• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනාවේ වාසිය කාටද? (උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)

April 12, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
කොරෝනාවේ වාසිය කාටද? (උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දු‌ගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2004 සුනාමිය ආපු වෙලාවේ යූ.ඇන්.පී.ය හිතුවේ යූ.ඇන්.පී.ය ගොඩ කියලාය. සුනාමියෙන් 2005 ජනාධිපතිවරණය ගොඩදාගන්න යූ.ඇන්.පී.ය රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ආසියානු සහ අප්‍රිකානු රටවල විපක්ෂයේ පක්ෂවලට ඡන්ද දිනන්න උපදෙස් දෙන ජර්මනියේ මහාචාර්යවරයෙක් වූ ෂ්‍රෝඩර්ව ගෙන ආවේය. ඔහු යූ.ඇන්.පී. මන්ත්‍රිවරුන්ට වැඩමුළුවක් තිබ්බේය. ජනාධිපතිවරණය දිනන්න යූ.ඇන්.පී.යට තියෙන ලොකුම වාසිය කුමක්දැයි මහාචාර්යවරයා ඇසුවේය. යූ.ඇන්.පී. මන්ත්‍රිවරු එක හඬින් කීවේ සුනාමිය කියලාය.
“ඔබ එහෙම හිතනවා නම් මම කියනවා ඔබ මේ ජනාධිපතිවරණය පරදින්නයි යන්නේ”
මහාචාර්යවරයා එහෙම කියද්දී යූ.ඇන්.පී. මන්ත්‍රිවරුන්ගේ ඇස් උඩ ගියේය.
“මේ සුද්දන්ට අපේ රටවල දේශපාලනය තේරෙන්නේ නැහැ”
මන්ත්‍රිවරු එකිනෙකා මුමුණන්න පටන් ගත්හ.
“මම කියන්නද ඇයි සුනාමියෙන් ඔබලාට ඡන්ද දිනන්න බැරි කියල. ලෝකයේ කොයි රටක වුණත් ස්වාභාවික විපතක් වුණාම මිනිස්සු පක්ෂ වෙන්නේ ආණ්ඩුවට. විපතට බය වෙන මිනිස්සු ආණ්ඩුව දුර්වල කරන්න කැමැති නැහැ. සුනාමියෙන් විපතට පත්වූවන්ට කවුද ගෙවල් හදලා දෙන්නේ? සල්ලි දෙන්නේ? ආණ්ඩුව. විපක්ෂයට ඒක කරන්න බැහැ. මම ඔට්ටු අල්ලනවා සුනාමියට අහුවුණ දිස්ත්‍රික්ක දිනන්න නම් ආණ්ඩුව එපා කරවන අලුත් දෙයක් සොයාගන්න වෙනවා…”
ඔහු කිව්වා හරියටම හරිය. සුනාමියෙන් බැටකාපු හම්බන්තොට, ගාල්ල, මාතර දින්නේ ආණ්ඩුවේ අපේක්ෂකයා වූ මහින්දය. මහින්ද 50% ගත්තේ දකුණේය. යූ.ඇන්.පී.ය සුනාමියෙන් දකුණේ ඡන්ද දිනන්න ගත්ත උත්සාහය වතුරේ ගියේය. ජර්මනියේ මහාචාර්යවරයා කීවේ විපතකදී යුරෝපයේ පවා ආණ්ඩු ශක්තිමත් වන බවය. තුන්වැනි ලොව රටවල ශක්තිමත් වීම තවත් වැඩි වන බවය.
“කොරෝනාවටත් ඒක අදාළද…?”
ඒක නම් හරියටම කියන්න බැරිය. පසුගියදාක ප්‍රයිවට් කොම්පැනියක බොස්ට ඔහුගේ සේවකයෙක් එවපු වට්ස්ඇප් පණිවුඩයක මෙසේ සටහන්ව තිබිණි.
“සර් මම දැන් කෝල් එකක් ගත්තා. අපේ ඔෆිස් එක ගාව ත්‍රීවීල් දුවන කෙනාට. මිනිහා ලොකු දුවගේ මාලේ උකස් තියල ගෙදරට බඩු අරන් තියෙන්නේ. මාර අමාරුවෙන් මේ දවස්වල ඉන්නේ. ආණ්ඩුවට බනින්නේ නැහැ. හැබැයි කලකිරීමෙන් ඉන්නේ කියල කතා කරන විදිහෙන් තේරෙනවා…”
මේ ඔහුගේ වට්ස්ඇප් පණිවුඩයය. මේ කතාව හරිය. මහින්දවාදීන් ආණ්ඩුවට හොඳ කියයි. විපක්ෂවාදීන් ආණ්ඩුවට බනියි. මේ දෙකටම නැති අය මුකුත් නොකියයි. හැබැයි 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභයට දිනන්න ඡන්දය දුන් ලක්ෂ 11ත් අයත් වන්නේ මුකුත් නොකියන කොටසටය. මේ කොටස ඉන්නේ කලකිරිලාය.
“මේ කලකිරීම වෛරයක් බවට පත්කරන්න විපක්ෂයට පුළුවන්ද?”
ආණ්ඩුව හදන්නේ ඊට කලින් ඡන්දය තියාගන්නය.
“පුළුවන් වෙයිද…?”
ආණ්ඩුව ඩොලරය 200ට යද්දී ආර්ථිකය බින්දුවට යද්දී ආර්ථිකය ඍණ වේ යැයි මහ බැංකු අධිපති අනාවැකි පළ කරද්දී චන්ද්‍රිකාගේ කාලේ ආර්ථකය ඍණ ගිහින් වැටුණ වැටිල්ල මතක් වෙද්දී බය නැතුව රටම වහගෙන ඉන්නේ ඡන්දයට යන්නටය. ආණ්ඩුවේ අභියෝගය එක කොරෝනා රෝගියෙක්වත් නැතුව ඡන්දයට යන්නය. කොරෝනා රෝගියෙක් අහුවුණාම ආණ්ඩුවට කඬේ යන මාධ්‍යවලට තදවෙලා කොරෝනා රෝගියා සහ පවුල ජාතික අපරාධකාරයන් කරන්නේ ආණ්ඩුවේ ඡන්ද කාලසටහන වෙනස් වෙයි කියන බයටය. මේ දවස්වල තරගයට ප්‍රධාන පෙළේ කොම්පැනි සේවකයන්ගේ වැටුප් කපා දමයි. ඔවුන්ට එසේ කරන්න සිදුවී ඇත්තේ රටක් වහ ගත්තාම කොම්පැනි වැඩ කරන්නේ නැති නිසාය. බංග්ලාදේශයේ නම් එරට අගමැතිනිය ව්‍යාපාරික ප්‍රජාවට සහන පැකේජයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඇමෙරිකානු බිලියන 8.6ක් වූ සහන පැකේජයෙන් කොටසක් එරට පෞද්ගලික සමාගම්වල සේවකයන්ට වැටුප් ගෙවීම සඳහාය. ආණ්ඩුව එය දෙන්නේ ණයක් ලෙසය. මාස 6ක සහන කාලයකට යටත්ව වසර දෙකක් තුළ ණය ගෙවිය යුතුවේ. ලංකාවේ ආණ්ඩුව නම් සහන පැකේජ දෙනවා තියා ව්‍යාපාරික ප්‍රජාව හමුවෙන්නත් බවය. හේතුව ඔවුන් අසන ප්‍රශ්නවලට ආණ්ඩුවට උත්තර නැති නිසාය. ආණ්ඩුව හදන්නේ ඔවුන් ප්‍රශ්න අහන්න පෙර ඡන්දයට යන්නය. සේවකයන් අඩු කිරීම සේවකයන්ගේ වැටුප් දීමනා කැපීම් සේවකයන්ට සහ පවුලේ අයට දැනෙන්න කලින් ඡන්දයට යන්නටය. එහෙම බලනකොට ආණ්ඩුවේ උපක්‍රමය හරිය. කොරෝනා තුරන් කොට ඒ චූන් එකේ මිනිස්සු සිටියදී ආණ්ඩුව ඡන්දයට ගියොත් ආණ්ඩුව ගොඩය. හැබැයි ඡන්දය කල් ගියොත් ආණ්ඩුවට සොරිය.
මේක විපක්ෂයද දනී. මේ දවස්වල විපක්ෂයේ ගැලවුම්කාරයා මැතිවරණ කොමසාරිස්ය. ඔවුන් බලාගෙන ඉන්නේ මැතිවරණ කොමසාරිස් ඡන්දය තියන්න බැහැ කියන තෙක්ය.
“ඡන්ද පත්‍රිකා බෙදන්නේ කවුද?”
“ඡන්ද නිලධාරීන් ඡන්ද වැඩ කරන්න එයිද?”
“ඡන්දෙ අස්සේ කොරෝනා රෝගීන් මතුවුණොත් මොකක් වෙයිද?”
“මුහුණු වහගෙන කොහොමද හැඳුනුම්පත් පරීක්ෂා කරන්නේ?”
“තීන්ත ඇඟිල්ලේ ගාන්නේ කවුද?”
“එක පැන්සල හැමෝම අල්ලයිද?”
මේ වගේ දහසක් ප්‍රශ්න මැතිවරණ කොමිසමට අහන්න පුළුවන්. මැතිවරණය සම්බන්ධ සාකච්ඡා කරන්න 500ක් මැතිවරණ කොමිසම් කාර්යාලයට එකතු කරන්න පෙර මැතිවරණ කොමසාරිස් සෞඛ්‍ය බලධාරීන්ගෙන් උපදෙස් ගත්තේය. ඔවුන් කීවේ 500ක් එක්රැස් කිරීම අනතුරුදායක යැයි කියාය.
“මැතිවරණ කොමසාරිස් තදින් හිටියද?”
මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් පසුගියදා ලිපියකින් හෙළිදරව් කළේ මැතිවරණ කොමසාරිස් කොරෝනා වෛරසය පැතිර යද්දී මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කළේ ජනාධිපතිවරයා සමඟ ගැටීමට බය නිසා කියාය.
“මාර්තු 16 මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැමිණ කීවේ දැනටමත් කොරෝනා හේතුකොට ආණ්ඩුව නිවාඩු ප්‍රකාශ කර ඇති නිසා ඡන්දය කල් දමන ලෙසට ආණ්ඩුවට දැනුම් දෙන්න කියාය. මෙම රැස්වීමට මැතිවරණ රාජකාරි කරන අය නොපැමිණියේ ආණ්ඩුව නිවාඩු දී තිබූ නිසාය. ඡන්දය කල් දමන ලෙසට ආණ්ඩුවට දැනුම් දෙන යෝජනාවට මමත් කොමිසමේ අනෙක් සාමාජික නලින් අබේසේකරත් එකඟතාව පළ කළත් සභාපති මහින්ද දේශප්‍රිය කීවේ මේ වේලාවේ ඡන්දය කල් දැම්මොත් මිනිස්සු බය වෙයි කියාය”
මේ හූල්ගේ ලිපියෙන් උපුටා ගත් කොටසකි. මේ ලිපිය කියවන විට මහින්ද දේශප්‍රිය ඡන්දය කල් දමන්න තීරණය කරයි කියා සිතිය නොහැකිය. ඔහු නාමයෝජනා භාර ගත්තෙත් කොරෝනා වෛරසය පැතිර යන්න පටන් ගත් වෙලාවකය.
“මැතිවරණ කොමිසම තියෙන්නේ මැතිවරණ තියන්න. කල් දමන්න නෙමේ”
ඔහු කියනු ඇත.
“හැබැයි ඇඳිරි නීතිය මැද කොරෝනා බෝ වීමෙන් බේරෙන්න මුහුණ කට බැඳගෙන ගෙදරට වෙලා කොත්තමල්ලි බොන මැතිවරණ නිලධාරීන් මොනවා කියයිද?”
ඔවුන්ව ගෙන්වා ගන්න නම් ආණ්ඩුව කොරෝනාව තුරන් කළ යුතුමය. ගෝඨාභය පාර්ලිමේන්තුවේ 225ම ගෙවල්වල තියල තමන්ට හුරු පුරුදු හමුදාව එක්ක ගේම ගහන්නේ ඒකටය. අහිංසක යූ.ඇන්.පී.කාරයන් දහදුක් විඳල හදල දෙන ආණ්ඩුව රැකගන්න ඇඟපත තළා නොගෙන ආණ්ඩුව භාර දීලා අත වන වනා හිනා වෙවී ගෙදර යන්න පුරුදු වෙලා ඉන්න යූ.ඇන්.පී.ය වගේ රාජපක්ෂවරු ආණ්ඩු දීලා ගෙදර යයි කියල හිතනවා නම් මඤ්ඤංය.

උපුල් ‌‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පාසල් නිවාඩුව තව සති 3කින් දික් ‌වෙයි

Next Post

කොරෝනා මැද දකුණු ‌කොරියාව මහජන්දය තියයි (PHOTOS)

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.