නේද විජයගෙ ?

ඔව්. පුතා ඇහුවා දම්පාට, සුදුපාට කොඩි දාලා සරසලා තියෙන්නේ ඇයි කියලා. එතකොට කිව්වාම තාත්තට ආදරේ මිනිස්සු, තාත්තට තියෙන ආදරේ නිසා ඔය විදියට සරසලා තියෙනවා කියලා. ටිකක් වෙලා බලාගෙන ඉඳලා පුතා ඇහුවා, ‘තාත්තට මිනිස්සු ආදරේ නම්, ඇයි තාත්තව මැරුවේ?’ කියලා. ඒක ඒ ළමයගෙ හිතේ තාමත් ඇති. පුංචි දෙන්නා ඇහැටම දැක්කනෙ විජය මල්ලි වෙඩි වැදිලා වැටෙන හැටි. ඒ දවස්වල මිනිස්සු හරියට දොස් කිව්වා ළමයි දෙන්නට විජයගෙ මිනිය පෙන්නුවේ නෑ කියලා. නමුත් මම නම් අවංකවම සතුටු වෙනවා පෙන්නුවෙ නැති එක ගැන. මොකද ඒ පොඩි ළමයි තාත්තගෙ මළකඳ දැකලා මොනවා තේරුම් ගන්නද?

උපාලි කියලා රත්ගම පැත්තේ කෙනෙක්ව මල්ලි එක්කගෙන ඇවිත් හිටියා මාතර ගිහින් එනකොට. 21 වැනිදා තියෙන උත්සවයට බැනර් අඳින්න තමයි එයාව එක්කගෙන ඇවිත් හිටියේ. එයා කිව්වේ ‘වෙඩි තියද්දී විජය මහත්තයා ළමයි දෙන්නව පිටිපස්සට කරගත්තා’ කියලා. ඒ උපාලිටත් එතැනදී වෙඩි වැදුණා. එයත් දවස් දෙකකට පස්සේ මියගියා.

විජය ඝාතනය කරන්න සැලසුම් කරපු කෙනා අද වෙද්දී ජීවතුන් අතර ඉන්නත් පුළුවන්, නොඉන්නත් පුළුවන්. ඒ අයට ඔබට කියන්න තියෙන්නේ මොකක්ද?

ඇත්තටම කොකා ගැස්සුවේ ජනතා විමුක්ති පෙරමුණෙන් නම්, ඔවුන් අද වෙනතුරු දිනාගත්තු දෙයක් නෑ. ලබාගත්තු ජයග්‍රහණයක් නෑ. අවුරුදු තිස් ගණනක් තිස්සේ ඒගොල්ලො තවමත් උත්සාහ කරනවා. ඒක කවදාවත් සාර්ථක වෙන්නෙ නෑ. මේ ඝාතනයට වෙන වෙන අයගෙත් නම් සඳහන් වුණා. ඒගොල්ලො ගැනත් කියන්න තියෙන්නෙ එච්චරයි. ඒගොල්ලොත් දේශපාලනිකව යම් තැනක ඉන්නවා වෙන්න පුළුවන්. සල්ලිත් හම්බකරගෙන ඇති. නමුත් හිතේ සැකයෙන්නෙ ජීවත් වෙන්නේ. මම මෙහෙම අපරාධයක් කළානේ කියලා. ඒගොල්ලන්ට අපි අනුකම්පා කරන්න ඕනෙ. වෛර කරලා වැඩක් නෑනෙ.

සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

නින්දෙන් හුස්ම හිරවෙනවලු! සීනිලු! ප්‍රෙෂර්ලු! කෙහෙළිය හොර ලෙඩ අරන්ද කියලා හොයන්න අධිකරණයෙන් වෛද්‍යවරු හත්දෙනෙක්ගේ කමිටුවක් පත්කරයි! පෙබරවාරි 29ට පෙර වාර්තාව ඉදිරිපත් කරන්නත් කියයි!  I Sri Lanka Latest News

Next Post

ෆීල්ඩ් මාෂල් දැන් හැසිරෙන්නේ සෝල්ජර් කෙනෙක් වගේ! එදා ඉඳන්ම එතුමා හැදුවේ ‌වෙනම ගමනක් යන්න! පක්ෂය හදපු සියලු සැලසුම් කඩාකප්පල් කළා! අපි ගොඩනගනවා! එතුමා ඒ කලයට පයින් ගහනවා! අපි හදනවා.. එතුමා කඩනවා! තමන්ට උදව් කරපු අයට ආපහු පෙරළා දෂ්ඨ කිරීමේ සංසාරගත පුරුද්දක් එතුමාට තියෙනවා! එතුමට අත දුන්නු හැමෝම අද එතුමත් එක්ක ජන්මාන්තර වෛරයි! ‌සභාපතිකම තියාගන්න උසාවි යන්න හදනවා කියන ෆොන්සේකාට එරෙහිව තුෂාර ඉඳුනිලුත් එළියට බහී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.